මෙරටට කාබනික පොහොර ආනයනය කරන ලද සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ එක් අධ්‍යක්ෂකවරයෙකුට තමාගේ ඥාතිත්වයක් ඇති බව සත්‍ය නමුත් එහි ව්‍යාපාර කටයුතුවල...
මෙරටට කාබනික පොහොර ආනයනය කරන ලද සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ එක් අධ්‍යක්ෂකවරයෙකුට තමාගේ ඥාතිත්වයක් ඇති බව සත්‍ය නමුත් එහි ව්‍යාපාර කටයුතුවලට තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නැතැයි අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතා සඳහන් කරයි.
එම සමාගමට ව්‍යාපාර කටයුතු සිදුකිරීමේදී තමන් කිසිදු මැදිහත්වීමක් හෝ බලපෑමක් කිසිසේත්ම සිදු කර නොමැති බව ද ඔහු කියා සිටියි.
තමන් එවන් මැදිහත්වීමක් හෝ බලපෑමක් කර ඇතැයි කිසිවෙකුට සාක්ෂි හෝ කරුණු ඇත්නම් ඒ ගැන විධිමත් පැමිණිල්ලක් සිදුකර ඕනෑම විමර්ශන ආයතනයකින් පරීක්‍ෂණ සිදු කරන ලෙසද ඒ මහතා ඉල්ලයි.
අදාල විමර්ශන සඳහා සහාය ලබාදීමට තමන් ඉතා කැමැත්තෙන්ම ඉදිරිපත් වන බවත් ඔහු පවසයි.
කාබනික පොහොර ආනයනය පිළිබඳව පාර්ශවයක් ගණනාවක් සෘජුව හා වක්‍රව ඔහු වෙත එල්ලවන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා වෙනුවෙන් අගමැති මාධ්‍ය ඒකකය මේ බව නිවේදනය කර සිටී.
COMMENTS