දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රූපවාහිනී ලොක්කෝ දෙරණ හා ගිවිසුම අත්සන් කිරීම මඟහරිති!
Homeප්‍රවෘත්ති

රූපවාහිනී ලොක්කෝ දෙරණ හා ගිවිසුම අත්සන් කිරීම මඟහරිති!

PropellerAds

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතු යූ ටියුබ් නාලිකාවල කළමනාකරණ කටයුතු අයිඩියාහෙල් (IdeaHell) වෙත පැවරීමට සකස් කරන ලද ගිවිසුමට අත්සන් කිරීම ර...

ආණ්ඩු බලය ගත් වහාම කාන්තා සෞඛ්‍ය පහසුකම් නොමිලේ දෙනවා - සජිත්
තත්වය හොද නෑ.. කොරෝනා සටනේ මහ මොලකරු කණස්සල්ලෙන් !
මා දැන් අත්අඩංගුවට ගන්න බෑ.. මගේ ස්ථාවරය එසේමයි.. කොටින්ට ආයුධ දුන්නේ ආර්. පේ‍්‍රමදාසයි.. පොලිසියට යටත් වන්නැයි කීවේද ඔහුයි - කරුණා
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතු යූ ටියුබ් නාලිකාවල කළමනාකරණ කටයුතු අයිඩියාහෙල් (IdeaHell) වෙත පැවරීමට සකස් කරන ලද ගිවිසුමට අත්සන් කිරීම රූපවාහිනියේ ප්‍රධානීන් ඊයේ (03) සවස්වරුවේ මඟ හැරීම නිසා එය අත්සන් කර ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

මේ ගිවිසුම රූපවාහිනී ප්‍රධානීන්ගෙන් කඩිමුඩියේම අත්සන් කර ගැනීමට ඊයේ (03) අයිඩියාහෙල් (IdeaHell) හා ටීවී දෙරණ ඩිජිටල් මාධ්‍ය අංශයේ සාමාන්‍යධිකාරී ජනිත් රොද්‍රිගූ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් පැමිණ ඇති බවද වාර්තා වේ.

මේ කොන්ත්‍රාත්තුව ලබාදීමට යන අයිඩියාහෙල් (IdeaHell) ආයතනය ජාතික රූපවාහිනියේ තරඟකාරී පෞද්ගලික මාධ්‍ය ආයතනයක් වන ටීවී දෙරණ නාලිකාවේද ඩිජිටල් පරිපාලන කටයුතු සිදු කිරීම මොවුන් මෙසේ ගිවිසුම අත්සන් කිරීම මඟහැරීමට ප්‍රධාන හේතුව බව පැවසේ.

එසේම මේ ගිවිසුම දිනක් තුළ කඩිමුඩියේ සකස්කර රූපවාහිනී ප්‍රධානීන්ට එය කියවීමට හෝ අවස්ථාවක් ලබා නොදී එහි සභාපති සොනාල ගුණවර්ධන මහතාගේ තනි මතයට අදාළ කොන්ත්‍රාත්තුව අයිඩියාහෙල් (IdeaHell) වෙත ලබාදීමට බලපෑම් කිරීමට විරෝධය දැක්වීම සඳහා එහි ප්‍රධානීන් මෙසේ කටයුතු කරීම තවත් හේතුවක් වී තිබේ.

අදාළ ගිවිසුම ඔස්සේ අයිඩියාහෙල් (IdeaHell) වෙත රූපවාහිනියට දිනපතා සිය ප්‍රාදේශීය වාර්තාකරුවන් ලබාදෙන වීඩියෝ හා ප්‍රවෘත්ති සඳහා පිවිසීම ඒවා නැරඹීම හා බාගත කිරීමට මෙන්ම රූපවාහිනියේ පමණක් තිබෙන දුර්ලභ වීඩියෝ පටවල මුල් පිටපත් පරිශීලනයට ද අවස්ථාව ලැබෙන බව පැවසේ.

මේ අතර රූපවාහිනී සංස්ථාව සතු යූ ටියුබ් නාලිකාවල කළමනාකරණ කටයුතු සඳහා වැයවන පරිපාලන වියදමට හෝ නොසෑහෙන මුදලකට අදාළ පරිපාලන කටයුතු අයිඩියාහෙල් (IdeaHell) විසින් සිදුකර දීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන්ද රූපවාහිනී සේවකයන් සැක මතුකර තිබේ.

ඒ රූපවාහිනී සංස්ථාව සතු යූ ටියුබ් නාලිකාවල කළමනාකරණ කොන්ත්‍රත්තු පාඩු පිට සිදු කිරීමට අයිඩියාහෙල් (IdeaHell) බාරගෙන ඇත්තේ ජාතික රූපවාහිනියේ පමණක් ඇති මුල් පිටපත් කොපිකර ගැනීමේ යටි අරමුක් ඇතිව බවට වන රාවය නිසාය.

සොනාල නෙගටිව් මාර්කටිං පටන් අරන් - රූපවාහිනී සේවකයෝ

මේ අතර, මේ ගිවිසුම සම්බන්ධයෙන් රූපවාහිනියේ වෘත්තීය සමිති ද මේවන විට විරෝධය දක්වා ඇති බව පැවසේ.

වෘත්තීය සමිතිව වලට මෙසේ විරෝධය දැක්වීමට සිදුව ඇත්තේ එහි සේවකයන්ගේ බලපෑම් හේතුවෙන් බවද වාර්තා වේ.

මේ ගිවිසුමට වෘත්තීය සමිතිවලින් නැගෙන විරෝධය මැඩ පවත්වාගැනීමට එහි සභාපති සොනාල මුලිම වෘත්තීය සමිති නායකයින් දෙදෙනෙකු New Media අංශයේ ප්‍රධානීන් බවට පත් කිරීමට ද ඔහු සූක්ෂමව කටයුතු කර තිබූ බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු වෘත්තීය සමිතියේ ප්‍රධානී හා රූපවාහිනී කාලීන අංශයේ ප්‍රධානී සංජය ඉන්ද්‍රජිත් අදාළ අංශයේ ප්‍රධානියා ලෙසත්, ජනතා විමුක්ති පෙරමුණු වෘත්තීය සමිතියේ ප්‍රධානී විකුම් බස්නායක එහි නියෝජ්‍ය ප්‍රධානියා ලෙසත් පත්කර තිබිණි.

මේ අතර, රූපවාහිනියේ වෘත්තීය සමිති හා සේවක එකමුතු නිර්මාණය කර ඇති වට්ස්ඇප් ගෲප් අතර එහි සභාපති සොනාලව බරපතල ලෙස විවේචනය වෙමින් ඇතැයි පැවසේ.

ඉන් කිහිපයක් පහත දැක්වේ. (අදාළ සේවකයන්ගේ වෘත්තීය ආරක්ෂා කිරීම වස් නම් මකාදමා තිබේ.)




රූපවාහිනියේ යූ ටියුබ් නාලිකා ඉතාම සුකෂිත කළමනාකරණයක් යටතට පත් කළ යුතු වුවද, අයිඩියාහෙල් (IdeaHell) වෙතින් එවැනි සුරක්ෂිත භාවයක් ලැබෙයිද යන්න මේ වන විට ගැටලු මතුකර තිබේ.

ඒ අදාළ ආයතනය විසින් කළමනාකරනය කරනු ලබන ටීවී දෙරණ යූ ටියුබ් නාලිකාවද පසුගිය කාලයේ පැය කිහිපයකට හැකරුන්ගේ ග්‍රහණයට හසුවූ බව ඔවුන් විසින්ම ප්‍රකාශ කරන නිසාය.

සොනාලට මිලියන 50 ක් ඉල්ලා නඩුවක් දායි!

මේ අතර, මීට පෙර රූපවාහිනියේ කළමනාකරන කටයුතු සිදු කළ ආයතනය වසර 3ක කාලයකට ගිවිසුම්ගතව තිබියදී ඔවුන් හිටි හැටියේ ඉන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රූපවාහිනියේ සභාපති සොනාල ගුණවර්ධන මහතාට රුපියල් මිලියන 50ක වන්දියක් ඉල්ලා නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

-ශ්‍රී ලංකා මිරර් 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රූපවාහිනී ලොක්කෝ දෙරණ හා ගිවිසුම අත්සන් කිරීම මඟහරිති!
රූපවාහිනී ලොක්කෝ දෙරණ හා ගිවිසුම අත්සන් කිරීම මඟහරිති!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEicks7CVYKfptGyJEdUvCEW_g9bUu_4Xa7p6ZyWLjXL2QgdA8pTWAWeUN3eQ4U101e0fogpU8auktWMHox9ShVKftZ3kg-qhr03f5fF1ZtenkoOuKDaMS2NNpACvmZ1dEaEe0auaNUkKpkIPPUNf9guy6ozxns60A3-52JWBlGB0wDdbXw3VAp5RuqC3g=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEicks7CVYKfptGyJEdUvCEW_g9bUu_4Xa7p6ZyWLjXL2QgdA8pTWAWeUN3eQ4U101e0fogpU8auktWMHox9ShVKftZ3kg-qhr03f5fF1ZtenkoOuKDaMS2NNpACvmZ1dEaEe0auaNUkKpkIPPUNf9guy6ozxns60A3-52JWBlGB0wDdbXw3VAp5RuqC3g=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_94.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_94.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy