දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විශේෂ මහාධිකරණයකට කැබිනට් අනුමැතිය.
Homeප්‍රවෘත්ති

විශේෂ මහාධිකරණයකට කැබිනට් අනුමැතිය.

PropellerAds

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(1)(ඇ) ව්‍යවස්ථාව යටතේ මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අගවිනිසුරුවරය...

පොලිස් කොස්තාපල්වරියන්ගේ බෙල්ලෙන් ඇල්ලු OIC ට තනතුර අහිමිවේ !
‘ජනපති අපව අන්දනවා..’ – ලොකු පොහොට්ටුවන් නොසන්සුන්…
ඡන්ද ගැසට් එක ගහන්න ඉන්නේ 5 වැනිදා! 17 වැනිදාට කැඳවන්න තිබූ පාර්ලිමේන්තුව හදිසියේම 5 වැනිදාට කැඳවයි! ආණ්ඩුව ඡන්දෙ කල්දාගන්න අන්තිම ගේම ගහන්නද ලෑස්ති වෙන්නේ?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(1)(ඇ) ව්‍යවස්ථාව යටතේ මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අගවිනිසුරුවරයා විසින් නම් කරනු ලබන ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩල 03කින් සමන්විත මහාධිකරණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(1)(ඇ) ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ පිහිටුවීමටත්, නිශ්චිතව දක්වනු ලබන වරදවල් සම්බන්ධයෙන් වන නඩු කටයුතු නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා විසින් සිය අභිමතය පරිදි එම මහාධිකරණය වෙත යොමු කිරීමටත් හැකියාව හිමි වනු ඇත.

එමෙන්ම එම මහාධිකරණයේ නියෝගයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සෘජුව අභියාචනය කිරීමටත් විධිවිධාන සලසමින් අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම පිණිස නීතිකෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් ලබා දීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කරන ලද යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

මෙරට අධිකරණවල විශාල වශයෙන් නඩු ගොඩගැසී පැවතීම හේතුවෙන් මූල්‍ය වංචා, දූෂණ, රජයේ වත්කම් හා රජයේ ආදායම් සම්බන්ධ වංචාසහගත ක්‍රියා සහ ඊට සමාන වරදවල් සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම ප්‍රායෝගිකව අපහසු වී ඇත. 

එබැවින්, මහජන දේපළවලට එරෙහිව සිදු කරනු ලබන වැරදි, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම, සාපරාධී විශ්වාසය කඩකිරීම හා මහජන දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, සංවිධානාත්මක අපරාධ ඇතුළුව අල්ලස් හා දූෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂයෙන්ම වෙන් වූ මහාධිකරණයක් පිහිටුවීම සුදුසු බව හඳුනාගෙන ඇත. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විශේෂ මහාධිකරණයකට කැබිනට් අනුමැතිය.
විශේෂ මහාධිකරණයකට කැබිනට් අනුමැතිය.
http://ift.tt/2hRp1x6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_422.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_422.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy