දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවේ ආර්ථිකය ගොඩදාගන්න අගමැති ඉස්ලාමීය රටවල සහයෝගය ඉල්ලයි
Homeප්‍රවෘත්ති

ලංකාවේ ආර්ථිකය ගොඩදාගන්න අගමැති ඉස්ලාමීය රටවල සහයෝගය ඉල්ලයි

PropellerAds

ඉස්ලාමීය රටවල තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන්ගේ හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේ දී පැ...

තෙල් අර්බූදය දරුණුයි! තෙල් ඇමැති රාජ්‍ය නිලධාරීන්ට ගෙදර ඉඳන් වැඩ කරන්න කියයි!
චම්පික තනතුරකට සූදානම්! ඒ බව දැනුම් දෙයි!
21 ජනමතයට පටහැනියි… සජිත්ගෙන් අන්තර්ජාලයට වීඩියෝවක් (VIDEO)
ඉස්ලාමීය රටවල තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන්ගේ හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.

මෙම හමුව සහ රාත්‍රි භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ ආරාධනාව අනුවය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී පැමිණි සිටි තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සමඟ සුහඳ සාකච්ඡාවක නිරත විය.

කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග මෙහි පැමිණ සිටි තානාපති හා මහ කොමසාරිස්වරුන්ගේ ඇගයීමට ලක්විය.

ඉස්ලාමීය රටවල් සමඟ දැනට පවතින ද්විපාර්ශවික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාම සහ අන්‍යෝන්‍ය ක්‍රියාකාරකම් හා ව්‍යාපෘති ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වීම සම්බන්ධයෙන් තානාපතිවරු මෙහි දී අදහස් පළ කළහ.

වසංගත තත්ත්වය හමුවේ අභියෝග ජයගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා වත්මන් රජය දරණ     වෙහෙස පිළිබඳව මෙහි දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට ඉස්ලාමීය රටවල සහයෝගය අඛණ්ඩව  අපේක්ෂා කරන බව මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවේ ප්‍රකාශ කළේය.

ඉස්ලාමීය රටවල් නියෝජනය කරන ශ්‍රී ලංකා තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු 15 දෙනෙක් මෙම හමුවට එක්ව සිටියහ.

ඕමානය, පලස්තීනය, කුවේට් රාජ්‍ය, සෞදි ආරාබිය,මලයාසියාව,කටාර්,තුර්කිය,ඉරානය, ලිබියාව,එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඉන්දුනීසියාව සහ ඊජීප්තුවේ ශ්‍රී ලංකා තානාපතිවරු සහ මාලදිවයින, බංග්ලාදේශය, පාකිස්ථානය රටවල් නියෝජනය කරමින් එම රටවල ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරු මෙම අවස්ථාවට එක්වූහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවේ ආර්ථිකය ගොඩදාගන්න අගමැති ඉස්ලාමීය රටවල සහයෝගය ඉල්ලයි
ලංකාවේ ආර්ථිකය ගොඩදාගන්න අගමැති ඉස්ලාමීය රටවල සහයෝගය ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAxPmZXm4dM3IF8wGTgW4lIuitGWI3IUdMo6yookjPblPYPv-EXiPWntCDHoZ_aNYUYn2TSQ8uxyFZYc_9EJokcFjGp198lDVh97O2_W_6Jb5qsO6W7BUavZ0caHLETFJong-oazLg9UOJ/s320/mahinda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAxPmZXm4dM3IF8wGTgW4lIuitGWI3IUdMo6yookjPblPYPv-EXiPWntCDHoZ_aNYUYn2TSQ8uxyFZYc_9EJokcFjGp198lDVh97O2_W_6Jb5qsO6W7BUavZ0caHLETFJong-oazLg9UOJ/s72-c/mahinda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_97.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_97.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy