දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප කෘත්‍යාධිකාරිය උණුසුම්. රවිට, නවීන්ට, අර්ජුනට තනතුරු නොදීම නිසා පක්ෂයේ බෙදීමක් !
Homeප්‍රවෘත්ති

එජාප කෘත්‍යාධිකාරිය උණුසුම්. රවිට, නවීන්ට, අර්ජුනට තනතුරු නොදීම නිසා පක්ෂයේ බෙදීමක් !

PropellerAds

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් ඊයේ පස්වරු 4ට (05) පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණා. එම අවස්ථාවට පක්ෂ නායක රනිල් වික්‍රමසිං...

13 ගැන, බලය බෙදීම ගැන ප‍්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත ලොක්කන්ට ජනපති කියා දෙයි..
ප්‍රභූන් කැළඹේ : ෂර්මි කුමාරිගේ ගණිකා නිවසට ගිය අයත් රන්ජන්ගේ DVD වලින් මාට්ටු !
සම්පත් බැංකු මහා මුල්‍ය වංචාව මැනේජර් පිටින් යැවීමට හදයි
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් ඊයේ පස්වරු 4ට (05) පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණා. එම අවස්ථාවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් එක්ව සිටියා. එහි විශේෂත්වය වූයේ එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳහා රවි කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග,ලක්ෂ්මන් විජේමාන්න යන අයද සහභාගීවී සිටීමයි. මෙහිදී ප්‍රධාන කාරණා දෙකක් පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමු වී තිබුණා. ඒ ජනාධිපති වරයාගේ විදේශ සංචාරය සහ එක් රටක් එක් නීතියක් වූ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීම පිළිබඳවයි. මෙහිදී යෝජනා වුණේ එක් රටක් එක් නීතියක් පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කිරීම නීති විරෝධී බවයි. රටක නීතිය ශක්තිමත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයා ප්‍රමාණවත් බව ද මෙහිදී අවධානය යොමු කෙරුණා.

එම කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව නැගී සිටි කස්තුරි අනුරාධ නායක පක්ෂය තුළ වර්තමානයේ හටගෙන තිබෙන අර්බුදකාරී තත්වයන් පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. එහිදී ඔහු පෙන්වා දී තිබෙන්නේ වර්තමානය වන විට පක්ෂයේ අවසානයට ඉතුරුවී සිටින්නේ නායකතුමා වටා ඉන්න පිරිසක් විතරක් බවයි, මේ වන විට ඒ මිනිස්සු බෙදීමකට ලක් කිරීම තුළින් ඉදිරියේදී පක්ෂය තවත් අර්බුදයකට ලක් වන බව කස්තුරි අනුරාධ නායක පෙන්වා දී තිබෙනවා.  "උදාහරණයක් ලෙස රවි, නවීන්,අර්ජුන, පක්ෂයට දරදිය ඇදපු මිනිස්සු ඒ වුණත් අද ඒ අයට පක්ෂය කිසිදු තනතුරක් නොදී පැත්තකට කරලා තියෙනවා. මේ විදියට පක්ෂයේ ඉන්න ප්‍රධාන බලකණු පැත්තකට කරලා තියලා කොහොමද පක්ෂය ඉදිරි ගමනක් යන්නේ.?මේ තත්ත්වය නිසා දැන් පක්ෂයට අංශභාග හැදිලා වගේ පැරලයිස් වෙලා තියෙන්නෙ.මේ තුන්දෙනාට පක්ෂයේ බලයක් දීලා නැහැ ,අකිල වැඩ කරන්නේ නැහැ,රුවන්ට වැඩ කරන්න දෙන්නෙ නැහැ .පක්ෂයේ ඉන්න ප්‍රබලයින්ට මේ තත්ත්වය නම් කොහොමද පක්ෂයක් ඉදිරියට කටයුතු කරගෙන යන්නේ යැයි කස්තුරි අනුරාධ නායක නැගී සිටිමින් දැඩි ස්වරයෙන් ප්‍රශ්න කර සිටියා. මට මතකයි එක් අවස්ථාවකදී මැතිවරණයක් වෙලාවේ මම හම්බන්තොට ගිහිල්ලා සති දෙකක් ඉඳලා සජිත්ට විරුද්ධව හිටපු අය වෙනුවෙන් රැස්වීම් සූදානම් කරලා මම රවී කරුණානායක මහත්තයා  එහෙ අරන් ගියා. එහිදී අපිට බෙලිඅත්තේදී ගැහුවා, අපේ වහන කුඩු කරා. අපිට රෑ එන්න විදිහක් නැතුව ඉන්නකොට රවී කරුණානායක මහත්තයා තමයි වීදුරු කැඩිලා කුඩු වෙලා තිබ්බ වාහනය  පැදගෙන අපිව අරන් ආවේ  කොළඹට. එහෙම මිනිස්සු අමතක කරලා පැත්තකට දාලා මේ පක්ෂය කොහෙද මේ යන්න හදන්නේ"  යැයි කස්තුරි අනුරාධ නායක මෙහිදී ප්‍රශ්න කර සිටියා. අද පක්ෂයේ තරුණ ජවය ශක්තිමත් කිරීම සඳහා සාර්ථක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක නොමැති බවත්, අලුතෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කරගත් දිනුක කොළඹගේ, ෂෙහාන් හේරත් කණිෂ්ක රාජපක්ෂ යන තරුණයින් නායකත්වයේ අවශ්‍යතාවය මත තෝරාගෙන ඇති බවට ද මෙහිදී චෝදනා එල්ල වුණා. එම පත් කිරීම් නිසා පක්ෂයට දරදිය ඇදපු දක්ෂ තරුණයන් මේ වන විට කලකිරි පක්ෂයෙන් ඈත්ව ඇති බව ද මෙහිදී අදහස් පළ වුණා. 

මෙහිදී නැගී සිටිමින් නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ද අදහස් පළ කර සිටියා.

"අපි මේ වෙලාවේ කරන්න ඕනේ ඉන්න පිරිස තුන හතරට බෙදිලා මේක කෑලිවලට ඇදීම නෙමෙයි. ඉන්න සියලු දෙනාම එකතු කරගෙන ශක්තිමත් වෙන්නයි. එහෙම නොවුනොත් අපිට මේ තියන ටිකත් නැති වෙයි. ඒ නිසා මම කැමැතියි නියෝජ්‍ය නායක තනතුරෙන් ඉවත් වෙලා හරි   පක්ෂය ශක්තිමත් කරන්න පුළුවන් කෙනෙකුට මේක ලබා දෙන්න. මට නායකත්වයට යෑමේ අවශ්‍යතාවයක් නැතැයි"  ඔහු වැඩිදුරටත් පවසා සිටියා. 

මෙහිදී නැගී සිටිමින් පක්ෂ මහලේකම් රංගෙ බණ්ඩාර මහතාද අදහස් පළකර සිටියා.

"මේ අවස්ථාවේ රට මුහුණ පා තියන තත්වය හමුවේ පක්ෂය තුළ පවතින අර්බුදය සමනය කර ගනිමින් ඒ සඳහා මුහුණදීමට ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි බවයි. ඒ නිසා අපි සියලු දෙනාම එකට එක් වී පක්ෂයට හොඳ පුනර්ජීවයක් ලබා දිය යුතුයි . එහෙම නොවුණොත් අපිට මේක ගොඩ ගන්න අමාරුයි. සියලු බලවේග එකට එකතු කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි. ඒ සඳහා අපි සූදානම් වෙන්න ඕනේ" යැයි මහලේකම්වරයා මෙහිදී පවසා සිටියා. 

පළවූ සියලු කාරණා පිළිබඳව නිහඩව අවධානය යොමුකර සිටී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේ සියලු දෙනාගේ තීරණ මත තමන් කටයුතු කර ඇති බවයි. 

තමන් තනි තීරණ මත ක්‍රියා නොකර ඇති බව දැඩි ස්වරයෙන් පවසමින් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අතරමඟ නතරකර මේසේයට අතින් ගසමින් නැගිට ගිය බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

එම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගි වූ රවි, නවීන්, අර්ජුන. යන අයට සිය අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව ද මේ නිසා අහිමි වී ගොස් තිබෙනවා.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප කෘත්‍යාධිකාරිය උණුසුම්. රවිට, නවීන්ට, අර්ජුනට තනතුරු නොදීම නිසා පක්ෂයේ බෙදීමක් !
එජාප කෘත්‍යාධිකාරිය උණුසුම්. රවිට, නවීන්ට, අර්ජුනට තනතුරු නොදීම නිසා පක්ෂයේ බෙදීමක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLplAhDggq0kw4LD3uS54Hry-qxSAaRVS3_2J1pKFgX9xPwj1PcjYlrA7EmnVEXz5_B1xz8W9dT5coNBDwvtnezhCJJt3sDwZev1VKeFhA9hhMmA-lsfcDwDoxdYSNhJSF9eHqckM5D1cA/s320/rani.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLplAhDggq0kw4LD3uS54Hry-qxSAaRVS3_2J1pKFgX9xPwj1PcjYlrA7EmnVEXz5_B1xz8W9dT5coNBDwvtnezhCJJt3sDwZev1VKeFhA9hhMmA-lsfcDwDoxdYSNhJSF9eHqckM5D1cA/s72-c/rani.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_958.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_958.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy