දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෑස් අනතුරුවලට වන්දි ගන්නේ මෙහෙමයි; ලොක්කන්ට ''සාපරාධී නොසැලකිල්ල''ට අපරාධ නඩු
Homeප්‍රවෘත්ති

ගෑස් අනතුරුවලට වන්දි ගන්නේ මෙහෙමයි; ලොක්කන්ට ''සාපරාධී නොසැලකිල්ල''ට අපරාධ නඩු

PropellerAds

ගෑස් නිෂ්පාදනය කරන සමාගම් ගෑස් සංයුතිය වෙනස් කර ඇත්තේ නිසි ක්‍රමවේදය තුළ නොවේ නම් එම සමාගම්වලට එරෙහිව ''සාපරාධී නොසැලකිල්ල'...

මහින්දට-බැසිල්ට හොරා කියන්න බැරි පනතක්... හොරා කිව්වොත් අත්අඩංගුවට!
ටෙලිපෝන් 29ක් එනවා.. ජනාධිපති උපදේශකයෙකු පොහොට්ටුවට කියයි…
හම්බන්තොට තෙල් පිරිපහදුවක් දාන්න ආපු සමාගමක් ලියාපදිංචි වී තිබුණේ නයිජීරියාවෙ මුඩුක්කුවක – අනුර කුමාර
ගෑස් නිෂ්පාදනය කරන සමාගම් ගෑස් සංයුතිය වෙනස් කර ඇත්තේ නිසි ක්‍රමවේදය තුළ නොවේ නම් එම සමාගම්වලට එරෙහිව ''සාපරාධී නොසැලකිල්ල'' යටතේ අපරාධ නඩු පැවරිය හැකි බව නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පවසයි.

"අර ආයතනයේ ප්‍රධානියෙක් කිව්ව නේ ඒගොල්ලෝ මේකේ සංයුතිය වෙනස් කළා කියලා. එතකොට ඒ සංයුතිය වෙනස් කළේ නියම ක්‍රමවේදය ඇතුළේ නෙවෙයි නම්, ඒක නොසැලකිලිමත්ව කරලා තියෙනවා නම්, ඒ වගේ වෙලාවක මේකෙන් වෙන්න පුළුවන් හානිය ගැන මේ වගේ විධියට සංයුතිය වෙනස් කළාට පස්සේ වෙන්න පුළුවන් හානිය ගැන නොසැලකිලිමත්ව නිසි අවබෝධයක් අවධානයක් නැතිව කරන්නම් වාලේ කළා නම් එතන සාපරාධී නොසැලකිල්ලක් තියෙනවා. ඒ අනුව අපරාධ නඩුවක් පවරන්න පුළුවන්."

කුමාරප්පෙරුම මහතා පෙන්වා දුන්නේ, ගෑස් අනතුරුවලින් අගතියට පත්වුණු මහ ජනතාවට ද අදාළ සමාගම්වලට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගත හැකි බව ය.

"තුවාල වෙච්ච අය සම්බන්ධයෙන් වන්දි ඉල්ලන්න ත් පුළුවන්. සිවිල් නඩුවකින් හරි දේපළ අලභහානි වෙච්ච අයට වන්දි ඉල්ලන්න ත් පුළුවන්."

එමෙන් ම, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට සෘජුව මැදිහත් වී ඒ පිළිබඳව නිසි විමර්ශනයක් සිදු කර එම ආයතනයට නඩු පවරා බලපත්‍රය අහෝසි කළ හැකි බව ද කුමාරප්පෙරුම මහතා පෙන්වා දුන්නේ ය.

"පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඒ ගොල්ලන්ට පුළුවන් මේක සම්බන්ධයෙන් සෘජු මැදිහත්වීමක් වෙලා මොකක් ද මේ ප්‍රශ්නය කියලා බලලා ඉවර වෙලා ඒ අදාළ ආයතනයට විරුද්ධව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, නඩු පැවරීමක් කරලා ඒකෙ ලයිසන් එක නවත්තන ත් පුළුවන්." 

කුමරප්පෙරුම මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජය මැදිහත් නොවූයේ නම්, මූලික අයිතිවාසිකම් කඩවීම යටතේ ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් අයැදුම් පතක් ගොනු කළ හැකිව තිබුණු බව ය.

"මේකට රජය මැදිහත් වෙන්නේ නැත්නම්, ජනතාවට අනතුරක් සිද්ධ වෙනවා නම් රජය අනිවාර්යයෙන් ම මේකට ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. නැත්නම් මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් මෙතන තියෙනවා. මිනිස්සු ඉතා ම බරපතළ විධියට මේකෙන් පීඩාවට පත් වෙලා රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැයි කියන පදනමේ ඉඳලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඕන නම් ඉල්ලීමක් කරන්න අභියාචනාධිකරණයට රිට් අයැදුම්පතකුත් දාන්න පුළුවන්. මේකට විධිමත් පරීක්ෂණයක් කරලා, දෝෂයක් තියෙනවා නම්, හැබැයි දැන් කමිටුවක් දාලා නේ. ඒක නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක අදාළ වෙන්නේ නැහැ."

මූලාශ්‍රය - මව්බිම


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෑස් අනතුරුවලට වන්දි ගන්නේ මෙහෙමයි; ලොක්කන්ට ''සාපරාධී නොසැලකිල්ල''ට අපරාධ නඩු
ගෑස් අනතුරුවලට වන්දි ගන්නේ මෙහෙමයි; ලොක්කන්ට ''සාපරාධී නොසැලකිල්ල''ට අපරාධ නඩු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjH0YN7TphrvkK4I6oAqFxNuf3MP8v2nvJY9J4nrdv18k46A7my2-0CbeoOi133hqp8NGRio83HJdEBJ6v6V3z3oHfFg2q0_3Crplck-c4_KfH1oagyspt3E063Kum-n_DUa8Jq1hg02lT_/s320/b2d8f1ab96ab4fab8361ca3ff3413157_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjH0YN7TphrvkK4I6oAqFxNuf3MP8v2nvJY9J4nrdv18k46A7my2-0CbeoOi133hqp8NGRio83HJdEBJ6v6V3z3oHfFg2q0_3Crplck-c4_KfH1oagyspt3E063Kum-n_DUa8Jq1hg02lT_/s72-c/b2d8f1ab96ab4fab8361ca3ff3413157_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_43.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_43.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy