දුම්රිය වෘත්තීය සමිති අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවා තිබේ. ජනපති මෙත්‍රීපාල සිරිස...
දුම්රිය වෘත්තීය සමිති අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවා තිබේ.
ජනපති මෙත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව තමන්ට විසඳුම් ලැබුණ හෙයින් වර්ජනය අත්හිටවූ බව දුම්රිය සේවා ඒකාබද්ධ පෙරමුණ පෙන්වා දෙයි.
ජනපතිවරයා හා පැවැත්වූ සාකච්ඡාවේදී ගැටලු රැසකට විසදුම් ලැබුණු බවත් අනෙකුත් ගැටලු සඳහා ජාතික වශයෙන් සාකච්ඡා කර විසදුම් ලබාදෙන බවට ජනපතිවරයා එකඟවූ බවත් එම වෘත්තීය සමිති සඳහන් කරයි.
ජනපතිවරයා හා බස් සංගම් අතර සාකච්ඡාව මේ වනවිට පාර්ලිමේන්තුවේ ජනපති නිල කාමරයේදී පැවැත්වෙයි.
COMMENTS