විරෝධතාකරුවන්ට සාධාරණයක් ඉටුවන ලෙස රාජකාරී කරන්නැයි රණවිරුවන්ගෙන් ඉල්ලා සිටින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (මැයි 4) පාර්ලිමේන්...
විරෝධතාකරුවන්ට සාධාරණයක් ඉටුවන ලෙස රාජකාරී කරන්නැයි රණවිරුවන්ගෙන් ඉල්ලා සිටින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (මැයි 4) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු රණවිරුවන්ගෙන් ඉල්ලා සිටියේ, රැකියාව අහිමි වනු ඇතැයි බියෙන් අරගලයේ නිරත ජනතාවට කිසි විටෙක හිරිහැර නොකරන ලෙස ය.
යම් හෙයකින් රැකියා අහිමි වුවහොත් අරගලය ජයග්‍රහණයෙන් පසු මාස තුනක් හෝ හතරක් ඇතුළත ඔවුන්ට රැකියා නැවත හිමි වන බව ඔහු වැඩිදුරට ත් පැවසීය.
“රණවිරුවෝ මේ කාලේ ඉතා ම දුෂ්කර පීඩාකාරී රැකියාවක් කරනවා. වගකීමක් දරනවා. ඉතා ම දුෂ්කර විධියට තමයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රාජකාරිය ඉටු කරන්නේ. ගිරයට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ. ඒ වුණත් රණවිරුවන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ අරගලය කරන්නේ, මේ විරෝධය පාන්නේ, මේ වර්ජනය කරන්නේ, ඔයගොල්ලන්ගේ නෑදෑයෝ ම යි. ඔයගොල්ලන්ගේ දෙමව්පියෝ. ඔයගොල්ලන්ට බත සපයන ගොවියෝ. ඔයගොල්ලන්ගේ සහෝදර සහෝදරියෝ.
ඒක හන්දා ඔයගොල්ලෝ අනිවාර්යයෙන් ම රැකියාව නැති වෙයි කියලා බයට හරි, රැකියාව බේරගන්න ඕන හින්දා හරි කිසි ම වෙලාවක මේ අරගල කරන අයට හිරිහැර කරන්න එපා. මොක ද අරගලය ජයග්‍රහණය කරනවා. රැකියා අහිමි කරන්න බැහැ ලක්ෂ ගණනකගේ. රණවිරුවෝ ඔක්කොගේ ම රැකියා අහිමි කරන්න ත් බැහැ. පොලිසියේ 60,000කගේ රැකියා අහිමි කරන්න ත් බැහැ.
අහිමි කළොත් මේ අරගලය ජයග්‍රහණය කළා ම නැවත ත් ඒ රැකියා මාස තුන හතරක් ඇතුළ ත අනිවාර්යයෙන් ම ලැබෙනවා ම යි. ඒක හින්දා ඒවා ගැන හිතන්නේ නැතුව, මේ අරගලකරුවන්ට සාධාරණයක් ඉටු වෙන විධියට රැකියාව කරන්න.“

COMMENTS