නබි තුමාගේ ජන්ම දිනය සමරන සුෆි මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර වහබ්වාදීන් එල්ලකරන ප්‍රහාර සම්බන්ධවයි. නබි තුමාගේ ජන්ම දිනය වෙනුවෙන් මෙ මාසයේදී ...
නබි තුමාගේ ජන්ම දිනය සමරන සුෆි මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර වහබ්වාදීන් එල්ලකරන ප්‍රහාර සම්බන්ධවයි.
නබි තුමාගේ ජන්ම දිනය වෙනුවෙන් මෙ මාසයේදී මෙරට සුෆි මුස්ලිම් ප්‍රජාව විසින් සිදුකරන සැමරීමේ අවස්ථා ඉලක්ක කර වහබ්වාදී කණ්ඩායම් විසින් නොයෙක් කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන ආකරයක් නිරීක්ෂණය වෙයි. ඒ අතර බැනවැදීම්, තර්ජනය කිරීම් පසුගිය සති කිහිපය පුරා වාර්තා වෙමින් තිබුණු අතර එහි උච්චතම අවස්ථාව ලෙස පුත්තලම මන්නාරම පාරේ පිහිටි අම්බලම් මොහාදීන් මුස්ලිම් පල්ලියේ “සුබ්හානු මව්ලුත් පරායනය” සිදුකරමින් සිටි සුෆි බැතිමතුන් කිහිප දෙනෙකු ඉලක්ක කරගෙන වහබ්වාදීන් විසින් පිහි ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා විය.
අල්ලාහ් දෙවියන්ගේ පණිවුඩ කරු ලෙස ඉස්ලාමයේ සඳහන් වන නබි තුමාට වැඳීම හෝ වතාවත් කිරීම වහබ්වදීන් ප්‍රතික්ෂේප කරන අතර ඔවුන්ගේ මතය වන්නේ වැඳුම් ලැබීමට එකම සුදුස්සා වන්නේ අල්ලාහ් දෙවියන් පමණක්ම වන බවයි. කෙසේ වෙතත් මෙරට සුෆි මුස්ලිම් ප්‍රජාව නබි තුමාගේ ජන්ම දිනය සැමරීම ඇතුළු වතාවත් සිදුකරන අතර එනිසා ඔවුන් නිරන්තරයෙන් වහබ් වාදීන්ගේ ඉලක්ක බවට පත්වෙමින් තිබේ.
එම නිසා මෙම මාසය තුල නබි තුමාගේ ජන්ම දිනය සමරන ශ්‍රී ලංකාවේ සුෆි මුස්ලිම් ප්‍රජාවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.
තෙරුවන් සරණයි.
රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි.
මහ ලේකම්
බොදු බල සේනා
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් පොලිස්පතිවරයා වෙත යොමුකරන ලද ලිපියක් ඉහත දැක්වෙයි.
COMMENTS