දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හෙට විරෝධතාවට ගල් කැටයක්වත් ගේන්න එපා.... එක ප්‍රචණ්ඩ ක්‍රියාවක සම්පූර්ණ වාසිය ආණ්ඩුවට – අනුර කුමාර
Homeප්‍රවෘත්ති

හෙට විරෝධතාවට ගල් කැටයක්වත් ගේන්න එපා.... එක ප්‍රචණ්ඩ ක්‍රියාවක සම්පූර්ණ වාසිය ආණ්ඩුවට – අනුර කුමාර

PropellerAds

ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට වහාම ඉල්ලා අස්වන ලෙස බල කරමින්  හෙට (09) පවත්වන විරෝධතා ව්‍යාපාරයට ජනතා විමුක්ත...

ජනාධිපතිවරණයට සහාය ඉල්ලා සජිත් පිල ජවිපෙ සමග සාකච්චා..
ශ්‍රී ලංකාවේ සන්නිවේදන පද්ධතියම අවුල් කරන උපකරණ ඕලුවිල් සරසවියට…
විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න කරූ ජනපති සටනට?
ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට වහාම ඉල්ලා අස්වන ලෙස බල කරමින්  හෙට (09) පවත්වන විරෝධතා ව්‍යාපාරයට ජනතා විමුක්ති පෙරමුණේ  පූර්ණ සහයෝගය දැක්වීමට තිරණය කර තිබේ.

එම විරෝධතා ව්‍යාපාරයට එක්වන කිසිදු පුද්ගලයෙක්  ගල් කැටයක්වත් රැගෙන නොඑන ලෙස අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඉල්ලීමක් කරයි.

විරෝධතාවයට එක්වන අය අතරින් එක් අයෙක් හෝ ගල් කැටයකින් පහරදීමක්වත්  කළහොත් එහි සම්පූර්ණ වාසිය ආණ්ඩුවට ලැබෙන බව ඔහු ප්‍රකාශ කරයි.

ජනතා විමුක්ති පෙරමුණ හා ගෝල්ෆේස්  අරගලකරුවන් අතර ඊයේ (07)  සාකච්ඡාවකින් පසු  මේ බව පැවසූ අනුර කුමාර දිසානායක විරෝධතාවයට එක්වන සියලු දෙනා සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සිට විරෝධතාවය දැක්විය යුතු බව අවධාරණය කළේය.

විරෝධතාකරුවන්  ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනු දැකීම ආණ්ඩුවේ මෙන්ම ආණ්ඩුවට සම්බන්ධ අයගේ බලාපොරෝත්තුව බවත්, ඔවුන්ගේ ඒ බලාපොරොත්තුව ඉටු කිරීම වෙනුවෙන් කිසිවෙක් කටයුතු නොකළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

විරෝධතා ව්‍යාපාරය සංවිධානය කරන සියලු දෙනාගේම වගකීම විය යුත්තේ එදින සාමකාමී විරෝධතාවයක් පැවැත්වීම වන අතර සහභාගීවන කිසිදු පුද්ගලයෙක් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට යොමු නොකිරීම සියලු සංවිධායකයින්ගේ  වගකීම බව ඔහු කියයි

ගෝල්ෆේස් අරගලයේ  සාමාජිකයන් හා විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවක්  ද   කොළඹ දී පවත්වා තිබිණි.  එහිදී  අරගලයට සහයෝගය ලබා දෙන්නට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක එකඟතාවය පල කර තිබේ.

මේ අතර  ගෝල්ෆේස් විරෝධතා කරුවන් සහ පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් ද   පැවැත්වේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හෙට විරෝධතාවට ගල් කැටයක්වත් ගේන්න එපා.... එක ප්‍රචණ්ඩ ක්‍රියාවක සම්පූර්ණ වාසිය ආණ්ඩුවට – අනුර කුමාර
හෙට විරෝධතාවට ගල් කැටයක්වත් ගේන්න එපා.... එක ප්‍රචණ්ඩ ක්‍රියාවක සම්පූර්ණ වාසිය ආණ්ඩුවට – අනුර කුමාර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg6iqWlhCER78TFljdAxnGC9T3wCg9R_v9Fy1N-D3Xi3biL1p2CnipnLyUX5JSqRdQPxRl4aa8OyXTiB4PrXxW6XOuh7d4Pe5Pw80ZtS5gR2XGoVZprX6jWSpXctLmgnIkAKsWnkxOXEudYz5nBNtDQpvMOD9MUK4AXrGpX3PGNNBAyW1Mm306rYMQyfQ/w320-h211/anura-kumara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg6iqWlhCER78TFljdAxnGC9T3wCg9R_v9Fy1N-D3Xi3biL1p2CnipnLyUX5JSqRdQPxRl4aa8OyXTiB4PrXxW6XOuh7d4Pe5Pw80ZtS5gR2XGoVZprX6jWSpXctLmgnIkAKsWnkxOXEudYz5nBNtDQpvMOD9MUK4AXrGpX3PGNNBAyW1Mm306rYMQyfQ/s72-w320-c-h211/anura-kumara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_68.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_68.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy