දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ‍්‍රී ලංකාව කළු කඩ ඩොලර්වලින් උතුරු කොරියාවෙන් ආයුධ ගත් බව බැසිල් පැවසුවා - විදෙස් මාධ්‍ය
Homeප්‍රවෘත්ති

ශ‍්‍රී ලංකාව කළු කඩ ඩොලර්වලින් උතුරු කොරියාවෙන් ආයුධ ගත් බව බැසිල් පැවසුවා - විදෙස් මාධ්‍ය

PropellerAds

කළු කඩයෙන් ඩොලර් ගෙන උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සදහන් කර ඇත. 2009ට පෙර පැව...

මළ හත්තිලව්වයි... චීන සයිනොෆාම් එන්නතේ ආයුෂ මාස 3ට බැහැලා... විශේෂඥයන් වහාම බූස්ටර් එන්නතක් දෙන්න කියයි
සංචරණ සීමා යළි දීර්ඝ වෙයි!
ඇමති සනත් නිශාන්ත බලෙන් ඉඩමක් අල්ලාගෙන ඩෝසර් කරලා.. හිමිකරු පොලිසි යයි
කළු කඩයෙන් ඩොලර් ගෙන උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සදහන් කර ඇත.

2009ට පෙර පැවැති යුද සමයේ ද හමුදාවට ආයුධ අවශ්‍ය වූ අවස්ථාවේ ඒ ආකාරයෙන් ආයුධ සපයා ගත් බවද ඔහු සඳහන් එම පුවත්පත සමග ඉගි පල කර ඇත.

කෙසේ වෙතත් විදේශ අමාත්‍ය පීරිස් මහතා මෙම ප්‍රකාශය යළි සංශෝධනය කරමින් සඳහන් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා සමග තමන් මේ ගැන සාකච්ඡා කළ බවත් ඔවුහු එවැනි අදහසක් පළ කර නැති බවත්ය.

මුදල් අමාත්‍යවරයාගේ මේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විමතිය පළ කරමින් කියා සිටින්නේ උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීම පුදුමය දනවන ක්‍රියාවක් බවයි.

විදෙස් මාධ්‍ය ද මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වාර්තා කරමින් කියා සිටියේ කලකට පෙර විකිලීක්ස් කේබල් හරහාද මේ ගැන හෙලිදරවු කර තිබූ බවයි.

දිවයින පුවත්පත සමග බැසිල් රාජපක්‍ෂ මහතා පල කර ඇති අදහස් මෙසේය.

මම යුද්දෙ යන කාලේ ඩොක්ටර් ජයසුන්දරවත් අයින් කරලා තිබිල තෙල් නැවට සල්ලි ගෙව්වේ මේ පිටකොටුවෙන් අරගෙන. හරියට සුමාන දෙකකට සැරයක් නැවක් එනකොට අපි ඩොලර් එකතු කරන්නේ සුමිත් අබේසිංහයි මායි ගිහිල්ල මේ පිටකොටුවේ ඉන්න මුදලාලිලාගෙන්. හැම මිනිහටම කෝල්ස් දීල අහනවා ඔයා ගාව ඩොලර් කීයක් තියෙනවා ද කියල අහල ගෙන්න ගන්නවා. එහෙම අරගෙන තමයි පෙට්‍රෝලියම් එකට දෙන්නේ.

ප්‍රශ්නය : එහෙම කරන්න පුළුවන් නම් හොඳයි ?

පිලිතුර : ඇයි බැරි එහෙම කරන්න? ඒක තමයි මෙවැනි වෙලාවක එතකොට ඇන්. ඇම්. පෙරේරා කළෙත් ඒකමනේ. ඇන්. ඇම්. කළෙත් එයා මැණික් කාරයන්ට යැව්වම වෙනම දුන්න මොකක්ද ක්‍රමයක් සල්ලි වගයක්, ඩොලර් වගයක්.

ඕක මෙහෙමයි. මේක සෙන්ට්‍රල් බෑන්ක් එක පැත්තෙනුයි ආණ්ඩුව පැත්තෙනුයි අවාසියි. හැබැයි රටක් හැටියට එහෙම බැහැ. මම කියන්නේ මට ඕන වැඩියෙන්ම ඩොලර් කොයි ක්‍රමයට හරි පිටරට ගිහින් උන්ඩියල් ක්‍රමයට හරි….

ඔයා කියන්න යුද්දේ යන වෙලාවේ බුෂ් මාස්ටර් ගන් එකට අපි පතුරම් ගත්තේ කොහොම ද? උතුරු කොරියාවෙන් ආයුධ ගත්තේ කොහොම ද? ඒ නිසා යුද්දෙට ගිය වෙලාවේ අපි සමහර ඒවා ගත්තේ ඔය බ්ලැක් මාකට් එකේ සල්ලි වලින්…. මේකයි ශ්‍යාම් මේකේ… එක පැත්තකින් බැලූවොත් හරි. නමුත් මගේ නම් අදහස කොහෙන් හරි රටට ඩොලර් එන්න ඕන.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ‍්‍රී ලංකාව කළු කඩ ඩොලර්වලින් උතුරු කොරියාවෙන් ආයුධ ගත් බව බැසිල් පැවසුවා - විදෙස් මාධ්‍ය
ශ‍්‍රී ලංකාව කළු කඩ ඩොලර්වලින් උතුරු කොරියාවෙන් ආයුධ ගත් බව බැසිල් පැවසුවා - විදෙස් මාධ්‍ය
https://blogger.googleusercontent.com/img/a/AVvXsEg2wiZ9SquVXXQQKt-CucO8gHiBGGoIABBKzVn7Vt6c-TU7NZy-u6i50U-MMbFK3ZhxvxM0-ETqEtFTMCDeQNUyPXouHOObwc2wrGoigvjeH0VGv_RyFHlFzBzG6QdfzNENBMpaNr2C2kHtvwZIRaVAluTdDTMIyUGKQ4IqerZPUEOgV3QJvary52NiGA=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEg2wiZ9SquVXXQQKt-CucO8gHiBGGoIABBKzVn7Vt6c-TU7NZy-u6i50U-MMbFK3ZhxvxM0-ETqEtFTMCDeQNUyPXouHOObwc2wrGoigvjeH0VGv_RyFHlFzBzG6QdfzNENBMpaNr2C2kHtvwZIRaVAluTdDTMIyUGKQ4IqerZPUEOgV3QJvary52NiGA=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_35.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_35.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy