දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චමින්ද විජේසිරිගේ අඳෝනාව කරණමක පෙර නිමිත්තක්!
Homeප්‍රවෘත්ති

චමින්ද විජේසිරිගේ අඳෝනාව කරණමක පෙර නිමිත්තක්!

PropellerAds

සමගි ජන බලවේගය තුළ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් මුල්කරගෙන යම් අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැගී තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් ...

නිදහසේ ජීවත් වෙන්න නම් එල්ටීටීය යළිත් ඕනෑ  – විජයකලා
ඇවන්ගාඩ් නඩුවේ ගෝඨාගේ අභියාචනය 04 වෙනිදාට කල්යයි
ඇවන්ගාඩ් නඩුවෙන් නිදොස් කර නිදහස් කරන්න - ගෝඨා අධිකරණයෙන් ඉල්ලයි
සමගි ජන බලවේගය තුළ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් මුල්කරගෙන යම් අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැගී තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන විජේසිරි මන්ත්‍රීවරයා  සදහන් කරන්නේ ආණ්ඩුවේ වැරදි පෙන්නා පෙන්නා ඉන්නෙ නැතුව අනාගතයේදී සමගි ජන බලවේග ආණ්ඩුවක් ක්‍රියා කරන ආකාරය ගැන ප්‍රතිපත්ති රාමුවක් සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කළ යුතු බවයි.

විහිලුවක් වීම

ආණ්ඩුවේ වැරදිම පෙන්වන්න ගියහොත් සමගි ජන බලවේගය ජනතාව අතර විහිළුවක් වන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

ඔහු මෙම කරුණු ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය විසින්ම සංවිධානය කළ මාධ්‍ය හමුවකදීම වීම විශේෂත්වයක්.

ආණ්ඩුවේ බොහෝ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්ද ප්‍රකාශ කරන්නේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන එම අදහසටම සමාන අදහසක්.

එනම් සමගි ජන බලවේගය ආණ්ඩුවේ කටයුතු විවේචනය කරන අතරතුර ඊට විකල්පද ඉදිරිපත් කළ යුතු බවටයි.

මන්ත්‍රීවරයාට ප්‍රතිචාර

මේ වන විට විජේසිරි මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයට සමගි ජන බලවේගය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ පක්ෂයේ මහා ලේකම්වරයා වන රංජිත් මද්දුම බණ්ඩාර මහතා හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්.

ඔවුන් දෙදෙනාම සඳහන් කරන්නේ පොදු අදහසක්.

සමගි ජන බලවේගය ඉදිරි වැඩ පිළිවෙළ මැතිවරණයක් පැමිණි විට ප්‍රසිද්ධියට පත් කිරීම ප්‍රමාණවත් බවයි.

මහ ලේකම්වරයාගේ මතය

විජේසිරි මන්ත්‍රීවරයා මෙම කාරණය කිව යුතුව තිබුණේ පක්ෂය තුළ මිස පිටදී නොවන වන බව පක්ෂ මහ ලේකම්වරයා සඳහන් කරනවා.

විපක්ෂයේ කාර්යභාරය වන්නේ ආණ්ඩුවේ වැරදි පෙන්වාදීම බවත් සදහන් කරන මහ ලේකම්වරයා මේ ගැන තමා විජේසිරි මන්ත්‍රීවරයා සමග කතාබස් කරන බවද මාධ්‍ය අමතා සඳහන් කළා.

මේ අතර සමගි ජන බලවේගයේ සිටින තරුණ මන්ත්‍රීවරු පිරිසක් ළඟදීම ආණ්ඩුවට එකතු වන බවට හෙළිදරව්වක් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහාචාර්ය රංජිත් බණ්ඩාර මේ මෑතකදී මාධ්‍ය හමුවේ තබමින් කලා.

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ආණ්ඩුව සමග ගනුදෙනු කරන බවට කසුකුසුවක් සමගි ජන බලවේගයේ තුල තිබෙන බව ප්‍රකට කරුණක්.

කරණමකට සූදානම

ඔහු පමණක් නොව ඔහු සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කරන හේශා විතානගේ මන්ත්‍රීවරයාද ආණ්ඩුව සමග ගනුදෙනු කරන බවත් ප්‍රකට කරුණක්.

ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ වැඩ කටයුතු අගය නොකරන ලෙස මේ දෙපළට සමගි ජන බලවේගය ජේෂ්ඨයන් උපදෙස් දී තිබුණද ඔවුන් එය නොසලකා ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ව පාර්ලිමේන්තුව තුළ අගය කිරීම දක්නට ලැබෙන්නක්.

මේ දෙපළට දිස්ත්‍රික් මට්ටමින්ද ප්‍රශ්න තිබෙන බවත් ප්‍රකාශ වනවා.

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සමඟත් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන හේශා විතානගේ මන්ත්‍රීවරයාට තලතා අතුකෝරල මන්ත්‍රීවරිය සමඟ එසේ ප්‍රශ්න තිබෙනවා.

මහාචාර්ය බණ්ඩාර ප්‍රකාශ කරන ආකාරයට ආණ්ඩුවට එකතු වෙතැයි කියන සමගි ජන බලවේග තරුණ මන්ත්‍රීවරුන් වන්නේ මොවුන් දෙදෙනා බවටයි සමගි ජනබලවෙිගය තුළ කතා-බස් වන මාතෘකාවක් වී තිබෙන්නේ.

ඩයනාගේ හෙලිදරව්ව

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුවත් සමඟ පක්ෂව ඡන්දය දී ආණ්ඩුවට එකතු වීමට තමන් සමග චමින්ද විජේසිරි හා හේශා විතානගේ මන්ත්‍රීවරුන් දෙපළද සිටි බව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඒ අවස්ථාවේ හෙළිකර තිබුණා.

සිය නිවසේ දී මෙම මන්ත්‍රීවරුන් දෙපළ  අග්‍රාමාත්‍යවරයා මුණගැසී ආණ්ඩුවට සහාය දෙන බව  තහවුරු කළ බවත් ගමගේ මන්ත්‍රීවරිය සදහන් කළා.

ඒ අවස්ථාවේ ඔවුන් දෙපළ ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ එම කතාව ප්‍රතික්ෂේප කළා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චමින්ද විජේසිරිගේ අඳෝනාව කරණමක පෙර නිමිත්තක්!
චමින්ද විජේසිරිගේ අඳෝනාව කරණමක පෙර නිමිත්තක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGaoA1qW9iW4b1Gs1YRGYkYc0pOhreb3yU65X3XWKaDlolwT265i05WVlaiK-OAf7b1QzKXrWeGWTnpdVFWPi8Rgdy0K2k0OQ0Vn_dpP7BKBfofwp7LiEDi-ZORo4cTHPI36kp3-kwwwgp/s320/bc4e53076221993d647f2b5d9091e831_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGaoA1qW9iW4b1Gs1YRGYkYc0pOhreb3yU65X3XWKaDlolwT265i05WVlaiK-OAf7b1QzKXrWeGWTnpdVFWPi8Rgdy0K2k0OQ0Vn_dpP7BKBfofwp7LiEDi-ZORo4cTHPI36kp3-kwwwgp/s72-c/bc4e53076221993d647f2b5d9091e831_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_94.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_94.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy