ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රශ්නයක් විසදා ගැනීම සදහා පට්ටිපොළ ප්‍රදේශිය ලේකම් කාර්යාලයට ගිය මංගලාරාම විහාරාධිපති අම්පිටියේ ස...
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රශ්නයක් විසදා ගැනීම සදහා පට්ටිපොළ ප්‍රදේශිය ලේකම් කාර්යාලයට ගිය මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් ප්‍රදේශිය ලේකම්වරියට එරෙහිව උද්වේගකාරීව හැසිරෙන වීඩියෝවක් සමාජ මධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
අම්පිටියේ සුමනරතන හිමියන් පැවසුවේ තමන්ට එරෙහිව මෙම ලේකම්වරිය අධිකරණ ක්‍රියාමාර්ග පවා ගෙන ඇති බවයි.
අම්පිටියේ සුමනරතන හිමියන් පවසන පරිදි කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම විහාරස්ථානය සදහා නව මාර්ගයක් සකස් කර ගැනීම වෙනුවෙන් පන්සලට යාබද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති ඉඩමකින් නැගෙනහිර පළාත් භාර ඉඩම් කොමසාරිස්වරයා පන්සලට හෙක්ටයාර පහක ඉඩමක් ලබා දී තිබේ.
එම ඉඩමේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියාමකවරයෙක් වන සුමනරත්න නමැත්තා බලහත්කාරයෙන් පදිංචිව සිටින බව පවසන අම්පිටියේ සුමනරතන හිමියන් ප්‍රදේශිය ලේකම්වරියගෙන් ඉල්ලා සිටින්නේ ඔහු එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසයි.
සුමනරත්න නැමැත්තා එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස නැගෙනහිර පළාත් භාර ඉඩම් කොමසාරිස් වරයා පට්ටිපොළ ප්‍රදේශිය ලේකම්ට ලිඛිතව දන්වා ඇතත් ඇය ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග නොගන්නා බවට චෝදනා කරන අම්පිටියේ සුමන හිමියන් ලේකම්වරියගෙන් ඉල්ලා සිටින්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියාමකවරයෙක් වන සුමනරත්න නැමැත්තා එම ඉඩමේ බලහත්කාරයෙන් සිටින බවට අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා ලිඛිත ලියවිල්ලක් ලබා දෙන ලෙසයි.
එම වීඩියෝව පහතින්...

COMMENTS