කන්තලේ සීනි සමාගමේ 85%ක කොටස් සිංගප්පූරු සමාගමකට ලබා දීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. ...
කන්තලේ සීනි සමාගමේ 85%ක කොටස් සිංගප්පූරු සමාගමකට ලබා දීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
ගිවිසුමේ ආරම්භක දින සිට මෙහෙයුම් ආරම්භ කර දස වැනි සංවත්සරය දක්වා කාලය ආයෝජකයාට 85% සහ ශ්‍රී ලංකා රජයට 15%ක කොටස් හිමිකාරිත්වය ඇතැයි ගිවිසුමේ සඳහන් වේ.
එතැන් සිට විසිවන සංවත්සරය දක්වා 75%ක් ආයෝජකයකයාට 25%ක් ශ්‍රී ලංකා රජයටත් ලැබෙන බව ද ගිවිසුමේ සඳහන් ය.
විසි වෙනි සංවත්සර දින සිට ගිවිසුම අවසන් වන කාල පරිච්ඡේදය දක්වා අදාළ පාර්ශවයන් කොටස් හිමිකරගන්නා ප්‍රතිශතය ප්‍රමාණය මත හිමිකම තීරණය කරන බවද එහි දැක්වේ.
මෙම කැබිනට් පත්‍රිකාව සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ද ලබා දී තිබේ.
මේ අතර ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරන්නේ මෙම කැබිනට් පත්‍රිකාව මගින් කන්තලේ සීනි කර්මාන්තශාලාවට අයත් අක්කර විසි දහසක් විකුණා දැමීමටත් ආසියාවේ විශාලතම මධ්‍යසාර කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා අවසර ලබා දීමත් සිදුව ඇති බවයි.
මේ සඳහා තම විරෝධය පළ කරන බවද එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේය.
-mawratanews
COMMENTS