මහනුවර කුරුණෑගල මාර්ගයේ අලදෙණිය හා හෑදෙනිය ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල් දෙකකින් ඉන්ධන ලබා ගැනීමට විශාල පිරිසක් පෝලිම්වල දිවා රෑ රැඳී ...
මහනුවර කුරුණෑගල මාර්ගයේ අලදෙණිය හා හෑදෙනිය ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල් දෙකකින් ඉන්ධන ලබා ගැනීමට විශාල පිරිසක් පෝලිම්වල දිවා රෑ රැඳී සිටියදී එම ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ වාහන වලට පෝලිමකින් තොරව හා සීමාවකින් තොරව ඉන්ධන ලබා ගන්නා බවද ජනතාව චෝදනා කරති.
එම දේශපාලනඥයාට මගී ප්‍රවාහන බස්රථ විශාල ප්‍රමාණයක් ඇති බවත් ඉන්ධන පෝලිමේ කොතරම් පිරිසක් හිටියත් පළමුවෙන්ම එම පෝලිමට පැමිණ ඔවුන්ගේ බස් රථ පෙළට ඉන්ධන ලබා ගන්නා බවටත් ජනතාව කියා සිටිති.
පිරවුම්හල්වල බලධාරීන් සඳහන් කරන්නේ මෙම දේශපාලනඥයාගේ බස් රථ වලට පලමුව ඉන්ධන නිකුත් කළ යුතු යැයි ඔහු විසින් දැනුම් දී ඇති බවයි.
පස් රථ පෙලට පසුපසින් පැමිණ දේශපාලඥයාගේ හිතවතුන්ගේ වාහන වලට ද පෝලිමට පිටින් ඉන්න නිකුත් කරන බවට චෝදනා එල්ල වෙයි.
පෝලිමේ කිසිවෙකු මෙයට විරුද්ද වුවහොත් ඔවුන්ට දැඩි තර්ජන එල්ල වන බව සඳහන් වේ.
පෙට්රල් පමණක් ඇති අලදෙණිය ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පැමිණෙනතුරු කොතරම් පිරිසක් පෝලිමේ සිටියද ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වනවාත් සමගම මෙම දේශපාලනඥයා ගේ පුතුන් දෙදෙනා සහ ඔහුගේ හිතවතුන් පෝලිමට පිටතින් පැමිණ පළමුවෙන්ම ඉන්ධන ලබා ගෙන යන බවද ජනතාව කියා සිටිති.

COMMENTS