කංසා තහනමට අදාළ නීති ඉවත් කර, අලුතින් රෙගුලාසි පැනවීමට අදාළ කෙටුම්පත් සකස් කිරීමේ පටිපාටිය ඉදිරි සති කිහිපය තුළ අවසන් කෙරෙනු ඇති බව දේශීය ...
කංසා තහනමට අදාළ නීති ඉවත් කර, අලුතින් රෙගුලාසි පැනවීමට අදාළ කෙටුම්පත් සකස් කිරීමේ පටිපාටිය ඉදිරි සති කිහිපය තුළ අවසන් කෙරෙනු ඇති බව දේශීය වෙදකම ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.
"මේ සඳහා තියෙන තහනමට අදාළ නීති ඉවත් කරලා අලුත් රෙගුලාසි පනවන්න අවශ්‍ය වෙනවා. දේශීය වෙදකම ප්‍රවර්ධන අමාත්‍යාංශය විදියට ඉදිරි සති කිහිපය තුළ ඒවා විශේෂයෙන්ම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවත් අධිකරණ අමාත්‍යාංශයත් සම්බන්ධ කරගෙන, ඒ පටිපාටිය අපි අවසන් කරගෙන යන්නෙ. පාර්ලිමේන්තුවටත් කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කරලා මේ අනුමැතිය ගන්න උත්සාහ කරනවා.
අපනයනය අරමුණු කරගෙන තමයි මෙය සිද්ධ කරන්නෙ. ඒ බීජ හෝ කිසිදෙයක් ආනයනය කරලා අපේ රට තුළ වෙනත් දේවල් ව්‍යාප්ත වෙන්න අපි ඉඩකඩ දෙන්නෙ නෑ"
රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව පැවසුවේ ඊයේ (09) කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
COMMENTS