පාස්කු ඉරු දින ප්‍රහාරය එල්ල කරමින් ජීවිත සිය ගණනක් අහිමි කළ පුද්ගලයින් තමන් මෙන් රස්තියාදු කිරීමට බලධාරීන් පියවර ගෙන නැතැයි ආචාර්ය සිරිල්...
පාස්කු ඉරු දින ප්‍රහාරය එල්ල කරමින් ජීවිත සිය ගණනක් අහිමි කළ පුද්ගලයින් තමන් මෙන් රස්තියාදු කිරීමට බලධාරීන් පියවර ගෙන නැතැයි ආචාර්ය සිරිල් ගාමිණී පියතුමා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු ඉන් පිටතට පැමිණි අවස්ථාවේදී ය.
අද දිනයේදී ද පැය 8කට ආසන්න කාලයක් සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳී සිටිමින් ප්‍රකාශ ලබා දුන්නේ ය.
ඉන් පිටතට පැමිණි අවස්ථාවේ උන් වහන්සේ ප්‍රකාශ කළේ, තමාට අද දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඊයේ දැනුම් දුන් බව ය.
ඊට සිය නීතිඥයින් විරෝධය පළ කළ බව ද උන් වහන්සේ පැවසූහ.
තමන් දින දෙකක් පැමිණ ප්‍රකාශ ලබා දුන් බව ත්, තමන්ගෙන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් බව ත් පැවසූ උන් වහන්සේ පෙන්වා දුන්නේ, පාස්කු ඉරු දින ප්‍රහාරය එල්ල කරමින් ජීවිත සිය ගණනක් අහිමි කළ පුද්ගලයින් තමන් මෙන් රස්තියාදු කිරීමට බලධාරීන් පියවර ගෙන නොමැති බව ය.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට මෙරට බුද්ධි අංශ අනුග්‍රහය දක්වා ඇති බවට ගරු සිරිල් ගාමිණී පියතුමන් ඉකුත් ඔක්තෝබර් 23 වන දා සූම් ඔස්සේ පැවති හමුවකදි කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව මෙම ප්‍රශ්න කිරීම සිදු කෙරිණි.

COMMENTS