පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියාට පහරදුන් බවට චෝදනා එල්ලව ඇති එක්සත් ජාතික පක්ෂ පාර්ලි...
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියාට පහරදුන් බවට චෝදනා එල්ලව ඇති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇති බව වාර්තා වේ.
සිද්ධිය සිදු වන අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ රථයේ යතුර ද පැහැරගෙන පසුව ලබාදී ඇති බව අප වාර්තාකරු සදහන් කළේය.
මෙම සිද්ධිය ඇති වුයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ වාහන එකිනෙක පසු කිරීමේදී ඇතිවූ බහින්බස් විමක් දුරදිග යාමෙනි.
සිද්ධියෙන් පසු දෙපාර්ශ්වයේම රියදුරන් රෝහල් ගත වූ අතර ඉන් මන්ත්‍රීවරයාගේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS