දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෑස් සිලින්ඩරය පිපුරුවේ නැතිවුනාට වෙන කෑල්ලක් පුපුරනවා.. ජනතාව බයෙන් ඉන්නේ…
Homeප්‍රවෘත්ති

ගෑස් සිලින්ඩරය පිපුරුවේ නැතිවුනාට වෙන කෑල්ලක් පුපුරනවා.. ජනතාව බයෙන් ඉන්නේ…

PropellerAds

‘ගෑස් සම්බන්ධ මෙහෙම වෙන්න කිසිම දේකට නීත්‍යානුකූල ක්‍රමවේදයක් හදල නැහැ. මේ හැම දෙයක්ම සදහා ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. මේවට ප්‍රතිපත්...

ගෝටාභය විසින් ගෙල මිරිකා මරා දැමීමට ආරම්භ කලා.. 20 සංශෝධනය ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවට වඩා බරපතලයි..
වනරක්ෂිත සේම ජනතාවට ජීවත් වීමේ අයිතිය ද වටිනවා.. ආනවිලුන්දාවේ රක්‍ෂිතය හෙලිපෙහෙලි කිරීමක් සිදුව නෑ..
20ට සහාය දෙන්න විපක්‍ෂයෙන් 09ක් පනී.. විපක්‍ෂයේ දෙමල පක්‍ෂ ආණ්ඩුවට..
‘ගෑස් සම්බන්ධ මෙහෙම වෙන්න කිසිම දේකට නීත්‍යානුකූල ක්‍රමවේදයක් හදල නැහැ. මේ හැම දෙයක්ම සදහා ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. මේවට ප්‍රතිපත්තියක් හදන්න ඕන. මේකට විතරක් නෙවෙයි මේ හැම දෙයක්ම සදහා ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ‍ මේකට ඉක්මන් තිරසාර විසදුමක් දීල ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන’ යයි  කුඩා වැවිලිභෝග ආශ්‍රිත අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.

අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පල කර සිටියේ කොළොන්න ප්‍රදේශයේ අපනයන ගම්මාන පිහිටුවීමේ වැඩසටහනකට එක්වීමෙන් අනතුරුවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය වරයා කියා සිටියේ,

‘ගෑස් සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් මේ විදියට මෙතෙක් කල් මෙහෙම සිදුවීම්  මේ විදියට වෙලා නැහැ. මේ සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවේදීත් කතා කලා. මේ ගෑස් සමාගම් ඇවිත් ඒ අයගේ අදහසත් කිව්වා.

මේ පිපිරීම් සිදුවන්නට යම්කිසි වැරැද්දක් තියෙනවා. එසේ නොමැතිව මෙහෙම වෙන්න විදියක් නැහැ. මේ සම්බන්ධයෙන් අපි පරික්ෂණයක් කරනව. මේ වෙලාවේ රජය ජනතාව මේ අපි සියලුදෙනාම හැමෝම බයෙන් ඉන්නේ තමන්ගේ ගෙදර ගෑස් සිලින්ඩරය කොයි වෙලාවේ පුපුරයිදකියල. ඒක ඒ බය මේ කතාකරන මටත් තියෙනව. මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් කරල මේකට විසදුමක් දෙන්න ඕන ‍මොකද මේ රටේ ගෑස් වලින් විතරක් ඒවා

පාවිච්චි කරන පවුල් විසිහතර ලක්ෂයක් ඉන්නව. විශාල පිරිසක් ගෑස් පාවිච්චි කරනව. ජනතාවට බය නැතිව තමන්ගේ ගෑස් ලිපේ උයාගන්න පුලුවන් වෙන්න ඕන.

එක වෙලාවෙදි ගෑස් සමාගම් කියනව අපේ ගෑස් සිලින්ඩරය කොහේවත් පිපිරිල නැහැ කියල. හැබැයි ගෑස් සිලින්ඩරය පිපුරුවේ නැතිවවුනාට වෙන මොකක්හරි කෑල්ලක් පුපුරනවා.  ජනතාව හුගක් බයෙන් ඉන්නේ අපි ඉක්මනින් මේ ප්‍රශ්නය විසදලා දිය යුතුයි. මේ සමාගම් රජයෙද පුද්ගලිකද කියන එක අදාල නැහැ මොන සමාගම වැරැද්ද කලත් ඒ අයට විරුද්දව කටයුතු කල යුතුයි.

මේ විදුලි ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි සොයා බලනවා. මේක ඇත්තටම දෙයක්ද නැත්නම් රජය අපහසුතාවයට පත් කරන්න කරන ලද දෙයක්ද යන්න අපි සොයා බලනව. මේ හැම දේටම ප්‍රතිපත්තියක් හදන්න ඕන මොන ආණ්ඩුව ආවත් මොන ආණ්ඩුව ගියත් වෙනස්වෙන්නේ නැති ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. වර්තමාන ජනාධිපතිතුමා එහෙම කෙනෙක් හැටනම ලක්ෂයක් එතුමාට ජන්දය දීල පත්කලේ මේ රටේ නොකල වැඩ කොටසක් කරන්න. රටේ හරි ප්‍රතිපත්තියත් එක්ක ඉස්සරහට යන්න. අපේ ප්‍රතිපත්තිය තමයි රාජ්‍ය දේපලවිකුණන්නේ නැහැ කියන එක.ඒ නිසා අපි අදටත් හෙටටත් කියන්නේ  අනෙත් අය අවුරුදු අනූ නවයකට බදු දීල ඊට පස්සේ තව අනූ නවයකට බදු දීපු අය  අද අවුරුදු 10කට 15 කට බදු දුන්න එක විකුණුවා කියනවා. ආණ්ඩුව මොනව කලත් ඒක වැරදියි කියන්න ගොඩක් අය බලන් ඉන්නවා. මේ හැම එකක් සදහාම ප්‍රතිපත්තියක් හදන්නආණ්ඩුව ඉදිරියේදී කටයුතු කරනවා’

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෑස් සිලින්ඩරය පිපුරුවේ නැතිවුනාට වෙන කෑල්ලක් පුපුරනවා.. ජනතාව බයෙන් ඉන්නේ…
ගෑස් සිලින්ඩරය පිපුරුවේ නැතිවුනාට වෙන කෑල්ලක් පුපුරනවා.. ජනතාව බයෙන් ඉන්නේ…
https://blogger.googleusercontent.com/img/a/AVvXsEg2FSw_0nqPgWvPqaqdjfAFEtFuS7BrBKWnzud4-jVqV6BJoNMmn9Eu-xb2PdsOuTelTNSK99JkjpCcADo-QgC_ViFzD-AJZ6RvYt-VXKjrju1uysmXrKuROHG82ypRjbcm2E83A5TOazcWNJ4a-sqOVQpgVFO-cZDCMFmgCBUsz0YdBqudFZdxm6RBpw=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEg2FSw_0nqPgWvPqaqdjfAFEtFuS7BrBKWnzud4-jVqV6BJoNMmn9Eu-xb2PdsOuTelTNSK99JkjpCcADo-QgC_ViFzD-AJZ6RvYt-VXKjrju1uysmXrKuROHG82ypRjbcm2E83A5TOazcWNJ4a-sqOVQpgVFO-cZDCMFmgCBUsz0YdBqudFZdxm6RBpw=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_63.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_63.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy