දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දකුණේ මහා වංචාවක්! අධිකාරියේ ලොක්කාගේ කෙරුවාව හෙළිවෙයි!
Homeප්‍රවෘත්ති

දකුණේ මහා වංචාවක්! අධිකාරියේ ලොක්කාගේ කෙරුවාව හෙළිවෙයි!

PropellerAds

දකුණු පළාතේ සංවර්ධන අධිකාරිය මගින් සිදුකරනු ලබන ව්‍යාපෘති ඍජුවම පළාතේ ජනතාවට ප්‍රයෝජනවත් සහ ප්‍රතිලාභ ලැබිය යුතු ව්‍යාපෘති වීම සිදුවිය යුත...

රුසියානු කලාපයෙන් සංචාරකයන් 2500 ඉක්මවා මෙරටට - ජනවාරියේ සිට ගුවන් තොටුපල විවෘතයි
ගැටුම ඇරඹේ: ශ්‍රීලනිපයේ මෛත්‍රිපාලලා යළි කුමන්ත්‍රණයක බව රාජ්‍ය ඇමැති ප්‍රසිද්ධියේ කියයි
අනිච්චාවත සංඛාරා කියන්න ලෑස්ති වෙන්න.. ආණ්ඩුව සියතින් ගෙල සිදගන්න හදන්නේ - මැදගොඩ අබේතිස්ස හිමි
දකුණු පළාතේ සංවර්ධන අධිකාරිය මගින් සිදුකරනු ලබන ව්‍යාපෘති ඍජුවම පළාතේ ජනතාවට ප්‍රයෝජනවත් සහ ප්‍රතිලාභ ලැබිය යුතු ව්‍යාපෘති වීම සිදුවිය යුත්තක්. නමුත් එහි සිදුවී ඇතැයි කියනු ලබන බරපතල දූෂණ සහා අක්‍රමිකතාවයන් පිළිබඳව මේ වනවිට ඒෂියන් මිරර් වෙත හෙළිදරව් වුණා.

දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ සංවර්ධන සැලැස්ම යටතේ ස්වේච්ඡා සංවිධාන සඳහා ප්ලාස්ටික් පුටු 16,056 ක් මිලදී ගැනීමට රුපියල් 15,880,200.00 වැයකර තිබෙන බව එහිදී වාර්තා වුණා.

මෙහිදි ප්‍රසම්පාදක මාර්ගෝපදේශ සංග්‍රහයට හා චක්‍රලේඛ අනුව කටයුතු කල යුතු වුවද ප්‍රසම්පාදන සංග්‍රහයේ 4.1 සහ 4.4 යන මාර්ගෝපදේශවලට ඇතුලු නොවී දකුණු පළාතේ ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක 3ට වෙන වෙනම කොටස් කර ප්‍රසම්පාදනය සිදුකර තිබෙනවා.

මේ අතර ප්‍රධාන ලේකම්වරයාගේ අංක 3/2016 දරණ හා 2016 අගෝස්තු 24 දිනැති චක්‍රලේඛයට අනුකූල නොවී භාණ්ඩ සඳහා වෙළඳ පොල මිළ ක්‍රමය යටතේ දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු අනුක්‍රමණ සීමාව ඉක්මවා ඇස්තමේන්තු වටිනාකම රුපියල් මිලියන 16.5ක් ලෙස මෙම ප්‍රසම්පාදනය සිදුකර තිබෙනවා.

වැඩියෙන් ගෙවීම් කරලා

ප්ලාස්ටික් පුටු මිලදී ගැනීම සඳහා වෙළෙඳ පොළ මිල ක්‍රමය යටතේ සැපයුම්කරුවන්ගෙන් නිශ්චිත පිරිවිතරයන් සඳහන් කර මිල ගණන් කැදවිය යුතු වුවද, මෙහිදී එවැනී නිශ්චිත පිරිවිතරයන් සඳහන් නොකර ප්ලාස්ටික් පුටු අලෙවිකරණ වෙළෙඳ සැල් වෙතින් මිල ගණන් කැදවා තිබුණා.

ඒ අනුව ප්‍රසම්පාදන කමිටුවට ලැබුණු අඩුමිල ගණන් නොසලකා වැඩිම මිළට පුටු මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 2,819,085 ක් වැඩියෙන් ගෙවීම් කර තිබූ බවයි අනාවරණය වන්නේ.

මේ පිලිබඳ බළධාරීන්ගේ පිලිතුර වූයේ දිස්ත්‍රික්කය තුල නොමිලයේ ප්‍රවාහනය කරදීම යන කරුණු සැලකිල්ල ගෙන ප්‍රසම්පාදන කමිටුව විසින් ආයතන තෝරා ගත් බවයි.

රජයට පාඩුවක්

ඍජුවම නිෂ්පාදන ආයතන වලින් මිළ ගණන් කැදවීම් නොකර එක් නිෂ්පාදන ආයතනයක මිල ගණන් සමග තොග සහ සිල්ලර සැපයුම්කරුවන් මිල ගණන් සැසදීමෙන් පුටු මිලදී ගැනීමට ප්‍රසම්පාදන තීරණ ගැනීම හේතුවෙන් රු.4,300,988 ක පාඩුවක් රජයට සිදුකර තිබෙන බව අනාවරණය වුණා.

මෙහිදි විගණන වාර්තාවන්ට අනුව දක්වා ඇත්තේ සිදුවී ඇති පාඩුව වගකිව යුතු නිලධාරින්ගෙන් අයකර ගත යුතුය යන්නයි. 

තවද දකුණු පළාත් සංවර්ධන අධිකාරිය විසින් ඌන උපයෝගිතා අරමුදල් භාවිතා කරමින් ව්‍යවසායකයන්ට දිරිබල සංවර්ධන ණය යෝජනා ක්‍රමය යටතේ බාහිර පුද්ගලයන් දෙදෙනෙකුට (speed draft) ණය ලෙස එකවර රු.5,000,000ක් ලබාදී තිබෙනවා.

අධ්‍යක්ෂ ජනරාල්ගේ පුද්ගලික ඉඩම ඇපයට

මෙහිදී මෙම යෝජිත ණය ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) ප්‍රධාන අමාත්‍යාංශ උප ලේකම් අනුමැතිය ලැබී නොතිබූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පිලිගත් ක්‍රමය වන්නේ ණයකරුවන්ගෙන් ඇප සුරැකුම් ලබාගෙන ණය මුදල් ලබා දීමයි.

නමුත් මෙහිදී සිදුවී තිබෙන්නේ ණය කරුවන්ගෙන් ඇප සුරැකුම් ලබා නොගෙන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ගේ පුද්ගලික ඉඩම ඇප සුරැකුම් ලෙස තබාගෙන ණය මුදල නිදහස් කර තිබීමයි.

පළාත් මූල්‍ය රීති 83 ප්‍රකාරව නිකුත් කළ ප්‍රධාන අමාත්‍ය ලේකම්ගේ මූලික බලතල චක්‍රලේඛයට අනුකූල නොවී ණය මුදල් ගෙවීමට අදාල වවුචර පත් අනුමත කිරීම, සහතික කිරීම සහ ගෙවීම යන සියලු කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්ම සිදුකර ඇතැයි අනාවරණය වී තිබෙනවා.

පුටු ගැන පරීක්ෂණ

ණයකරුවන් නමින් නිකුත් කරන ලද රුපියල් 5,000,000 ක් වූ චෙක්පත් දෙකෙහිම රේඛණයන් අවලංගු කර අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින්ම බැංකු කවුන්ටරයෙන් මුදල් ලබාගෙන තිබෙනවා.

එසේම ණය ලාභියෙකුගේ රුපියල් 1,557,610 ක් වූ ණය වාරිකයන් අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්ම ගෙවා තිබුනු අතර, ඉදිරියේදී ගෙවිය යුතු ණය වාරික සඳහා අධ්‍යක්ෂ ජනරාල්ගේ පෞද්ගලික ජංගම ගිණුමට අදාලව වටිනාකම සහ දිනය සඳහන් නොවූ හිස් චෙක්පත් 06ක් භාරදී තිබූ බවද හෙලිවී තිබෙනවා.

මේ පිළිබඳව විමසීමේදී වත්මන් අධ්‍යක්ෂ ජනරාල් එන්.ජී. කුමාරසිංහ මහතා කියා සිටියේ ප්ලාස්ටික් පුටු බෙදාදීම සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණයක් සිදුකරමින් ඇති බවත් සාමාන්‍යයෙන් පුටු විශාල ප්‍රමාණයක් එකවර මිළදී ගැනීමේදී විශාල වට්ටමක් ලබාදෙන බවත් වට්ටම ලෙස අමතර භාණ්ඩ හෝ මුදල් ලබාදෙන බවත් ය.

වැඩි තොරතුරු බෑ

නමුත් මෙම ගනුදෙනු වලදී එසේ සිදුවී ඇති බවක් පෙනෙන්නට නොමැති බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම speed draft ණය මුදල සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිටුවීමට එවකට සිටි ආණ්ඩුකාරවරයා කටයුතු කළ බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බවත් ඊට අමතරව හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාද නඩුවක් ගොනුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ප්‍රකාශ කළ නොහැකි බවත් වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

-ඒෂියන් මිරර් 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දකුණේ මහා වංචාවක්! අධිකාරියේ ලොක්කාගේ කෙරුවාව හෙළිවෙයි!
දකුණේ මහා වංචාවක්! අධිකාරියේ ලොක්කාගේ කෙරුවාව හෙළිවෙයි!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjCOjb7w85fuXi8PVS7Wls0ikVcB8Cddnj4JoZn7R97-4yUCbYJmLrzLDWnF402-Dn6QqZPX_jxEj4GkN_B0nqKl4IyW7KRI8OiTAHQ_4U8jigR5znCtH7gdicfb3MYcPMiUQvTMI7V6doDdSHqHyuEX0un6HMx_X6_c3D8huVr2x1zgqDUfduil7-1RQ=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjCOjb7w85fuXi8PVS7Wls0ikVcB8Cddnj4JoZn7R97-4yUCbYJmLrzLDWnF402-Dn6QqZPX_jxEj4GkN_B0nqKl4IyW7KRI8OiTAHQ_4U8jigR5znCtH7gdicfb3MYcPMiUQvTMI7V6doDdSHqHyuEX0un6HMx_X6_c3D8huVr2x1zgqDUfduil7-1RQ=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_48.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_48.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy