දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇවන්ගාඩ් නඩුවෙන් නිදොස් කර නිදහස් කරන්න - ගෝඨා අධිකරණයෙන් ඉල්ලයි
Homeප්‍රවෘත්ති

ඇවන්ගාඩ් නඩුවෙන් නිදොස් කර නිදහස් කරන්න - ගෝඨා අධිකරණයෙන් ඉල්ලයි

PropellerAds

ඇවන්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිප...

පිටකොටුවේ වෙළඳසලක ගින්නක්
ලබන 11 වනදා රාජ්‍ය සේවා ඇණ හිටීද? - විධායක නිලධාරීන් වර්ජනයක
පළමු වතාවට වව්නියාවට මුස්ලිම් දිසාපතිවරයෙක්
ඇවන්ගාඩ් නඩුවෙන් නිදොස් කර නිදහස් කරන්න - ගෝඨා අධිකරණයෙන් ඉල්ලයි

ඇවන්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් අද (02) අභියාචනාධිකරණය හමුවේ සලකා බලා තිබේ.

අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලීම සිදු කෙරුණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් පනත යටතේ මෙවැනි දූෂණ චෝදනාවක් පිළිබඳව නඩු පැවරීමේ දී එම නඩුව පැවරීමට අදාලව අල්ලස් කොමිසමේ ලිඛිත අනුමැතිය අඩංගු ලේඛනය අධිකරණය හමුවේ ගොනු කළ යුතු බව පෙන්වා දුන්නේය.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට නඩු පැවරීමේදී අල්ලස් කොමිසම එම ලිඛිත අනුමැතිය අඩංගු ලේඛනය අධිකරණය හමුවේ ගොනු කර නොමැති බවද ජනාධිපති නීතිඥවරයා තර්ක කළේය.

අල්ලස් පනත යටතේ එම ලිඛිත අනුමැතිය නොමැතිව නඩු පැවරීම නිත්‍යානුකූල නොවන බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙම නඩුවේ විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එය ද විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළ බව සඳහන් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මහාධිකරණ විනිසුරුවරයා එම තීරණයට එළැඹ ඇත්තේ අල්ලස් පනත තුළ නොමැති වගන්තියක් පදනම් කරගෙන බව ද අධිකරණයට පෙන්වා දුන්නේය.

එහිදී අධිකරණය රජයේ නීතිඥවරයාට දන්වා සිටියේ මෙම කරුණ සම්බන්ධයෙන් මීළඟ දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසයි.

වැඩිදුර විමසීම මේ මස 0 4  වනදාට කල් තැබිණි.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ පසුගිය රජය සමයේ ගාලු වරායේ ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම  තමා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බවයි.

එම නඩුව ගොනුකර ඇති ආකාරය අල්ලස් පනතට පටහැනි බව සඳහන් කරන ගෝඨාභය රාජපක්ෂ මහතා එම නඩුව පවරා ඇති ආකාරය නීති විරෝධී බවට මූලික විරෝධතාවක් මතු කළත් එය ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළ බව ද කියා සිටියේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත තමා ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එය ද විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළ බව පෙත්සම්කරු කියා සිටියේය.

මේ හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ කොළඹ මහාධිකරණයේ තීන්දු නීති විරෝධී බවට ප්‍රකාශ කොට ඇවන්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු ඇවන්ගාඩ් නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග කිරීම අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අධ්‍යක්ෂණ අධිකරණයෙන් ඉල්ලා තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇවන්ගාඩ් නඩුවෙන් නිදොස් කර නිදහස් කරන්න - ගෝඨා අධිකරණයෙන් ඉල්ලයි
ඇවන්ගාඩ් නඩුවෙන් නිදොස් කර නිදහස් කරන්න - ගෝඨා අධිකරණයෙන් ඉල්ලයි
http://am.lk/media/k2/items/cache/1d8ede9a8f72819e77faf79435dec41e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_95.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_95.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy