හිටපු ඇමැතිවරයකු වූ මංගල සමරවීර මහතා සිය දිවි සැරියෙන් සමුගෙන තෙමසක් පිරෙන නොවැම්බර් මස 23 (අද) සහ 25, 26 තෙදින පුරා උපහාරාත්මක අනුස්මරණ ව...
හිටපු ඇමැතිවරයකු වූ මංගල සමරවීර මහතා සිය දිවි සැරියෙන් සමුගෙන තෙමසක් පිරෙන නොවැම්බර් මස 23 (අද) සහ 25, 26 තෙදින පුරා උපහාරාත්මක අනුස්මරණ වැඩසටහන් සහ ආගමික වතාවත් සිදු කිරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව, නොවැම්බර් 23 වැනි දින ප.ව. 07.00 සිට ප.ව. 08.00 දක්වා තෙමස් පූර්ණ ධර්ම දේශනය, පණ්ඩිත ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසින් පවත්වනු ලැබේ. එම ධර්ම දේශනාව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සජීවීව විකාශය කරනු ඇත.
මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ නොවැම්බර් 25 වැනි දින පෙ.ව. 10.00 සිට ප.ව. 06.00 දක්වා කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ, ජයරත්න රෙස්පෙක්ට් හෝම් මල්ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කරනු ඇත.
ඒ මහතාගේ භෂ්මාවශේෂ 26 වැනි දින ප.ව. 02.00 සිට ප.ව. 06.00 දක්වා මහජන ගෞරවය සඳහා මාතර නූපේ පැරැණි ඕලන්ද වෙළෙඳපොළ ගොඩනැඟිලි පරිශ්‍රයේ තැන්පත් කරනු ඇත.
අනතුරුව එදින පස්වරු 04.00ට භෂ්මාවශේෂ මාතර අනගාරික ධර්මපාල මාවත හා හක්මණ පාර ඔස්සේ මාතර පොදු සුසාන භූමිය දක්වා රැගෙන ගොස් තැන්පත් කරනු ඇත.
COMMENTS