අ මෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හෙවත් MCC ගිවිසුමට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කළ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් සිය උ...
අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හෙවත් MCC ගිවිසුමට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කළ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් සිය උපවාසය අත්හැර තිබෙනවා. ඒ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් යොමු කළ ලිපියකින් සළකා බැලීමෙන් අනතුරුවයි.
අමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුම කිසි විටකත් ජනාධිපතිවරණයට පෙර අත්සන් නොතබන බව ආණ්ඩුව තීරණය කර ඇති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අදාල ලිපියක් මගින් පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසුව එම ගිවිසුම අත්සන් තබන්නේ නම් එය සිදු කරන්නේ පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී සිදු කරන සංවාදයකින් පසුව බවත් අදාල ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇති අතර තමන් කිසිම විටක රටට අහිතකර ගිවිසුමකට නොඑළඹෙන බවත් එමෙන්ම මෙම ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමේදී ඒ ගැන උඩුදුම්බර කාශ්‍යප හිමියන් ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ජා කොට අවවාද අනුශාසනා ලබා ගන්නා බවත් අදාල ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබුනා.
එම ලිපිය පහතින්.
මේ අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් වෙත ලිපියක් යොමු කර තිබුණා.
ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන මොහොත දක්වා මෙම ආණ්ඩුව විසින් අත්සන් තබන ලද සියලුම ගිවිසුම් ජාතික ආරක්ෂාව, ස්වෛරීයභාවය සහ ජාතික අවශ්‍යතාවයන්ට යටත්ව නැවත සලකා බැලීමටත්, ජාතික උවමනාවන්වලට පටහැනි නම් ඒවා අහෝසි කිරීමට කටයුතු කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ලිපිය මගින් පෙන්වා දී තිබුනා.

COMMENTS