විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් සියලු දෙනා පාර්ලිමේන්තුව ඇතුළු කර ගන්නේ නම් ඔවුන්ට කොරෝනා පරීක්ෂාවක් ස...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් සියලු දෙනා පාර්ලිමේන්තුව ඇතුළු කර ගන්නේ නම් ඔවුන්ට කොරෝනා පරීක්ෂාවක් සිදු කරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කියයි.
උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මේ බව පවසා තිබේ.
ඔවුන් මහජන විරෝධතාවයක් සංවිධානය කරමින් කොරෝනා මාර්ගෝපදේශ බිඳ දමමින් කටයුතු කළ බවද පැවසූ ඔහු විරෝධතාවය ඇතුළත කාලයේදී ඔවුන් වෛරසය ආසාදනය කරගෙන ඇතැයිද සඳහන් කළේය.
එනිසා මන්ත්‍රීවරුන්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ඉල්ලීම කතානායක වරයා ගෙන් සිදුකරන බවද ඔහු පැවසීය.
මේ රටේ මේ රටේ මියයන සෑම පුද්ගලයෙකුම වගකිව යුත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව ද ඔහු සදහන් කලේය.

COMMENTS