දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අසුභවාදීන් ලෝකය වෙනස් කරන්නේ නැහැ : ජනපති 74 වන නිදහස් දින සැමරුම් උළලේදී කියයි
Homeප්‍රවෘත්ති

අසුභවාදීන් ලෝකය වෙනස් කරන්නේ නැහැ : ජනපති 74 වන නිදහස් දින සැමරුම් උළලේදී කියයි

PropellerAds

ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ සියලු දෙනාම රට වෙනුවෙන් තම වගකීම ඉටු කරන විට බවත්, වගකීම් අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම ...

දිනකට 750ක් කොරෝනා ටෙස්ට් කරන්න පුළුවන්කම තිබුණත් කරන්නේ 250යි. ඇයි මේ ? - GMOA
හෙදියන්ට දීමනා ඕනෑ.. නැතොත් රෝහල්වල උණුසුම් තත්වයක්.. - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය
කොරෝනාවෙන් බේරෙන්න ගමක් කල දෙයක් (PHOTOS)
ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ සියලු දෙනාම රට වෙනුවෙන් තම වගකීම ඉටු කරන විට බවත්, වගකීම් අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම සුදුසු නොවන බව 74 වන නිදහස් දින සැමරුම් උළලේදී ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

රටක නිදහස වඩාත් අර්ථවත් වන්නේ එම රට, සමාජ, දේශපාලන සහ ආර්ථික යන සියලු අංශවලින් ශක්තිමත් වූ විට බවත්, ඒ සඳහා සක්‍රියව දායක වීමේ අවස්ථාව රජයට මෙන්ම ජනතාවටද ඇති බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

" රටක් නිසි දිශාන්තියකට මෙහෙයවීමේදී ඒ සඳහා රටේ සියලු දෙනාගේම සහය බලාපොරොත්තු විය නොහැකි බව අපි දන්නවා. වෙනස් නොවන අය දෙස බලා රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අප සැලසුම් කොට ඇති දේවල් අතහැර දමන්නට අප සුදානම් නැහැ.අපේ අරමුණ රට වෙනුවෙන් නිවැරදි දේ කිරීම මිස සියලු දෙනා සතුටු කිරීම නොවෙයි. 

අනාගතය දෙස සුබබාදී ව බලන ධනාත්මක චින්තනයකින් පමණයි. අපට අපේ ඉදිරි ගමන සාර්ථක කර ගත හැක්කේ. ජයග්‍රාහි ගමනක් වෙනුවෙන් අවශ්‍ය කැප කිරීම් කළොත් පමණයි අපට මුහුණ දෙන්නට වන අභියෝගය ජය ගත හැක්කේ.

අසුභවාදීන් ලෝකය වෙනස් කරන්නේ නැහැ. ඔවුන්ට ඒ සඳහා හැකියාවක් ඇත්තේ නැහැ. ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් නොකොට විවේචනය කරන්නට පමණක් පුරුදු වී ඇති අයට අනාගතය ගැන දැක්මක් නැහැ.

රටක නායකයෙකුට බොහෝ දුෂ්කරතා, විපත්, ගැටලු හා අභියෝගවලට නිරන්තරයෙන් මුහුණ දෙන්නට සිදුවෙනවා. දැක්මක් කරා කණ්ඩායමක් මෙහෙයවීම පහසු නැහැ. කෙතරම් හොඳ අරමුණක් වෙනුවෙන් වුවත් පවතින ක්‍රමවේදයන් වෙනස් කිරීම පහසු නැහැ. යම් කාරණාවලදී දේශීය මෙන්ම විදේශීය බලවේගත් අපට එරෙහිව සංවිධානය වෙනවා. සමහර විට ඔබ අවට සිදුවෙන සෑම දෙයක්ම ඔබට එරෙහිව සිදුවන කුමන්ත්‍රණයක් මෙන් පෙනෙන අවස්ථා තිබෙනවා.

ජනතාව නායකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ මේ සියලු අර්බුද කළමනාකරණය කරගෙන රට ඉදිරියට මෙහෙයවීම මිස ප්‍රශ්නවලින් පළායාම නොවෙයි. ඒ සඳහා අවශ්‍ය කරන ධනාත්මක මානසිකත්වය අප සතුව තිබෙනවා. රට මුහුනදෙන ඕනෑම අභියෝගයක් ජයගැනීමට අවශ්‍ය කරන නායකත්වය ලබා දීමට මම සැමවිටම සුදානම්.

ලෝකය වෙනස් කළෙත්, වෙනස් කරන්නෙත් ධනාත්මක අදහස තිබෙන, අනාගතය දෙස සුබවාදී ව සිහින දැක ඒවා සාක්ෂාත් කරගන්නට උත්සාහ කළ පුද්ගලයන් විසිනුයි. මේ බව ඉතිහාසය පුරාම අපට පෙනෙනවා.

අතීතයේ අපේ රජවරුන් රුවන්වැලිසෑය, ජේතවනාරාමය, අභයගිරිය වැනි සුවිසල් නිර්මාණ කළේ එවැනි සුභවාදී චින්තනයකිනුයි. මින්නේරිය වැව, කලා වැව, පරාක්‍රම සමුද්‍රය, යෝධ ඇල වැනි නිර්මාණ කල විශිෂ්ඨ වාරි තාක්ෂණයක් එදා අපට තිබුණා. සිගිරිය වැනි නගර නිර්මාණ අදත් ලොව විස්මයට පත් කරනවා. ලංකව පුරාතන ලෝකයේ ප්‍රකට ම නාවික කේන්ද්‍රස්ථානයක්. එදා අපට එවැනි දේ කරන්නට පුළුවන්කම තිබුණා නම් අනාගතයේත් ලෝකය සමග තරග කරන්නට අපට පුළුවන් විය යුතුයි.

ඒ සඳහා අත්‍යාවශ්‍යම සාධකය වන්නේ අපි අප ගැන තබන විශ්වාසයයි.

දුෂ්කර කාල හැමදාමත් ඒ ලෙසම පවතින්නේ නැහැ, දුෂ්කර කාලවලට මුහුණ දීමට ශක්තිමත් මිනිසුන් අවශ්‍යයි. ඒ නිසා අන් අයව මානසිකව වට්ටන කිසිවෙක් මේ අවස්ථාවේ සමාජයට කරන්නේ උපකාරයක් නොවෙයි. ඒ නිසා අපි සියලු දෙනාටම විශාල වගකීමක් තිබෙනවා. මේ අර්බුදයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය ධනාත්මක චින්තනය රට තුල ගොඩනගන්නට.

මෑතකාලීන ඉතිහාසයේත් අපි බරපතල ගැටලුවලට මුහුණ දී ඒවාට විසඳුම් සොයා ගෙන තිබෙනවා. ත්‍රස්තවාදය කිසි විටක යුද්ධයකින් පරාජය කළ නොහැකිය කියා එදා සර්ව අසුභාවාදීන් දිගින් දිගටම කියද්දේ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, ජෙනරාල් විජය විමලරත්න වැනි අභීත හමුදා නායකයන් ත්‍රස්තවාදය පරාජය කළ හැකිය යන ධනාත්මක චින්තනය ඔවුන් යටතේ සටන් කළ හමුදා නිලධාරීන්ට කා වැද්දුවා. පසුකාලීනව නිවැරදි දේශපාලන නායකත්වයක් යටතේ වසර 3 1/2ක වැනි කෙටි කාලයක් තුල ත්‍රස්තවාදය සම්පුර්ණයෙන්ම පරාජය කරන්නට අපට හැකි වුනේ අපේ හැකියාවන් ගැන අප තුල තිබු විශ්වාසය නිසයි.

අප වර්ථමානයේ මුහුණ දෙන අර්බුද කිසිවක් දිර්ඝකාලින ගැටලු නොවෙයි. සුබවාදී ප්‍රවේශයකින් අපට මේ ගැටලුවලට පිළිතුරු සොයන්නට පුළුවන්. නමුත් ඒ වැඩපිළිවෙළ ඉක්මන් කර ගැනීම සඳහා අප සෑම කෙනෙකුට ම කළ හැකි වැඩ කොටසක් තිබෙනවා. සම වගකීම නිසි ලෙස ඉටු කිරීමෙන් අපි සියලු දෙනාම රට වෙනුවෙන් අපේ උපරිම දායකත්වය ලබා දෙන්නට උත්සහ කළ යුතුයි.

කොවිඩ් -19 වසංගතය පාලනයට එකම විසඳුම එන්නත්කරණය බව අපි කල් වෙලා ඇතුවම වටහා ගත්තා. ඒ අනුව ඉලක්කගත ජනගහණයෙන් 85% කට වඩා ප්‍රමාණයකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී, රෝග තත්ත්වය පාලනය කොට, සාමාන්‍ය ජන ජීවිතය යළි ආරම්භ කරන්නට අපට හැකිවී තිබෙනවා. මේ අවස්ථාව වන විටත් ජනතාවට උත්ප්‍රේරක මාත්‍රාව ද ලබා දීම සඳහා අවශ්‍ය කරන සියලු ම එන්නත් ලංකාවට ගෙන්වා අවසන්.

ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික ගැටලුවලට හේතු සොයමින් වසර ගණනාවක් ආපස්සට යාමට වඩා කාලෝචිත වන්නේ ඒ සඳහා කෙටිකාලීන මෙන්ම දිගුකාලීන විසඳුම් සෙවීමයි. රජයක් වශයෙන් අපි අවධානය යොමු කොට තිබෙන්නේ ඒ සඳහායි.
 
ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් අපි කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා යන අංශ තුනම දියුණු කළ යුතුයි. දේශීය නිෂ්පාදනය දිරි ගන්වන ගමන්ම අපනයන ආදායම වැඩි කරගත හැකි මාර්ග ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මේ සම්බන්ධයෙන් වූ අපේ ජාතික ප්‍රතිපත්ති ඉතාමත් පැහැදිලි වුනත් ඒවා ක්‍රියාවට නැංවීමේ දී මීට වඩා ක්‍රියාශීලී දායකත්වයක් සෑම ක්ෂේත්‍රයකම තිබිය යුතුයි.
 
අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියේ දී ආයෝජන අත්‍යවශ්‍ය ම සාධකයක්. ආයෝජන දිරිගැන්වීමට රජය හැමවිටම කටයුතු කරන අතර, අපට දේශීය ආයෝජන මෙන්ම විදේශීය ආයෝජනත් අවශ්‍යයි. විශේෂයෙන්ම මහා පරිමාණ ව්‍යාපෘති, නවීන තාක්‍ෂණ දැනුම අවශ්‍ය වන කර්මාන්ත, ගෝලීය වෙළඳපොළ අවස්ථා අපට විවෘත කරන නව ව්‍යාපාර ආදිය සඳහා විදේශීය ආයෝජන වැදගත් වෙනවා. දේශපාලන අරමුණු මුල්කරගෙන දේශීය හෝ විදේශීය ආයෝජනවලට එරෙහිව වැරදි මත ජනගත කරන්නට උත්සාහ කරන පිරිස් ගැන ජනතාව වඩාත් පරීක්‍ෂාකාරී විය යුතුයි.
 
ව්‍යවසායකත්වය දිරිමත් නොකොට, ව්‍යවසායකයන්ට ඇති බාධා ඉවත් නොකොට, අපට ආර්ථික සංවර්ධනය කඩිනම් කරන්නට බැහැ. විවිධ අවදානම් මැද්දේ තමන්ගේම කියා ව්‍යාපාරයක් ආරම්භ කොට තවත් අයට රැකියා හා ආදායම් ඉපයීමේ අවස්ථා ලබා දෙන ව්‍යවසායකයන්ට මීට වඩා ගෞරවයකින් හා මිත්‍රශීලී ලෙස සැලකීමට අපට වගකීමක් තිබෙනවා. රටේ සංවර්ධනයට ව්‍යවසායකයන්ගේ දායකත්වය හොඳින් වටහා ගෙන පවතින නීතිමය රාමුව තුළ ඔවුන්ට අවශ්‍ය සියලු උපකාර කඩිනමින් කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතුයි. ව්‍යාපාර ලියාපදිංචි කිරීමේදීත්, ආයෝජනයන් සඳහා අනුමැතීන් ලබා දීමේදීත්  සිදුවන විශාල ප්‍රමාදයන් වළක්වාලීමට කටයුතු කිරීම හරහා රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලිය වඩාත් සක්‍රීය කිරීමට පුළුවන්.
 
වඩා ඵලදායී පුරවැසියෙක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාශියක් මේ අවස්ථාවේ රටේ සිදු වෙමින් පවතිනවා. පාසල් අධ්‍යාපනය අවසන් කරන සෑම දරුවෙක් ම රටේ ආර්ථික ක්‍රියාවලියට දායකත්වයක් ලබා දිය හැකි ශිල්පයක් හෝ කර්මාන්තයක් ප්‍රගුණ කරන්නට උත්සාහ ගත යුතුයි. තමන් තෝරාගත් ක්ෂේත්‍රය තුළ තම දැනුම වැඩිකර ගැනීමට මෙන්ම හැකි නම් වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට උත්සාහ කළ යුතුයි. ඒ හරහා රටේ ආර්ථික ක්‍රියාවලියට ඍජුව ම දායක වීමට ඔබට අවස්ථාව ලැබෙනවා.
 
ගොවිපළේ, කම්හලේ, වැඩපොළේ දහදිය හෙළන වැඩ කරන ජනතාව රටේ ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබා දෙනවා. ඒ සියලු දෙනාට මගේ ගෞරවය පිරිනමනවා.
 
රටට විදේශ විනිමය සපයන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අපට විශාල සම්පතක්. පසුගිය කාලයේ ඔවුන් රට වෙනුවෙන් පෙරට පැමිණ විශාල කැප කිරීම් කරමින් අපට සහයෝගය දුන් ආකාරය අපට අමතක වී නැහැ. ඔවුන් නිරන්තරයෙන් අපේ ආර්ථිකයට ලබා දෙන ශක්තිය අප ඉතාමත් අගය කොට සලකනවා. මම ආරාධනා කරනවා, සියලු ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට තම උපන් බිමේ ආයෝජනය කරනා ලෙස. එමගින් රටේ අනාගතය ගොඩනැගීමට තවදුරටත් සක්‍රීය ව දායක වන්නට ඔබට අවස්ථාව ලැබෙනවා.
 
අප හමුවේ ඇති අභියෝග ජය ගෙන අපේ අනාගත ඉලක්ක සාර්ථකව ඉටු කර ගැනීමට නම් අප සියලු දෙනාටම වෙනස් වන්නට සිදු වෙනවා. අප සියලු දෙනාටම ඒ සඳහා යම් කැප කිරීම් කරන්නට සිදු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ආදර්ශය දෙන්නට රටේ ජනාධිපතිවරයා ලෙස මම සූදානම්. දැනටමත් මා එය හැකි උපරිම මට්ටමෙන් ඉටු කරනවා. මා ඉල්ලා සිටිනවා සියලූම මැති ඇමතිවරුන්, හා අනෙකුත් දේශපාලනඥයින්ගෙන්, රටට ආදර්ශයක් වන ආකාරයට හැමවිටම කටයුතු කරන්නට කියා. ඔබ ජනතාවට ඒ ආදර්ශය සපයනවා නම්, රටේ බහුත‍රයක් ජනතාව ඔබව අනුගමනය කරාවි.
 
දේශීයත්වය අගයන, රටේ ස්වෛරීත්වය සුරකින ජාතික නායකත්වයකට එරෙහි  බලවේග ඉතා සූක්ෂම ලෙස  විවිධ බොරු ප්‍රචාර හරහා ජනතාව නොමග යවන්නට කටයුතු කරනවා. මා ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගෙන් සැමවිටම විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට කියා.  දත්ත මත පදනම්ව කරුණු විමසා බලා, සත්‍යය හඳුනා ගෙන තීන්දු තීරණ ගන්නවා නම් කිසිවෙකුට ජනතාව නොමග යවන්නට බැහැ.  
 
අනාගත පරපුර වෙනුවෙන් දිනූ නිදහස සැම විටම සුරකින බවටත්, අපේ රටේ ඒකීය බව, භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය ආරක්ෂා කරන බවටත්, රාජ්‍ය නායකයා වශයෙන් මම ප්‍රතිඥා දී තිබෙනවා. ඒ ප්‍රතිඥාව අප හැම විටම සුරකිනවා.
 
සංස්කෘතික නිදහස සෑම ජන වර්ගයකටම වැදගත්. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති පාරම්පරික සිරිත් විරිත්, සාරධර්ම හා අපේකම ආරක්‍ෂා කිරීම මූලික වගකීමක් ලෙස අපි සලකනවා. පසුගිය කාලයේ විවිධ තර්ජනයන්ට ලක්වී විනාශ වෙමින් තිබුණ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන ආරක්‍ෂා කොට ඒවා වැඩි දියුණු කරන්නට අප කටයුතු කොට තිබෙනවා.
 
අපි නීතියේ ආධිපත්‍ය සුරකින, ජාත්‍යන්තර සම්මුතීන්ට ගරු කරන රටක්. පටු අරමුණු මුල් කරගෙන ලංකාවට විවිධ චෝදනා එල්ල කරන්නට යම් පාර්ශ්ව උත්සාහ කළත් කිසිදු ආකාරයක මානව හිමිකම් කඩ කිරීමකට රජය අනුබල දී නැති අතර, ඉදිරියේදීත් එවැනි සිදුවීම්වලට ඉඩ තබන්නේ නැහැ.
 
මොනම හේතුවක් නිසාවත් මේ රට තුළ යළි අන්තවාදයට හිස ඔසවන්නට අප ඉඩ දෙන්නේ නැහැ. රජය ජනතාවට පොරොන්දු වූ ආකාරයටම අප අද ජාතික ආරක්ෂාව තහවුරු කොට තිබෙනවා.
 
ජනතාව විසින් වත්මන් රජයට වරම් ලබා දී තිබෙන්නේ අප විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවන්නටයි.
 
අප ඉදිරිපත් කළ ප්‍රතිපත්ති රාමුව තුළ  හරිත කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය, නව ලොවට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, දේශීය ව්‍යවසායකත්වය දිරිගැන්වීම, අපනයන විවිධාංගීකරණය හා අගය වැඩි කිරීම, ආර්ථිකයේ නව පිම්මක් සඳහා තාක්ෂණය භාවිතය ප්‍රචලිත කිරීම වැනි අප විසින් හඳුනා ගත් ප්‍රමුඛතාවල කිසිදු වෙනසක් වී නැහැ.  
 
ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, විනයගරුක, ගුණගරුක සමාජයක්, සෞභාග්‍යමත් දේශයක් යන මූලික අරමුණු ඉටුකර ගැනීම සඳහා අප කැප වී සිටිනවා.
 
මට රටේ නායකත්වය පැවරුණේ ඉතා දුෂ්කර අවස්ථාවකයි. පසුගිය වසර දෙක තුළ අනපේක්ෂිත ගැටලු රැසකට විසඳුම් සොයන්නට අපට සිදු වුනා. ඒ සියලු දුෂ්කරතා මැද සංවර්ධන කටයුතු රාශියක් සිදු කරන්නට අපේ රජයට හැකියාව ලැබුණා.
 
මගේ ඉතිරි ධුර කාලය තුළ රටේ තිරසාර සංවර්ධනයක් උදා කර ගැනීමට අවශ්‍ය සියලු සැලසුම් මේ වනවිට  ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මොන තරම් බාධක ආවත් අපේ රටේ බහුතර ජනතාව අනාගතය දෙස සුබවාදී ව බලා ඔවුන්ගේ නිසි දායකත්වය ලබා දුන්නොත් අපට ඒ අරමුණු ඉටුකර ගන්නට පුළුවන්.
 
නිදහසේ සැබෑ අරුත සාක්ෂාත් කර ගත් අභිමානවත් දේශයක් ගොඩනැගීම සඳහා එකතු වන ලෙස සියලූ ම දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ට ඉත සිතින් මම ආරාධනා කරනවා."


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අසුභවාදීන් ලෝකය වෙනස් කරන්නේ නැහැ : ජනපති 74 වන නිදහස් දින සැමරුම් උළලේදී කියයි
අසුභවාදීන් ලෝකය වෙනස් කරන්නේ නැහැ : ජනපති 74 වන නිදහස් දින සැමරුම් උළලේදී කියයි
https://blogger.googleusercontent.com/img/a/AVvXsEikqEFBwqC3g8vgVg140lR9K4RED8y1UaH2zkMYfmFlM98nLCVMCsUlJwx5i32J2MwjHDA9PR5lLeueATa_3DdHPOWV8sPNMLq6y2K5a5PCnbKA6ja5YvJ3p2lOHXc7GGSuvYQKe1jV-hzZopyvaRfr5MnCct5p5jc_ySUhvCTX8hyEpPj9w952z33I5w=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEikqEFBwqC3g8vgVg140lR9K4RED8y1UaH2zkMYfmFlM98nLCVMCsUlJwx5i32J2MwjHDA9PR5lLeueATa_3DdHPOWV8sPNMLq6y2K5a5PCnbKA6ja5YvJ3p2lOHXc7GGSuvYQKe1jV-hzZopyvaRfr5MnCct5p5jc_ySUhvCTX8hyEpPj9w952z33I5w=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/02/74_4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/02/74_4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy