දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලබන වසරේ සිට රිවස් නෑ. කවුරු විරුද්ධ වුණත් තදබල තීන්දු ගැනීමට ජනපති සූදානම් ! – දිළුම්
Homeප්‍රවෘත්ති

ලබන වසරේ සිට රිවස් නෑ. කවුරු විරුද්ධ වුණත් තදබල තීන්දු ගැනීමට ජනපති සූදානම් ! – දිළුම්

PropellerAds

ලබන වසරේ සිට කවුරුන් හරස් වුවත් එය නොසලකා තදබල තීන්දු තීරණ ගැනීමටත් කවර තත්වයක් මත හෝ එම තීන්දු ආපසු නොහැරවීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ම...

පාර්ලිමේන්තුවට ගුවනින් පහර දීමේ සැලසුමක්.. ගුවන් යානා නාශක අවි සවි කෙරේ !
කුඩාඔය අවි ගබඩාව හිමිකරුගේ පුතා මදුෂ්ගේ පියාගේ අවමඟුලට මල් ඉස්සලු
Gazette Notification
ලබන වසරේ සිට කවුරුන් හරස් වුවත් එය නොසලකා තදබල තීන්දු තීරණ ගැනීමටත් කවර තත්වයක් මත හෝ එම තීන්දු ආපසු නොහැරවීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කර ඇති බව ප්‍රවාහන සේවා හා ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

ප්‍රශ්නය – දුම්රිය වර්ජනයේදී සිදුවුණු පාඩුව වර්ජකයින්ගෙන් අයකර ගන්නවා කියලා මාධ්‍යවල තිබුණා. ඒක ඇත්තක්ද ?

“නෑ ඉතින් එහෙම වෙන්නෙ නෑනෙ. වර්ජකයින්ගෙන් කොහෙද මේක ලබාගන්නෙ ? ඒක කරන්න බෑ. වර්ජකයොත් දැනගන්න ඕනෙ තමන්ගෙ දෙපාර්තමේන්තුවම මේ විදියට පහළට දැම්මොත් අවසානයේදී ඒවාට වෙන්නෙ මොකක්ද කියන එකත්. මේ වර්ජනයේ යම් සාධාරණ පැති තිබුණා, හැබැයි වර්ජනය කරන්න ඉස්සෙල්ලා මේවා අපට දැනුම්දීලා අපි විසඳැව්වෙ නැත්නම් වර්ජනය කළොත් තමයි හොඳ. නමුත් මෙයාලා පාලනාධිකාරියට දැනුම්දීලා විසඳැව්වෙ නැති නිසා තමයි වර්ජනය කරලා තියෙන්නෙ.

නමුත් එහෙම දෙපාර්තමේන්තු වුණත් දිගින් දිගටම වර්ජනය කරනවා නම් ඒවා රජය සතුව තියාගන්නවාද, වෙන කාගෙහරි අයිතියට පත් කරනවාද කියන තීන්දුව වැනි තදබල තීන්දු අපි මේ වර්ෂයේදී ගන්නවා. අපි පැහැදිලිවම කියන්න ඕනෙ, පාඩු ලබන ආයතන පිළිබඳව අපි බරපතළ තීන්දු ගන්න තීරණයක් අරගෙන තියෙනවා. ඒවා වර්ජනය කළොත් වැඩ නතර කරලා හරි ඒ තීන්දු අපි ක්‍රියාත්මක කරනවා. ඒ තීන්දු අපි පස්සට ගන්නෙ නෑ. අපි ලොකු වැරැද්දක් කෙරුවා පහුගිය කාලෙ අපේ සහෝදර පක්ෂ සහ නොයෙකුත් කණ්ඩායම් කියන වර්ජන සහ නොයෙකුත් තීන්දු නිසා අපෙ තීරණ සමහරක් ආපස්සට ගත්තා. ඒකෙන් බරපතළ පාඩුවක් රජයට සිද්ධවෙලා තියෙනවා.

නැගෙනහිර ජැටිය ගැන අපි කතා කළොත්, දැන් තීන්දුව පස්සට ගත්තා. දැන් මොකද වෙලා තියෙන්නෙ ? දැන් ජැටිය හදන්න සල්ලිත් නෑ, විදේශීයව ආපු ආයෝජකයා එන්නෙත් නෑ, වර්ජකයො සතුටින් ඉන්නවා. නමුත් රටට ඒ සල්ලිත් නෑ, ජැටිය හැදෙන්නෙත් නෑ, මොකුත් නෑ දැන් නිකම් ඉන්නවා ලාබෙකුත් නෑ. ඉතිං මෙවැනි තත්වයක්. එනිසා මෙවැනි තීන්දු තීරණ ඉදිරියේදී ගන්නවා රජය හැටියට. ඒවා මොන කොන්දේසියක් පිටවත් ආපස්සට ගන්නෙත් නෑ.

ඊයෙ දිනයෙත් අපි ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරගත්තා. කාට හෝ සාමුහික තීන්දුවලට එකඟ වෙන්න බැරිනම්, තුනෙන් දෙක පිළිබඳව අපට ලොකු ප්‍රශ්නයක් නෑ, අපි ඒ තීන්දු ක්‍රියාත්මක කරන්න ඕනෙ. නැතිවුණොත් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් බලාපොරොත්තු වුණු දේ නොලැබුණයි කියන චෝදනාව ඉදිරියේදී අපට එන්න පුළුවන්. ඔය කියපු වෙලාවට ඒවාට උත්තර දෙන්න ඔය කියපු කවුරුවක්වත් ඉදිරිපත් වෙන්නෙත් නෑ. දැන් සමහරක් තීන්දු තීරණ වලට උපදෙස්, අනුශාසනා දීපු අය හොයාගන්නත් නෑ කොහෙ ඉන්නවද කියලා. එනිසා තදබල තීන්දු කිහිපයක් ක්‍රියාත්මක කරනවා මේ ලබන වසර තුළ.

දුම්රිය දෙපාර්තමේන්තුව ගත්තොත් පාඩු ලබන ආයතනයක්. ශ්‍රී ලංකන් එයාර් පාඩු ලබන ආයතනයක්. මේ ආයතනවල අය අපට පෙන්වන්නෙ නැත්නම් ලාබ ලබන්න උත්සාහ කරනවා කියලා, තවදුරටත් මොකක්ද අපි කරන්නෙ ? දැන් ලංගම පාඩු ලබපු ආයතනයක්. අපි උපදෙස් සහ කරුණු කාරණා කිව්වා, ඒ අය ලාබ ලබන්න උත්සාහ කරනවා කියලා අපට පෙන්නලා තියෙනවා. නැත්නම් කොවිඩ් එක යටතේ පඩි ගෙවන්න විදියක් නෑ භාණ්ඩාගාරෙන් ගන්නෙ නැතුව. එහෙම කරපුවාම අපට පේනවා මේ අයගේ උත්සාහයක් තියෙනවා කියලා. හැබැයි සමහරක් ආයතනවල හැමදාම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නම්, ධාවන කටයුතු කරන්නෙත් නැත්නම්, දිගින් දිගටම පාඩුත් නම්, මිනිස්සුන්ටත් වැඩකුත් නැත්නම් ඒවා වෙන විදියකට සකස් කරන්නත් පුළුවන් නම් ඒ පිළිබඳ ඉදිරියේදී තීන්දු ගන්න වෙයි. මම මේ ආයතනයක් ගැන කියනවා නෙවෙයි, පොදුවේ කියන්නෙ”

රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ අලදෙනිය නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (30) එක්වෙමිනි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලබන වසරේ සිට රිවස් නෑ. කවුරු විරුද්ධ වුණත් තදබල තීන්දු ගැනීමට ජනපති සූදානම් ! – දිළුම්
ලබන වසරේ සිට රිවස් නෑ. කවුරු විරුද්ධ වුණත් තදබල තීන්දු ගැනීමට ජනපති සූදානම් ! – දිළුම්
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgII0mqUvmeGTBAadV1e82uyb2rl0W01G4qbKJ4PkAF8GTcPZDSDGZ6HcjxAyQ4RvTXw_ZKhE_wnUqX6_RMYMibRNbaNaMTcebYqg5bzWxl25Fgtc7XrWjw2sqNo6GcYFLvE2NOw66zctypm8du8PkfEhldV8FwZJnYBCTrZKFJUIAN5HjCfHqCX0OpXQ=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgII0mqUvmeGTBAadV1e82uyb2rl0W01G4qbKJ4PkAF8GTcPZDSDGZ6HcjxAyQ4RvTXw_ZKhE_wnUqX6_RMYMibRNbaNaMTcebYqg5bzWxl25Fgtc7XrWjw2sqNo6GcYFLvE2NOw66zctypm8du8PkfEhldV8FwZJnYBCTrZKFJUIAN5HjCfHqCX0OpXQ=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_308.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_308.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy