චීනයෙන් ආනයනය කර ඇති පොහොර තොගය සඳහා අනිවාර්යෙන්ම මුදල් ගෙවීමට සිදුවන බව මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. ...
චීනයෙන් ආනයනය කර ඇති පොහොර තොගය සඳහා අනිවාර්යෙන්ම මුදල් ගෙවීමට සිදුවන බව මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. එසේ ගෙවිය යුතු මුදල ඩොලර් මිලියන 09ක් වන බවත් මෙම තත්ත්වය ඇති වීමට රජයේ පොහොර සමාගමේ අඩුපාඩු බලපෑ බවත් පැවසූ ඔහු මේ සදහා කවුරු උපදෙස් දුන්නා දැයි නොදන්නා බවත් කියා සිටියේය.
පොහොර සාම්පලවල පරීක්ෂණ වාර්තා එන්න පෙර ණයවර ලිපි විවෘත කර ඇති බවත් දැන් කළ හැකි කිසිම දෙයක් නැති බවත් ඔහු කියා සිටියි.
අධිකරණ නියෝගය නොවේ නම් දැනටමත් මුදල් ගෙවීමට සිදුවනු ඇති බවත් අධිකරණය වාරණ නියෝගය දිගු කලක් නොතිබෙනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කරයි.
මෙම සිදුවීමේදී මහ බැංකුව කිසිදු වරදක් නැති බව ද ඔහු තව දුරටත් කියා සිටියේය.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
COMMENTS