වත්මන් දේශපාලනික අස්ථාවරත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා සදහා බාධාවක් වියහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිං...
වත්මන් දේශපාලනික අස්ථාවරත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා සදහා බාධාවක් වියහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මේ හේතුවෙන් සාකච්ඡාවල මෙතෙක් ලබා ඇති ප්‍රගතිය ද අඩාල කළ හැකි බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රොයිටර් පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන ණය පහසුකම් ලබාගැනීමේ සාකච්ඡාවල ප්‍රගතිය හා එකඟතාවයන් ළගාකර ගැනීමට වර්තමාන දේශපාලන අස්ථාවරත්වය යටතේ කල්ගතවනු ඇති බව හෙතෙම පෙන්වා දී තිබේ.
මූල්‍ය කටයුතු ඉන්ධන, ගෑස්, අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය වළක්වා ගැනීම සදහා හැකි ඉක්මනින් දේශපාලන ස්ථාවරත්වය ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය බව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරයි.
ඉන්දියානු සංචිත බැංකුව ඩොලර් බිලියනයක් හුවමාරුකර ගැනීමට සාකච්ඡා පැවැත්වෙන බව ද ඔහු මෙහිදී සදහන් කළේය.
එමෙන්ම ඉන්ධන ආනයනය සදහා තවත් ඩොලර් මිලියන 500 ක ණය සහනයක් සදහා සාකච්ඡා පැවැත්වෙන බව ද අධිපතිවරයා කීය.

COMMENTS