යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මූලික සැලැස්මේ විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පරිදි අගමැති තනතුරක් යෝජනා කර ති...
යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මූලික සැලැස්මේ විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පරිදි අගමැති තනතුරක් යෝජනා කර තිබෙන බවත්, ඒ අනුව දැනට පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි වනු ඇති බවත් වාර්තා වෙයි.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට පත් කෙරුණු ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පළාත් සභා ක‍්‍රමය ඇතුළත් කර නැති හෙයින් නව ව්‍යවස්ථාවෙන් පළාත් සභා ක‍්‍රමය ද අහෝසි වනු ඇත.
පෙබරවාරි මස මුල් සතියේ දී මෙම කමිටුව සිය මූලික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දීමට නියමිතය. මෙම වසරේ දී ම නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම රජයේ අපේක්ෂාව වී තිබේ.
ඉන්දියානු උවමනාව මත ඇති කළ පළාත් සභා ක්‍රමයට ජනතාව අතර දැඩි විරෝධයක් පවතින අතර එය බෙදුම්වාදී බලවේග ශක්තිමත් කරන බවට ද චෝදනා නැඟෙයි.
උපුටා ගැනීම : emanisa

COMMENTS