දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සපුගස්කන්ද වසා දැමූ ඇත්ත කුමන්ත්‍රණය එළියට එයි! කෝටි ගාණක වංචාවක් කරමින් කිසිම සුදුසුකමක් නැති නයිජීරියානු සමාගමක් අරන් ආවේ කව්ද? (VIDEO)
Homeප්‍රවෘත්ති

සපුගස්කන්ද වසා දැමූ ඇත්ත කුමන්ත්‍රණය එළියට එයි! කෝටි ගාණක වංචාවක් කරමින් කිසිම සුදුසුකමක් නැති නයිජීරියානු සමාගමක් අරන් ආවේ කව්ද? (VIDEO)

PropellerAds

පසුගිය ජූලි මාසයේ දී මෙරටට බොරතෙල් ආනයනය කිරීම සඳහා වන බොරතල් බැරල් මිලියන 6.3 ක ටෙන්ඩරය ලබා දී ඇත්තේ තෙල් ක්ෂේත්‍රයේ කිසිදු අත්දැකීම් නොම...

හලාල් නීතිගත කරන්න ප්‍රමිති ආයතනයට ලිඛිත දැනුම්දීමක් !
Political leaders of the plantation
සජිත්ගේ ඉල්ලීම තඹේකට නොතකයි.. ජනාධිපති අපේක්‍ෂක නම් කිරීම නව සන්ධානයෙන් පසුවයි !
පසුගිය ජූලි මාසයේ දී මෙරටට බොරතෙල් ආනයනය කිරීම සඳහා වන බොරතල් බැරල් මිලියන 6.3 ක ටෙන්ඩරය ලබා දී ඇත්තේ තෙල් ක්ෂේත්‍රයේ කිසිදු අත්දැකීම් නොමැති නයිජීරියානු සමාගමකට බවත්, එය නයිජීරියානු ඉදිකිරීම් සමාගමක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.

එම සමාගම මේ දක්වා ශ්‍රී ලංකාවට කිසිදු තෙල් තොගයක් නැව්ගත කිරීමක් සිදුකර නොමැති බවත්, සපුගස්ගන්ද පිරිපහදුව වැසීමට හේතුවූයේ එම කරුණ බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී කබීර් හෂීම් මහතා,

පිරිපහදුව වැසීම පිළිබඳව ලොකු කුතුහලයක් රට තුළ ඇතිවෙලා තියෙනවා. ඇමතිතුමා දිගටම කියනවා පිරිපහදුව පාඩුයි කියලා. මේ පසුපස ලොකු කුමන්ත්‍රණයක් තියෙන බව අපිට පෙනී යනවා.

තෙල් මිල ලංකාවේ තීරණය කරන්නේ සිංගප්පූරු ජාත්‍යන්තර වෙලෙඳපොළේ තෙල් බැරලයක මිල අනුව. ඒ මිල හදන්නේ Singapore flat හා Singapore premium කියන rate එක.  එතකොට බැරලයක මිල සිංගප්පූරු වෙළෙඳපොළේ මිල සහ premium  කියන්නේ නැව් ගාස්තුව, රක්ෂණය හා නැව් සමාගම්වලට එන ලාභය. මේ විදියට තමයි අපි තෙල් ගැනීම සිද්ධ කරන්නේ ලංසු කැඳවීම් හරහා. ලංකාව දළ වශයෙන් වාර්ෂිකව බොරතෙල් නැව් 20 – 24 අතර ගෙන්නනවා. එක ලෝඩ් එකකට මෙට්‍රික් ටොන් 90,000 ක් එනවා. ඒ කියන්නේ බොරතෙල් බැරල් 540,000 ක්.

ඛනිජ තෙල් සංස්ථාව එය බොරතෙල් හෝ පිරිපහදු කරපු තෙල් ගැනීමේ දී term ෙටන්ඩරයක් හරහා තමයි ලංසු කැඳවීම් කරන්නේ. term ෙටන්ඩරයක් දැම්මාම සාමාන්‍යයෙන් මාස 06 ක් 09 ක් කාලයකට ඕඩරයක් ලංසු කැඳවීමක් හරහා ලබා ගන්නවා. එහෙම ගත්තාම තෙල් බැරලයක මිල සහ ඒකට ප්‍රීමියම් එකක් අය වෙනවා. ඒ ප්‍රීමියම් එක term ෙටන්ඩරයකට එන්නේ ඩොලරයයි ශත 8 යි. ඒක තමයි සාමාන්‍ය ගාණ. එය විටින් විට වෙනස්වෙනවා. හැබැයි අපේ රට තුළ තෙල් ඉල්ලීම වැඩි වුණානම්, එහෙම නැත්නම් term ෙටන්ඩරය දාපු කෙනාට වෙලාවට තෙල් සපයන්න බැරි වුණානම්, අනාගත්තා නම් සමහර විට spot ටෙන්ඩරයකට යනවා. spot ටෙන්ඩරයක් කියන්නේ හදිසි ලංසු ක්‍රමයක්. එහි තෙල්මිල ගන්න කොට බැරල් එකක් සහ ඒකේ ප්‍රීමියම් එක ඩොලර් 2.60 යි සාමාන්‍යයෙන්. term ෙටන්ඩරය ට වඩා spot ටෙන්ඩරෙන් ගත්තා නම් ප්‍රීමියම් දෙක අතර එක බැරලයකට ඩොලර් 1.52 ක් අපේ රජයෙන්න් ගෙවන්න වෙනවා සැපයුම්කරුවාට. ඒක තමයි යථාර්ථය.

දැන් ජූලි මාසේ ටෙන්ඩරයක් ක්‍රියාත්මක කළා. term ෙටන්ඩරයක්. ඒ bid එක දැම්මේ බැරල් මිලියන 6.3කට. මර්බන් බොරතෙල්වලට. ඒක මාස 09ක කාලයකට ජූලි 2021 සිට පෙබරවාරි 2022 දක්වා. ඒ අවස්ථාවේ දී පිළිගත්ත ජාත්‍යන්තර සැපයුම්කරුවෝ්, ඛනිජ තෙල් සංස්ථාවත් එක්ක හැමදාම ගනුදෙනු කරන ජාත්‍යන්තර ප්‍රමිතියක් තියෙන අය ලංසු කැඳවීම්වලට ඉල්ලීම් කළා. ස්විස් සිංගප්පූර් කියන සමාගම, ඉනොක්ස් කියන සමාගම, පෙට්රෝ චයිනා කියන සමාගම මේකට සම්බන්ධ වුණා. හැබැයි මොකක්ද වුණේ?

එතන තමයි ලොකුම මගඩිය වුණේ. මහා පරිමාණයේ හොරකමක් සිදුවෙලා තියෙනවා. ජාත්‍යන්තර ප්‍රමිති තියෙන සමාගමවලට මේ ටෙන්ඩරය නොදී පළවෙනි වතාවට තෙල් ව්‍යාපාරය කිසිදවසක් නොකළ, අපිත් එක්ක කිසිම කාලෙක ගනුදෙනු නොකරපු නයිජීරියාවේ ඉන්න ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොම්පැනියකට තෙල් සපයන මේ ටෙන්ඩරය ලබාදුන්නා, මේ ඛනිජ තෙල් සංස්ථාවෙන් ඒ වෙලාවේදී. මේක  මොන පදනමින් ද ලබා දුන්නේ. මොන ප්‍රසම්පාදන ක්‍රමවේදයකින්, මොන නීතියක් යටතේ ද මේ වගේ කිසිම ප්‍රමිතියක් නැති, මේ රටේ කිසිම දවසක ගනුදෙනු කරපු නැති, තෙල් ක්ෂේත්‍රයේ නොහිටපු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉන්න නයිජීරියානු කොම්පැනියකට කොහොමද මේක දුන්නේ. දැන් මේ ගොල්ලන්ගෙන් bid bond ඒකක්වත් ගත්තේ නැහැ.

ඛනිජ තෙල් සංස්ථාවේ ලංසු කැඳවීමේ නිලධාරීන් මේකට විරුද්ධ වෙද්දී, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකරණ අධ්‍යක්ෂවරයා බලපෑම් කරලා මේක දුන්නා කියලා දැන් ප්‍රකාශ වෙලා තියෙනවා. මේක බරපතළ වංචාවක්. ලංකාවට කෝටි ගාණක පාඩුවක්.

මේ නයිජීරියා කොම්පැනිය මොකක්ද කළේ. අද වෙන තුරු එක නැවක්වත් ලංකාවට ගෙනල්ලා නැහැ. දැන් අපිට දන්නවා පිරිපහදුව වහන්න සිද්ධ වුණේ ඇයි කියලා. මේක ‘බොර තෙල්‘. මේක වෙලාවට මේ කොම්පැනියට දුන්නාට පස්සේ තෙල් නැතිවෙන කොට ඇමතිවරයා ප්‍රකාශයක් කරනවා, පිරිපහදුව වැහුවාට කමක් නැහැ, ඕක පාඩුයි කියලා. මේක රටට කරපු සාපරාධී වංචාවක්.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සපුගස්කන්ද වසා දැමූ ඇත්ත කුමන්ත්‍රණය එළියට එයි! කෝටි ගාණක වංචාවක් කරමින් කිසිම සුදුසුකමක් නැති නයිජීරියානු සමාගමක් අරන් ආවේ කව්ද? (VIDEO)
සපුගස්කන්ද වසා දැමූ ඇත්ත කුමන්ත්‍රණය එළියට එයි! කෝටි ගාණක වංචාවක් කරමින් කිසිම සුදුසුකමක් නැති නයිජීරියානු සමාගමක් අරන් ආවේ කව්ද? (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlWSSKuV1B7ni4YCRaq-_iBe8BTx3cHc0A7HM35pOGvotFGbnwj4Er82nMV6C6HJbnaluuU1xanFAGw1BwWxUWEWIGw6x05-GeTfvs_628zutLW2FQQs9QXuU1IOS4HLJqn-XLvjs-MPXc/s320/SAPUGASKANDA.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlWSSKuV1B7ni4YCRaq-_iBe8BTx3cHc0A7HM35pOGvotFGbnwj4Er82nMV6C6HJbnaluuU1xanFAGw1BwWxUWEWIGw6x05-GeTfvs_628zutLW2FQQs9QXuU1IOS4HLJqn-XLvjs-MPXc/s72-c/SAPUGASKANDA.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/video_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/video_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy