කර්මාන්ත අමාත්‍යංශය මගින් පසුගියදා සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල එම අමාත්‍යංශයට අයත් රාජ්‍ය අමාත්‍යංශ තුනේම රාජ්‍ය ඇමැත...
කර්මාන්ත අමාත්‍යංශය මගින් පසුගියදා සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල එම අමාත්‍යංශයට අයත් රාජ්‍ය අමාත්‍යංශ තුනේම රාජ්‍ය ඇමැතිවරුන් වර්ජනය කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙකී සම්මාන උළෙල පැවැතිණි.
එසේ නොපැමිණ ඇත්තේ ලොහාන් රත්වත්තේ, දයාසිරි ජයසේකර සහ ප්‍රසන්න රණවීර යන කර්මාන්ත අමාත්‍යංශයට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යංශ තුනේ අමාත්‍යවරු වෙති.
මෙයින් රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනකු විෂයභාර අමාත්‍ය විමල් වීරවංශ සමඟ බලතල සම්බන්ධ අවුලකට මැදිහත්ව සිටින බව වාර්තා වේ.
වරාය කටයුතු භාර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාද තමන්ට හිමිව ඇත්තේ නාමමාත්‍ර රාජ්‍ය අමාත්‍ය තනතුරක් බව ප්‍රසිද්ධියේම කියමින් ආණ්ඩුවේ ප්‍රධානින්ට දොස් නැගුවේය.
මෙයට අමතරව බස්නාහිර පළාතේ තවත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අමාත්‍යවරියක්ද, නැගෙනහිර පළාතේ රාජ්‍ය අමාත්‍යවරයකුද, වයඹ පළාතේ රාජ්‍ය අමාත්‍යවරයකු ඇතුළු තවත් රාජ්‍ය අමාත්‍යවරුන් ගණනාවක් සිය අමාත්‍යංශවල වගකීම් පැවරීමේදී කැබිනට් ඇමැතිවරුන් හා අමාත්‍යංශ ලේකම්වරුන් අතින් සිදුව ඇති වැරදි සහ දෝෂ ගැන චෝදනා නගමින් සිටින බව පැවසේ.
දැනට මෙරට රාජ්‍ය අමාත්‍යංශ 40ක් පමණ ස්ථාපිත කර තිබේ.
ඉන් වැඩි ප්‍රමාණයක රාජ්‍ය අමත්‍ය අර්බුද ඇතැයි වාර්තා වේ.
-srilankamirror
COMMENTS