ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගවේෂණාත්මක වැඩසටහනක් වන ෆෝ කෝනර්ස් ශ්‍රී ලංකාවේ හම්බන්තොට රෝහලේ ව්‍යාපෘතියට අදාලව සිදුව ඇති බව කියන ඩොලර් මිලියන ...
ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගවේෂණාත්මක වැඩසටහනක් වන ෆෝ කෝනර්ස් ශ්‍රී ලංකාවේ හම්බන්තොට රෝහලේ ව්‍යාපෘතියට අදාලව සිදුව ඇති බව කියන ඩොලර් මිලියන ගණනක දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් හෙළි කර සිටිනවා.
ඕස්ට්‍රේලියාව පදනම් කරගත් Aspen Medical සමාගම හම්බන්තොට ඩොලර් මිලියන ගණනක රෝහල් ව්‍යාපෘතියට සම්බන්ධ වීමෙන් පසු ඉහළ මට්ටමේ මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනයක සම්බන්ධව ඇති බවයි Four Corners හි වාර්තා වැඩසටහනකින් තහවුරු වී ඇත්තේ.
2012 වසරේදී රෝහල් ව්‍යාපෘතියක් බවට පවසමින් Aspen Medical සමාගම විසින් එවකට අපනයන මූල්‍ය හා රක්ෂණ සංස්ථාව (EFIC - දැන් අපනයන මූල්‍ය ඕස්ට්‍රේලියාව) වෙතින් ඩොලර් මිලියන 18.8 ක රක්ෂණ ඇපකරයක් හරහා විධිමත් ඕස්ට්‍රේලියානු රජයේ සහාය ලබාගෙන ඇති බවට තොරතුරු තහවුරු කර ඇත.
ෆෝ කෝනර්ස් ගවේෂනාත්මක වැඩසටහනට අනුව ඕස්ට්‍රේලියාවේ Aspen Medical සමාගම විසින් බ්‍රිතාන්‍ය-වර්ජින් දුපත් හි පිහිටි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු ගේ හිමිකාරිත්වය ඇති Saber Vision Holdings නම් සමාගමකට යුරෝ මිලියන 1.4 (ඩොලර් මිලියන 2.1) ගෙවීමක් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා කර සිටියි.
මේ සම්බන්ධයෙන් මෙරට පොලිසිය විසින් විමර්ශන සිදුකර තිබුනද එහිදී මෙම ව්‍යාපාරිකයා විසින් සඳහන් කර ඇත්තේ ඉතාලි ජාතික ව්‍යාපාරිකයෙකු හරහා අදාළ මුදල තම ගිණුමට පැමිණි බවයි.
කෙසේ වෙතත් දිගින් දිගටම සිදුකළ පොලිස් විමර්ශන වලදී ඔහු සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍යය - වර්ජිනියා අයිලන්ඩ් හි පිහිටි Saber Vision Holdings නම් සමාගමේ හිමිකරු ඉතාලි ජාතික ව්‍යාපාරිකයා බවයි. එසේ ඔහු සඳහන් කළද අදාළ සමාගමේ හිමිකරු මෙම ලාංකික ව්‍යාපාරිකයා බවට හෙළිවී ඇත.
එමෙන්ම 2013 වර්ෂයේදී බ්‍රිතාන්‍ය-වර්ජිනියා දුපත් හි පිහිටි Saber Vision Holdings සමාගමට අමෙරිකානු ඩොලර් දහස් ගණනක මුදල් ලැබී ඇති එය එයාර්බස් මව් සමාගම විසින් ගෙවනු ලැබූ අල්ලස් මුදල් බවට පසුව සිදුකරන ලද විමර්ශන වලදී හෙළිවිය.
එයාර්බස් ගුවන් යානා ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් ගණනාවක ප්‍රචලිත කිරීමේ අරමුණින් European Aeronautic Defence and Space Company හෙවත් එයාර්බස් මව් සමාගම විසින් මෙලෙස අල්ලස් මුදල් ගෙවීම් සිදුකිරීම සම්බන්ධයෙන් වන තොරතුරු ප්‍රංශ, බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු දුෂණ විමර්ශන නිලධාරීන් විසින් හෙළිදරව් කරනු ලැබුවා. ඒ අනුව ඊට අදාළ වන්දි වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 04ක මුදලක් ගෙවීමට ද එයාර්බස් සමාගමට සිදුවිය.
මේ සම්බන්ධයෙන් ෆෝ කෝනර්ස් වේෂණාත්මක වැඩසටහන පහතින් දැක්වේ.
-nethgossip

COMMENTS