දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැති මහින්ද කොළඹ කුලපති මුරුත්තෙට්ටුවේ හිමිට උපහාර පුදයි…
Homeප්‍රවෘත්ති

අගමැති මහින්ද කොළඹ කුලපති මුරුත්තෙට්ටුවේ හිමිට උපහාර පුදයි…

PropellerAds

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් පිදුම් ලැබු නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්ත...

MCC ගිවිසුම අත්සන් කිරීම සජිත් ජනාධිපති වූ පසු !
මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගැන චම්පික හෝ මංගලට විවාදයකට එන්නයි ප‍්‍රසිද්ධ අභියෝගයක් !
Ven. Kashyapa Thera calls off protest fast
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් පිදුම් ලැබු නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේට උපහාර පිදීමේ “අනද නාහිමි කුලපති උපහාර” උළෙල (08) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම උපහාර උළෙල සංවිධානය කර තිබිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහි දී “අනද නාහිමි කුලපති උපහාර”ය නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේට පිරිනමන ලදි. එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද එක්ව සිටියේය.

“ශ්‍රී ලංකා ඉතිහාසයේ බොහෝ අවස්ථාවන්හි ජාතික ප්‍රශ්න සහ ව්‍යසන හමුවේ මහා සංඝරත්නය පෙරමුණ ගත් බව ඉතිහාසය සාක්‍ෂි දරනවා. ඒ නිසාම අපේ නායක හාමුදුරුවන්ට පුදන මේ උපහාරය ඒ ඉතිහාසයේ තවත් එක් දිගුවක් හැටියට සළකන්න පුළුවන්. මෙරට ජාතික ගැටලුවල දී පෙරමුණ ගනිමින් පරිත්‍යාගශීලීව කටයුතු කළ තෙර නමක් හැටියට අපේ ස්වාමීන්වහන්සේ ඉතිහාසයට එක්වෙනවා. එම ජාතික ප්‍රශ්න ගැටලු හමුවේ උන්වහන්සේ නොසැලී ක්‍රියා කළා. ඒ වගේම වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙරට ආ අවස්ථා එමටයි කියලා කිව්වොත් එය නිවැරදියි. එය අවසානයේ දැවැන්ත ප්‍රතිඵල ලබන වෘත්තිය සමිති ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කරන්නත් සෘජු අදහස් ඔස්සේ සටන්කර ජයග්‍රහණයෙන් අවසන් කිරීම ගැන අප කාටත් තිබෙන්නේ ගැඹුරු ආඩම්බරයක්. විශේෂයෙන් හෙද සේවයේ උන්නතිය ඇතුළු මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට උන්වහන්සේගෙන් ලැබෙන අවවාද අනුශාසනා වඩා වැදගත්වන අතර එය සාධනීය සෞඛ්‍ය සේවාවක් උදෙසා ද වැදගත් වී ඇතැයි” අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධර්මන් වික්‍රමරත්න මහතා මෙහි දී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේගේ ජීවන දර්ශනයට අදාළව ආරාධිත දේශනය පැවැත්වීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ගරු සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ මෙහි දී පුණ්‍යානුමෝදනාවක් ද පැවැත්වූහ.

“මෙම උත්සව සභාව ආලෝකමත් කරන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි පැමිණියේ තවත් උත්සව ගණනාවක් අවලංගු කරලා. එදා අභයාරාමයට බෝම්බ ගහපු වෙලාවේ දී අග්‍රාමාත්‍යතුමා විහාරස්ථානයට ඇවිල්ලා අපි ගැන සොයා බලපු එක කවදාවත් අමතක කරන්න බැහැ. ඔබතුමා අද දිනයේත් මේ කළ උපහාරයට ගෞරවයට අප සංගමය විශේෂ ස්තුතියක් පිරිනමන්න කැමති”යැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ පැවසූහ.

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ගැටමාන්නේ ගුණානන්ද හිමි, ඇතුළු මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරු මෙම අවස්ථාවට එක්වූහ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලාල් පනාපිටිය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ උප සභාපති ආර්.කේ බටුවිට, ප්‍රධාන ලේකම් ඒ.ඩී කල්‍යාණි මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ හෙද හෙදියෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැති මහින්ද කොළඹ කුලපති මුරුත්තෙට්ටුවේ හිමිට උපහාර පුදයි…
අගමැති මහින්ද කොළඹ කුලපති මුරුත්තෙට්ටුවේ හිමිට උපහාර පුදයි…
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhw-NEslna103Cxr-2y8nmlM0sC5RN-2HmYxu5CJhMxS2rpMQWgswIFn_L8TrX_YqIZHVJB8975vcatlqAjdqCtcvN-tE1AoDZ7JQsZEQw_u6nLHYuxxM0POKM3g7Ctj49ajoijT_at9e4ARPymHNj8Rev19n0XzLBxI0tW5qMyqtthyn2a0jeLMEcUrg=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhw-NEslna103Cxr-2y8nmlM0sC5RN-2HmYxu5CJhMxS2rpMQWgswIFn_L8TrX_YqIZHVJB8975vcatlqAjdqCtcvN-tE1AoDZ7JQsZEQw_u6nLHYuxxM0POKM3g7Ctj49ajoijT_at9e4ARPymHNj8Rev19n0XzLBxI0tW5qMyqtthyn2a0jeLMEcUrg=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_72.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_72.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy