දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කර නඩුවේ සාපරාධී චෝදනාවලින් රවී-‌මහේන්ද්‍රන්-අර්ජුන් නිදහස්!
Homeප්‍රවෘත්ති

බැඳුම්කර නඩුවේ සාපරාධී චෝදනාවලින් රවී-‌මහේන්ද්‍රන්-අර්ජුන් නිදහස්!

PropellerAds

2016 වසරේ බැඳුම්කර වෙන්දේසියේදී සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව පොදු දේපළ පනත ය...

නිරූපමාට එල්ල වන චෝදනාවලට R පේ‍්‍රමදාස, DB, චන්ද‍්‍රිකා වගකිව යුතුයි.. මහින්දට අදාල නෑ - ෂෙහාන් සේමසිංහ
ඉස්ලාම් අන්තවාදීන් පුනරුත්තාපනය කරන්න හැදුවෙ, ඒත් කාදිනල් හිමිගෙ බලපෑම් නිසා ඒක වැළකුණා - ආරක්ෂක ලේකම්
ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳවැටීමක්!
2016 වසරේ බැඳුම්කර වෙන්දේසියේදී සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කළ චෝදනා වලින් නිදහස් කරයි.

එම චෝදනා පවත්වාගෙන යා නොහැකි බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කරයි.

2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36ක ට අධික වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කළ චෝදනා පවත්වාගෙන යා නොහැකි බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළහ.

ඒ අනුව එම චෝදනාවලින් පමණක් අදාල විත්තිකරුවන් නිදහස් කරන බවත් විනිසුරුවරු නියෝග කර සිටියහ.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතා පිළිබඳ තීන්දුව ලබාදීම සඳහා එය අද දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී දමිත් තොටවත්ත සහ මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරු විසින් මෙම බහුතර තීන්දුව ලබා දුන්හ.

බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත මහතා පොදු දේපළ පනතේ 7 වන වගන්තිය යටතේ චෝදනා එල්ල කළ හැක්කේ ස්වභාවික පුද්ගලයින්ට පමණක් බව සඳහන් කළේය.

එහෙත් මෙම නඩුවේ විත්තිකාර පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගම ස්වභාවික පුද්ගලයෙකු නොවන හෙයින් ඊට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනාවක් පවත්වාගෙන යා නොහැකි බව ද විනිසුරුවරයා පැවසීය.

ඒ අනුව එම සමාගමට එල්ලවී තිබෙන චෝදනා වලට සම්බන්ධ වී පවතින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පොදු දේපළ පනත යටතේ වූ චෝදනා ද පවත්වාගෙන යාමට නොහැකි බව විනිසුරුවරයා සඳහන් කළේය.

එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සාමාජික විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ පැමිණිල්ල විසින් ගොනුකර තිබෙන චෝදනා පවත්වා ගන යා හැකි බවයි.

මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙම නඩු තීන්දුව පිළිබඳව අධ්‍යයනය කර පියවර ගැනීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය.

එහෙත් එම ඉල්ලීමට විරෝධය පළ කළ රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය විසින් පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට දුන් තීරණයත් සමඟම සමස්ත අධිචෝදනා පත්‍රයම පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව සඳහන් කළේය..

මෙම චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට නීතිපතිවරයාට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඒ අනුව එය ඉල්ලා අස්කර ගත යුතු බවද සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම නඩු තීන්දුව අධ්‍යයනය කර තීරණයක් ගන්නා තුරු මෙම නඩු විභාගය කල් තැබීම සදාචාරාත්මක නොවන බව සඳහන් කළ සභාපති විනිසුරු දමිත් තොටවත්ත මහතා ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකගත්වය සහිතව මෙම නඩුවේ සෙසු චෝදනා වලට අදාල විභාගය පැවැත්වීම සඳහා “පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය” සඳහා මැයි මස 4 වනදා කැඳවන ලෙස නියෝග කළා.

2016 වසරේ මාර්තු මස 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36.8 98 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අදාල සමාගම අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පොලිසිය ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත ඇතුළු අණ පනත් කීපයක් යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර නඩුවේ සාපරාධී චෝදනාවලින් රවී-‌මහේන්ද්‍රන්-අර්ජුන් නිදහස්!
බැඳුම්කර නඩුවේ සාපරාධී චෝදනාවලින් රවී-‌මහේන්ද්‍රන්-අර්ජුන් නිදහස්!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhLisG_GLusdgBVem4lwQLowzaeVo6mR_yHeb6oHKOJGKCcjWe5qz6ZCMR-CRndl1qY0be39uk2pPMe1J0wmkZwaISMMwbsWngmSCiyLTMmT1q0jMWWE652t53SJyMqDvffbQcKHwTsJ1HbTc6xlIZdRgzSzfX7LtAfrP88U9Aw5LalJ2z3Aln85T325w=w320-h207
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhLisG_GLusdgBVem4lwQLowzaeVo6mR_yHeb6oHKOJGKCcjWe5qz6ZCMR-CRndl1qY0be39uk2pPMe1J0wmkZwaISMMwbsWngmSCiyLTMmT1q0jMWWE652t53SJyMqDvffbQcKHwTsJ1HbTc6xlIZdRgzSzfX7LtAfrP88U9Aw5LalJ2z3Aln85T325w=s72-w320-c-h207
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy