ලඟදීම අනිවාර්යය විදුලි කප්පාදුවකට යා යුතු යැයි තමා අනුමාන කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (2...
ලඟදීම අනිවාර්යය විදුලි කප්පාදුවකට යා යුතු යැයි තමා අනුමාන කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
ගෙවුණු වසර 08ක කාලය තුළ පුනර්ජනනීය හෝ තාප බලශක්ති ප්‍රභවයන් කිසිවක් ජාතික විදුලිබල පද්ධතිය වෙත අලුතින් එකතු කර නොමැති බව අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම වාර්ෂික 8%කින් පමණ ඉහළ යන බව අනාවරණය කරන ගම්මන්පිල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එබැවින් කාලානුරූපීව එම ඉල්ලුම සපුරාලීමට කටයුතු කිරීමට රජයන්ට සිදුවන බව යි.
එමෙන්ම මේවන විට රට තුළ පවතින තාප බලාගාරවලට රට තුළ ඇති සමස්ත විදුලි ඉල්ලුම සපුරාලීමට හැකියාවක් නොමැති බව යි ඔහු පෙන්වා දෙන්නේ.
ඒ නිසා අනිවාර්ය විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවට තමා අනුමාන කරන බව ඔහු සඳහන් කරනවා.
පෙබරවාරි මාසයේ මැද සිට හෝ මාර්තු මාසයේ මුල සිට මෙම විදුලි කප්පාදුව ආරම්භ වනු ඇති බව සිය අනුමානය බව යි ගම්මන්පිල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඔහු පෙන්වා දෙන්නේ සමස්ත විදුලි ඉල්ලුමෙන් දෙසැම්බර් මාසයේ දී 60%ක ප්‍රමාණයක් සහ නොවැම්බර් මාසයේ දී 65%ක් සපුරාගෙන ඇත්තේ ජල විදුලි බලාගාර මගින් බවට රජයේ සංඛ්‍යා ලේඛණ සාක්ෂි දරන බව යි.
කෙසේ වෙතත් ජල විදුලි බලාගාර මගින් ජාතික විදුලි ඉල්ලුමට ලබා දෙන විදුලිය ප්‍රමාණය මේවන විට 25%ක් දක්වා පහත වැටී ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළා.
එමෙන්ම ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා ශ්‍රී ලංකාව තුළ වියළි කාලගුණයක් පවතින බැවින් ජලාශවල ජල මට්ටම බොහෝ සෙයින් පහළ යන බව අදාළ විදෙස් නාලිකාවට පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම කාලය තුළ රටෙහි විදුලි ඉල්ලුම යැපෙන්නේ තාප බලාගාර මත බව යි.
මෙවන් තත්ත්වයක් මත ජල විදුලි බලාගාරවලට සපුරාලිය නොහැකි ඉල්ලුම සපුරාලිය යුතු වන්නේ තාප බලාගාර මගින් බව ඔහු පවසන අතර, අවාසනාවකට නව තාප බලාගාර පද්ධතියට එකතු කර නොමැති හෙයින් මේවන විට පවතින තාප බලාගාරවලට වර්තමාන විදුලි ඉල්ලුම සපුරාලීමට ධාරිතාවක් නොමැති බව ද සඳහන් කළා.

COMMENTS