දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චම්පික තනතුරකට සූදානම්! ඒ බව දැනුම් දෙයි!
Homeප්‍රවෘත්ති

චම්පික තනතුරකට සූදානම්! ඒ බව දැනුම් දෙයි!

PropellerAds

මේ වන විට රටේ සමස්ත ජන ජීවිතයම මහා අනතුරකට ඇද දමා තිබෙන ආර්ථික අර්බුදයේ හා දේශපාලන අර්බුදයේ ගැඹුර මනාව වටහා ගනිමින්ද එය හමුවේ සමාජයේ සියලු...

රසග කල නගරධපත නවසට කට 2ක වයදම කළ තල හළවල!
පල අනපත වශල ලස අඩ කරය.. නව පල අනපත මනන
Ampitiye Sumanarathana Thero
මේ වන විට රටේ සමස්ත ජන ජීවිතයම මහා අනතුරකට ඇද දමා තිබෙන ආර්ථික අර්බුදයේ හා දේශපාලන අර්බුදයේ ගැඹුර මනාව වටහා ගනිමින්ද එය හමුවේ සමාජයේ සියලු පාර්ශ්ව වගකීමකින් කටයුතු කිරීමේ වැදගත් කම අවධාරණය කරමින්ද පොදු අවම වැඩ පිළිවෙලක් බලගැන්වීම වෙනුවෙන් 43 සේනාංකය පහත සඳහන් යෝජනා සහ අදහස් ඉදිරපත් කර සිටියි.

කවර හෝ විකල්ප ක්‍රියාමාර්ගයක් ඔස්සේ  ආර්ථික අර්බුදය  විසඳා ගැනීම සඳහා රටේ මතු වී තිබෙන දේශපාලන අර්බුදය යම් පමණකට හෝ විසඳා ගැනීම අත්‍යවශ්‍ය වන්නේය.

එහෙයින් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් ඉදිරිපත්ව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් මූලික වී ක්‍රියා කළ යුතුය.

දැන් පිහිටුවා තිබෙන ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවේ. දැනට පිහිටුවා තිබෙන ආණ්ඩුව තාවකාලික ආණ්ඩුවක් ලෙස ප්‍රකාශ කොට  වහාම සර්ව පාක්ෂික ආණ්ඩුවක්  පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යවරයා මූලික වී ක්‍රියා කළ යුතුව ඇත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් එම සර්වපාක්ෂික ආණ්ඩුවට සහභාගී විය යුතුය.

එසේම එම ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් මෙහෙයවීම සඳහා සර්ව පාක්ෂික නායකයන්ගෙන්  සහ පාර්ලිමේන්තුවේ දේශපාලනික වශයෙන් ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ නියෝජනය සහතික වන පරිදි අග්‍රාමාත්‍යවරයා විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටවිය යුතුය.

තවද  පාර්මේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවේ වගකීම  ආරෝපණය වන පරිදි විධායක කාරක සභා පිහිටුවා ආණ්ඩුවේ කටයුතු විෂයයන් වශයෙන් වෙන් කර ඒවාට අදාල ප්‍රතිපත්ති සහ ආණ්ඩුවේ කටයුතු නීර්ණය කිරීම එම කාරක සභා වලට පැවරිය  යුතුය. කාරක සභාවේ සභාපති වරයාට අදාල විෂය ක්ෂේත්‍රයට වගකියන අමාත්‍ය වරයා වශයෙන් අමාත්‍ය මණ්ඩලය නියෝජනය කළ හැකිය.

කාරක සභාවට අයත් විෂයයන්ට අදාල රාජ්‍ය ආයතනවල ඉහල තනතුරු සඳහා කෙරෙන පත්කිරීම්

කාරක සභාවේ අනුමැතියට යටත් විය යුතුය.

ජනාධිපති බලතල සීමා කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වළැක්වීම ආදී අංග සහිත යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත  ඉදිරිපත් කර මාසයක කාලයක් ඇතුළත සම්මත විය යුතුය.

එසේම  යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවේ ක්‍රියකාරකම් හා ඒවා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන දින  ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුව විසුරුවා ඊ ළඟ මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වන කාලයද සඳහන් කරමින් ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පළිබඳ පැහැදිලි මාර්ග සිතියමක් ජනතාව හමුවේ ප්‍රකාශයට පත් කළ යුතුය. අප මේ යෝජනා කරන කරුණු බහුතරයක් දැන් පවතින දේශපාලන වාතාවරණය යටතේ සාධනය කර  කිරීම කිසිසේත් දුෂ්කර කටයුත්තක් නොවේ. ඒවා දුෂ්කර කොන්දේසි නොව මේ දුෂ්කර අවස්ථාවේදී ස්ථාවරභාවයක් ළඟා කර ගැනීම සඳහා අත්‍යවශයෙන් සපුරාගත යුතු සහ සපුරා ගත හැකි අවශ්‍යතාවකි.

මේවා ඉහත දැක්වූ පරිදි සිදුවන්නේ නම් එවැනි වාතාවරණයක් තුළ 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  පාඨලී චම්පික රණවක මහතා  බලශක්ති විෂය පිළිබඳ කාරක සභාවේ හෝ වෙනත්  ඕනෑම කාරක සභාවක වගකීම දැරීමට ඉදිරිපත්වන බව ප්‍රකාශ කොට සිටිමු.

– Media unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චම්පික තනතුරකට සූදානම්! ඒ බව දැනුම් දෙයි!
චම්පික තනතුරකට සූදානම්! ඒ බව දැනුම් දෙයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgd2ulDywSNLmaP83lEHmUd5lZM8JG9KXi22BNluouof1mvTGGa5IGMKCdSFs3aCwb273bvCpCL82rUNLxy_XgFnw5duDxmciMLudlms0diO0HCYlQA-vhjepgBaOwvJh6n_3-_XmhL-sYqjQdsGiD-Pj31Wtrg4SSREkTx5KB6pi7s-7CB9XdaEdA-aw/s320/champika.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgd2ulDywSNLmaP83lEHmUd5lZM8JG9KXi22BNluouof1mvTGGa5IGMKCdSFs3aCwb273bvCpCL82rUNLxy_XgFnw5duDxmciMLudlms0diO0HCYlQA-vhjepgBaOwvJh6n_3-_XmhL-sYqjQdsGiD-Pj31Wtrg4SSREkTx5KB6pi7s-7CB9XdaEdA-aw/s72-c/champika.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_92.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_92.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy