බැසිල් රාජපක්ෂ මහතාට මොල හතක් ඇතැයි පැවසුවද සත්‍යය නම් බැසිල් රාජපක්ෂ මහතාට හත් දෙනෙකුගේ වැඩ කළ හැකි වීම යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර...
බැසිල් රාජපක්ෂ මහතාට මොල හතක් ඇතැයි පැවසුවද සත්‍යය නම් බැසිල් රාජපක්ෂ මහතාට හත් දෙනෙකුගේ වැඩ කළ හැකි වීම යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
බැසිල් රාජපක්ෂ මහතා ආවේ පරිප්පු සීනි මිල අඩු කිරීමට නොව ඉදිරි සංවර්ධනය ගොඩනැගීමට බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ හපුතලේ පැවති උත්සව සභාවක් අමතමිනි.
භාණ්ඩ මිල ප්‍රශ්නය ඒ තරම් ලොකු ගැටලුවක් නොවන බවත් එය බලා සිටියදී අඩුවන බවත් ඩොලර් ප්‍රශ්නය කෙටි කාලයකදි විසෙඳන බවත් එම පුංචි ප‍්‍රශ්න ටික විසදූ පසු කිසිදු ප්‍රශ්නයක් ඉතිරි නොවන බවත් හෙතෙම එහිදී තවදුරටත් පැවසීය.
COMMENTS