ඉතිහාසයේ කිසිම විපක්ෂයකට රටේ සංවර්ධනය වෙනුවෙන් විදේශීය ආධාර නොලැබුණු බව පැවසූ විපක්ෂ නායකතුමා, නූතනවාදී ගමනක යෙදෙන සමගි ජන බලවේගයට රටේ සංව...
ඉතිහාසයේ කිසිම විපක්ෂයකට රටේ සංවර්ධනය වෙනුවෙන් විදේශීය ආධාර නොලැබුණු බව පැවසූ විපක්ෂ නායකතුමා, නූතනවාදී ගමනක යෙදෙන සමගි ජන බලවේගයට රටේ සංවර්ධන කටයුතු උදෙසා විදේශීය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් පවා ආධාර ලැබෙන බවද පැවසීය.
ඒ ආධාර මුදල් ලැබුණේ කටවල් වසන්න යැයි ඇතැම් අවස්ථාවාදීන් පවසන බව පැවසූ විපක්ෂ නායකතුමා, කවුරුන් හෝ අපේ රටට එරෙහි වෙනවා නම් ආධාර මුදලකට හෝ වෙනත් කිසි වරදානයකට තමන්ගේ කට වැසිය නොහැකි බවද පැවසීය. අසූචි නැවක් ඉදිරියේ මේ ආණ්ඩුව දණ ගැසූ බව මම නොබියව ප්‍රකාශ කරන බව පැවසූ විපක්ෂ නායකතුමා එයින් පිළිබිඹු වන්නේ ආණ්ඩුවේ දීන ස්වරූපයයි ද කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ සේරුවිල සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (05) එක්වෙමිනි.
ආණ්ඩුව අරගෙන කරන්නේ කොහොමදැයි කිහිපදෙනෙක් අසන බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුව අරගෙන කරන හැටි ආණ්ඩුව නැතුව විපක්ෂයේ සිටියදී තමන් කරන දේ අනුව තීරණය කරන්නැයි ඉල්ලා සිටින බවද කීය. සම්ප්‍රදායික විපක්ෂය හැමදාම සිදු කළේ බලය ලබා ගැනීම වෙනුවෙන් අරගල කිරීම පමණක් බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගය බලය ලබා ගැනීම උදෙසා අරගල කරනවා මෙන්ම විපක්ෂයේ සිටියදීත් සමාජ සංවර්ධන කටයුතු ද සිද්ධ කරන බව පැවසීය.
COMMENTS