දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තෙල් හිගයක් ඇති නොවේ යයි කිසිසේත්ම සහතික වෙන්න බෑ.. ඩොලර් තත්වය අන්තිම දරුණුයි - ගම්මන්පිල
Homeප්‍රවෘත්ති

තෙල් හිගයක් ඇති නොවේ යයි කිසිසේත්ම සහතික වෙන්න බෑ.. ඩොලර් තත්වය අන්තිම දරුණුයි - ගම්මන්පිල

PropellerAds

සපුගස්කන්ද බලාගාරයේ ගිනි දැල්ල නැවත නිවී ගොසිනි. විදුලිබල මණ්ඩලයේ තෙල් වෙනුවෙන් ගෙවිය යුතු මුදල් නොගෙවීම නිසා ඉදිරියේදී තෙල් සැපයුම නතරකරන...

Police seek public help to find terror suspect
'රට තුළ ගිණි අවුලවන්නන් මාතෘභූමියේ ද්‍රෝහීන්' - කතානායක
දිවයිනටම ‍පැනවු ඇඳිරි නීතිය අවසන් - වයඹට පමණක් තවමත් ක්‍රියාත්මකයි
සපුගස්කන්ද බලාගාරයේ ගිනි දැල්ල නැවත නිවී ගොසිනි. විදුලිබල මණ්ඩලයේ තෙල් වෙනුවෙන් ගෙවිය යුතු මුදල් නොගෙවීම නිසා ඉදිරියේදී තෙල් සැපයුම නතරකරන බවට බලශක්ති අමාත්‍යාංශය පසුගියදා පැවැසීය. එය විදුලි කප්පාදුව උග්‍ර කරන්නක් විය හැකිය. මේ අතර පෙට්‍රල් සංයුතිය වෙනස් වී ඇති බවට තවත් හාහූවකි. එකී මෙකී නොකී අර්බුධ රැසක් මධ්‍යයේ වුව, ජනතාව වෙනුවෙන් නැගූ පැනයන්ට පිළිතුරු බැඳීමටද, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මෙසේ ඉදිරිපත් විය.

නොකඩවා තෙල් දෙනවා කියලා මම කොහොමද ජනතාවට සහතිකයක් දෙන්නේ

සපුගස්කන්ද ඩීසල් විදුලි බලාගාරයට ඩීසල් නැතිවුනේ විදුලිබල මණ්ඩල ‘තෙල් පොල්ල’ නිසා ද? නැත්නම් ඇත්තටම වෙන ප්‍රශ්නයක් ද?

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් තෙල් පිරිපහදු කරන්න නම් ඩොලර් ඕන. මේ වෙලාවෙ අපි රටට ඕන කරන පෙට්‍රල්, ඩීසල් ටික සකස් කරගන්නත් ඩොලර් හොයාගන්නෙ හරිම අමාරුවෙන්. අපිට එක මාසයකට ඕන වෙනව ඩොලර් මිලියන 350ක් විතර. එහෙම තියෙද්දි විදුලිබල මණ්ඩලයට ඩොලර් හොයල දෙන්න අපිට බෑ. ඒ වගේමයි ශ්‍රී ලංකන් ගුවන් සේවය. ඒ නිසා අපි ඒ අයට නිශ්චිතවම දැනුම්දීල තියෙනව තමන්ට අවශ්‍ය ඉන්ධනවලට ඩොලර් දුන්නොත් ඉන්ධන ගෙනල්ල දෙන බව.

ඔබ විදුලිබල ඇමැති නොවුනත්, ඉදිරියෙදි විදුලිය කැපුවොත් ඔබෙ නමත් ජනතාව නිතර මතක් කරයි නේද? සමහර විට ‘මහින්දානන්ද පඹයො’ වගේ ‘ගම්මන්පිල පඹයොත්’ හැදෙන්න බැරි නෑ.

අපි විදුලිබල මණ්ඩලයට මේ තත්ත්වය ගැන දැනුම් දුන්නෙ සැප්තැම්බර් මාසෙ. අද වෙනකම් ඔවුන් ඩොලර් හොයාදීල නෑ. ලංකාවෙ ලොකුම ආනයන වියදම ඒ කියන්නෙ ආනයන වියදමෙන් තුනෙන් එකක් වියදම් කරන්නෙ තෙල්වලට. පසුගිය ජුනි මාසයෙ ඉඳන් විපක්ෂයත්, වෘත්තිය සමිතිත් විවිධ අනාවැකි කිව්ව තෙල් හිඟයක් ඇතිවෙනව කියල. හැබැයි මේ දක්වා අපි අඛණ්ඩ ඉන්ධන සැපයුමක් කරල තියෙනව. ඒ අතර වෙනත් අමාත්‍යාංශවල ප්‍රශ්නත් විසඳන්න මට බෑ. විදුලිබල මණ්ඩලයට වැඩිය තෙල් සංස්ථාව මූල්‍ය අර්බුදයක ඉන්නෙ. ඒක නිසා දුප්පතෙක් බලාගන්න හිඟන්නෙක්ට කියනව නම් ඒක කරන්න බෑ.

ඉදිරියෙදිත් නොකඩවා තෙල් දෙනවා කියන පොරොන්දුව ජනතාව ඉදිරියේ දෙන්න පුළුවන්ද?

කිසිසේත් බෑ. මම ඩොලර් හොයාගන්නෙ අතිශයින්ම අමාරුවෙන්. ඒක බැරිවුණ දාට තෙල් හිඟය ඇතිවෙන්න කලින් කියනව තවදුරටත් ඩොලර් හොයාගන්න බැරි නිසා නුදුරු අනාගතයෙදි තෙල් හිඟයක් ඇතිවෙයි කියල.

ඇමැතිතුමා, මේ දවස්වල අපේ රටේ තියෙන පෙට්‍රල්වල සංයුතිය වෙනස් කරල කියල සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වෙනව. ඇත්තටම දැන් අපිට එන්නෙ භූමිතෙල් කලවම් කරපු පෙට්‍රල්ද?

ඒක බොරුවක්. එහෙම කිසිම පැමිණිල්ලක් අපට ලැබිල නැහැ. කාටහරි දැනෙනව නම් තමන් පාව්චිචි කරන පෙට්‍රල්වල සංයුතිය වෙනස් කරල තියෙනව කියල, බලශක්ති අමාත්‍යාංශයට හරි මහජන උපයෝගීතා කොමිසමට හරි පැමිණිලි කරන්න පුළුවන්.

හැබැයි බොහෝ දෙනා කියන කතාවක් තමයි වෙනදට වඩා වාහනයේ තෙල් පිච්චෙනව කියල….

තෙල් දහනය වෙන එක වැඩි නම් ඒක එන්ජිමේ දෝෂයක්.

ෆේස්බුක් පෝස්ට්වල යන්නෙ ඔක්ටේන් අගය 76ට අඩු කරල කියල…

එහෙම වෙලා නෑ… ඔක්ටේන් අගයෙන් කරන්නෙ සල්ෆර් අඩු කිරීමනෙ. ඔක්ටේන් 92 තියෙන්න ඕන එක 76 දක්වා අඩුවෙනවා කියන්නෙ සර්ෆර් ප්‍රමාණය වැඩි වෙනව. ඒක ඉන්ධන ඉක්මනින් දහනයවීමට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒක වාහනේ එන්ජිමට සහ පරිසරයට බලපාන ප්‍රශ්නයක් වෙනව.

එහෙමනම් ගෑස්වලට වුණු දේ පෙට්‍රල්වලට වෙන එකක් නෑනේ…

ඔය කියනව වගේ ප්‍රශ්නයක් තියෙනව නම් කරන්න ඕන මුලින්ම කිව්ව ආයතන දෙකට පැමිණිලි කරන එක. ඒ හැරෙන්න ෆේස්බුක් එකේ ඒ ගැන ලිව්ව කියල විසඳුම් ලැබෙන්නෙ නෑනෙ. එහෙම කවුරි හරි පැමිණිලි කරනව නම් ඒ අදාළ වාහනය භාවිත කළ පෙට්‍රල්වල සාම්පල් එකක් අරගෙන, කවදා කොහෙන් මිලදී ගත්තද? කියල හොයල මොන ටැංකියෙන්ද ඒ තෙල් නිකුත් කළේ කියල හඳුනගන්න පුළුවන්. අපට හැම දවස් තුනකට පාරක්ම පෙට්‍රල් නැවක් එනව. මොන නැවේ ආපු පෙට්‍රල්වලද ප්‍රශ්නය තියෙන්නෙ කියල අපි හඳුනගන්න ඕන. එහෙම හඳුනගන්න තමයි පුද්ගලයෙක් නිශ්චිතව පැමිණිල්ලක් දාන්න ඕන.

පෙට්‍රල් ප්‍රශ්නයත් එක්කම ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුමත් කරලියට ආවා, ඔබ කියල තිබුණා පසුගිය සතියෙ ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම එක්ක ඉදිරියෙදි මෙරටට විශාල ප්‍රතිලාභ ලැබෙන බව. මොනවද ඒ ප්‍රතිලාභ…?

ඉන්දියාවට අයිතිවෙලා තිබුණු තෙල් ටැංකි 99න් 24ක් අපි තෙල් සංස්ථාවට ගත්ත. ඒ අනුව ඉදිරියෙදි උතුරු පළාත, උතුරු මැද පළාත, නැගෙනහිර පළාත, බදුල්ල දිස්ත්‍රික්කය සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙ වැඩි ප්‍රදේශයක් සඳහා ත්‍රිකුණාමලයෙ සිට තෙල් බෙදීම ආරම්භ කරන්න පුළුවන්. එතකොට අවුරුද්දට රුපියල් බිලියනයක් ඉතුරු කරන්න පුළුවන්. ඒ වගේම අවුරුදු සීයක් තිස්සේ දිරාපත්වෙමින් තිබුණු ටැංකි ප්‍රතිසංස්කරණය කරල තෙල් ගබඩා කිරීමට අවශ්‍ය ආයෝජකයන්ට හා ව්‍යාපාරිකයන්ට ගබඩා පහසුකම් සැපයීමෙන් දැවැන්ත ලෙස විදේශ විනිමය උපයන්න පුළුවන්. මේ දේවලින් තෙල් සංස්ථාවට මුදල් ඉතිරියක් වෙනව වගේම රටට විදේශ විනිමය ගලා එනව.

ඒ වගේම ඔබතුමා පසුගිය කාලෙ අපේ රටේ තියෙන තෙල් නිධි සම්බන්ධ කතාව නැවත කරලියට ගෙනාව. දැන් ඒකෙ අලුත්ම තත්ත්වය මොකක්ද?

මාර්තු මාසයෙ වෙන්දේසි කිරීම ඉලක්ක කරගෙන අවශ්‍ය තාක්ෂණික විශ්ලේෂණ මේ දිනවල හදාගෙන යනව.

පසුගිය දවසක පොළේ ගියපු නියෝජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්තට ‘ස්වීප් ටිකට්’ එකක් ඇදුනනේ. අපි දකිනව උදය ගම්මන්පිල ඇමැතිතුමත් නිතර ආණ්ඩුව විවේචනය කරනව. ඊළඟ ‘ස්විප්’ එක ඇදෙන්නේ ඔබට කියලත් කියනවා….

ඇමැති තනතුරට ලෝබ කමෙන්, කතා කළ යුතු තැන්වල මම නිහඬව ඉඳල නෑ. මම මීට කලින් ඇමැතිධුර දරද්දිත් ඇමැතිකම රැකගැනීම වෙනුවෙන් මගේ ස්ථාවරයන් වෙනස් කරගෙන නෑ. ඇමැතිකම නැතිවෙනව නම් නැති වෙද්දෙන්. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි.

විපක්ෂය නම් කියන්නෙ ඔබතුමන්ලගෙ විවේචන ආණ්ඩුවෙම තිරපිටපතක් කියල. සුසිල් ප්‍රේමජයන්ත එළියට යන්නත් උදය, විමල් තාමත් ඇතුළෙ ඉන්නෙත් ඒ නිසා කියල…

විපක්ෂය කෙසේ කීවත්, ජනතාව සිහිබුද්ධියෙන් අසයි.

ඉදිරියටත් ආණ්ඩුව ඇතුළෙ ඉඳගෙනමද විවේචන…

අපි මේ ආණ්ඩුව හදන්න බලවත් කැපකිරීමක් කළා. අපි විසින් ඇති කරපු අරගලයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ආණ්ඩුව බලයට එන්නෙ. දුන්නු පොරොන්දු ආණ්ඩුව අභ්‍යන්තරයෙ ඉඳන් ඉටුකර දෙන එක අතිශයින්ම දුෂ්කරයි. ඒ නිසා විපක්ෂයේ වාඩිවෙලා ආණ්ඩුව විවේචනය කිරීමේ පහසු විකල්පය වෙනුවට ආණ්ඩුව ඇතුළෙ අරගල කරමින් ආණ්ඩුව ඇතුළෙ දුන්නු පොරොන්දු ඉටුකිරීම කියන තැනට තල්ලු කිරීමේ දුෂ්කර විකල්පය තෝරගෙන තියෙනව.

හැබැයි ඔබ ඇතුළු කණ්ඩායමක් නව දේශපාලන බලවේගයක් වෙනුවෙන් වෙනත් දේශපාලන බලවේග එක්ක කතාකරන බවට කතා පැතිරුණා. මේ හැම විවේචනයක්ම ඉදිරි මැතිවරණයකදී නව දේශපාලන පෙරමුණක් තැනීමේ යටි අදහසින් ක්‍රියාත්මක ඒවාද?

දේශපාලන පක්ෂ විදිහට අපි නිරන්තරයෙන්ම දේශපාලන නායකයන් සමග සංවාදයක යෙදෙනව. ආණ්ඩු පක්ෂයෙ දේශපාලන නායකයන් සමග සාකච්ඡා කරනව. විපක්ෂයෙ නායකයන් සමග සාකච්ඡා කරනව. ඒක නිසා පක්ෂ නායකයන් විදිහට රටේ අනෙකුත් පක්ෂ නායකයන් සමග කතා කරන්න අපිට අයිතියක් තියෙනව. එම අයිතිය අපි පාවිච්චි කරනව.

ඇත්තටම ආණ්ඩුව ඇතුළෙ සාමූහික වගකීම බිඳවැටිලද?

සමහර තීන්දු ජනාධිපතිතුමා තනියෙන් ගන්න තීන්දු. සමහර තීන්දු ඇමැතිවරු තනියෙන් ගන්න තීන්දු. සමහර තීන්දු ඇමැති මණ්ඩලය විදිහට ගන්න තීන්දු. ජනාධිපතිතුමාට ජනාධිපති වශයෙන් ගන්න තීන්දු තනියෙන් ගන්න සම්පූර්ණ අයිතිය තියෙනව. සමහර අවස්ථාවලදී ජනාධිපතිතුමා තනියෙන් ගන්න ඕන තීන්දු ඇමැතිවරු එක්ක කතා කරල ගන්නව. එහෙම අවස්ථාවලදී ඇමැති මණ්ඩලයම සාමූහික වගකීමකින් බැඳිල ඉන්නව. තීන්දු තීරණ සාමූහිකව ගන්නවද, තනියෙන් ගන්නවද කියන එක ජනාධිපතිතුමාගේ පෞද්ගලික තීරණයක්.

•සංවාදය – ලක්මාල් බෝගහවත්ත
– aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තෙල් හිගයක් ඇති නොවේ යයි කිසිසේත්ම සහතික වෙන්න බෑ.. ඩොලර් තත්වය අන්තිම දරුණුයි - ගම්මන්පිල
තෙල් හිගයක් ඇති නොවේ යයි කිසිසේත්ම සහතික වෙන්න බෑ.. ඩොලර් තත්වය අන්තිම දරුණුයි - ගම්මන්පිල
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiGGhDviOnKdAX6mFSBBs0ewQvy5oOChc0fhe6v-nny47TptI_Axg8DV47b9AmXMWlaAPYx713Ej2ZMnlXocDAP_-1e6S2IhdE_tdgppSUkJ6oVbTpX77fFf1W2uq6_CaVxq4AAcwaZwIkuKd8z2xzTXByxbsOuN_XaZlUQrC5zKUp9K9Oxw13ErGDfPg=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiGGhDviOnKdAX6mFSBBs0ewQvy5oOChc0fhe6v-nny47TptI_Axg8DV47b9AmXMWlaAPYx713Ej2ZMnlXocDAP_-1e6S2IhdE_tdgppSUkJ6oVbTpX77fFf1W2uq6_CaVxq4AAcwaZwIkuKd8z2xzTXByxbsOuN_XaZlUQrC5zKUp9K9Oxw13ErGDfPg=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_70.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_70.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy