මින්පසු රණසිංහ ප්‍රේමදාස යන නමවත් කියන්නට එපා යැයි තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත...
මින්පසු රණසිංහ ප්‍රේමදාස යන නමවත් කියන්නට එපා යැයි තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
රණසිංහ ප්‍රේමදාස යන නම කීමෙන් ඵලක් නැති බවත් සමගි ජන බලවේගය නායකත්වය ගොඩනැගිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
“අපි ආණ්ඩු ගත්තා කියලා මේ රට දියුණු වෙන්නේ නෑ. අනිත් පැත්තෙත් ආර්ථික විශේෂඥයෝ ඉන්නවානේ. අපෙත් ඉන්නවා ඉතා විශිෂ්ට කට්ටිය. එතකොට දෙපැත්තේම ඉඳළත් මේ රට හැදෙන්නේ නෑ. හැදෙන්නේ නැත්තේ ඇයි ?. දූෂණය සහ අවභාවිතාව. වගකීමක් නෑ.
ඒ හින්දා මොන ආර්ථික විශේෂඥයා ආවත් ඒ ගොල්ලෝ බැලනස් කරලා අරම මෙහෙම කියයි.
රටේ නිෂ්පාදනය නැතිනම් එක පැත්තකින් රට උඩ යන්නේ නෑ. අනිත් පැත්තෙන් දූෂණය. අපේ පක්ෂය වෙනස් වෙන්න ඕනේ නම් අපි මේවා තේරුම් අරගෙන මේ ලයින් එකේ වැඩ කරන්න ඕනේ. නායකතුමා මෙතන හිටියා නම්.. මේ පණිවුඩය මෙහෙම්ම ම කියනවා මං.
එතුමට මම බදුල්ලේ දී කිව්වා.. ඔබතුමා මීට පස්සේ රණසිංහ ප්‍රේමදාස කියන නමවත් කියන්න එපා කියලා. මොකද ඒවාගෙන් දැන් අපිට වැඩක් නෑ. අපි අනිවාර්යයෙන්ම අපේ ගමනක් හදාගන්න ඕනේ. අපේ නායකයෝ හැදෙන්න ඕනේ.”

COMMENTS