දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති වහා දේශපාලනය කල යුතුයි.. පක්‍ෂ නායක හමුවට ආ යුතුයි.. බොහෝ ප‍්‍රශ්න එවාට විසදෙනවා..- විමල්
Homeප්‍රවෘත්ති

ජනාධිපති වහා දේශපාලනය කල යුතුයි.. පක්‍ෂ නායක හමුවට ආ යුතුයි.. බොහෝ ප‍්‍රශ්න එවාට විසදෙනවා..- විමල්

PropellerAds

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සක්‍රියව දේශපාලන මැදිහත්වීම ඉතා ඉක්මනින් සිදු කළ යුතුව ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි. සාමූහිකව ...

මල්වතු මහ නාහිමියෝ ජනපතිට ලියති
බහුතරය පෙන්වා අාණ්ඩු හදන්න බෑ - ක්‍රිෂ්මාල් වර්ණසූරිය
තෙවරප්පෙරුම පිහියක් අතැතිව පාර්ලිමේන්තුවේ යකා නටයි (PHOTOS)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සක්‍රියව දේශපාලන මැදිහත්වීම ඉතා ඉක්මනින් සිදු කළ යුතුව ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
සාමූහිකව තීරණය ගැනීම් වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සඳහා ද ජනාධිපතිවරයාගේ සහභාගී වීම අතිශය වැදගත් බව ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලන මැදිහත් වීම් බොහෝ ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇති බවද ඔහු කියා සිටී.

තම තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව පෙන්වා දෙයි.

එම සම්පූර්ණ සටහන මෙසේය.

පසුගිය දිනක පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී මා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම් කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. මා විසින් සිදු නොකරන ලද අදහස් සහ සිදු කරන ලද අදහස් එසේ වැරදි ලෙස අර්ථකතන දෙමින් පතුරවා හරින නිසා එය මෙසේ පැහැදිලි කළ යුතුව ඇත.

එහිදී මා විසින් මතුකළ අදහස් මෙසේය.

බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ ”බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව, බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා ය”. දිගින් දිගටම එයම සිදුවෙද්දී ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂාභංගත්වය පරදවමින් ඉක්මනින් විශ්වාසය තහවුරු කළ යුතුව ඇත.

රටට වැදගත් තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩල පත්‍රිකා කැබිනට් මණ්ඩලයට එක දිනකින් ගෙනවිත් සම්මත කරගන්නවා වෙනුවට ප්‍රමාණවත් කාලයක් තුළ ප්‍රමාණවත් සාකච්ජාවක් කැබිනට් මණ්ඩලය තුළ පවත්වා එම කැබිනට් පත්‍රිකා සම්මත කරගැනීම වඩා සුදුසු ක්‍රමයයි, එමගින් පසුව වෙනස් නොවන තීරණ ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇත.

ජනාධිපතිවරයා සක්‍රීයව දේශපාලනයට මැදිහත් වීම ද ඉතා ඉක්මනින් සිදුකළ යුතුව ඇත. සාමුහිකව තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සදහා ද ජනාධිපතිවරයා සහභාගී වීම අතිශය වැදගත් ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලනයට මැදිහත්වීම තුළින් බොහෝ ගැටළුවලට විසදුම් ලැබෙනු ඇත.

ඉහත කරුණු පිළිබද මා විසින් කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් ප්‍රකාශ කරන ලද අතර ඒවා විකෘති කරමින් පැතිරවීම වැළක්වීම පිණිස පමණක් ඒවා මෙසේ පැහැදිලි කිරීමට අදහස් කළෙමි. කැබිනට් මණ්ඩයේ සාමුහික වගකීමට එමගින් හානියක් නොවනු ඇතැයි විශ්වාස කරමි.

විමල් වීරවංශ,
කර්මාන්ත අමාත්‍ය,
නායක,
ජාතික නිදහස් පෙරමුණ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති වහා දේශපාලනය කල යුතුයි.. පක්‍ෂ නායක හමුවට ආ යුතුයි.. බොහෝ ප‍්‍රශ්න එවාට විසදෙනවා..- විමල්
ජනාධිපති වහා දේශපාලනය කල යුතුයි.. පක්‍ෂ නායක හමුවට ආ යුතුයි.. බොහෝ ප‍්‍රශ්න එවාට විසදෙනවා..- විමල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOtX95koiGWGsqMw8eX7eRqwikyGgw-Zdi15tBxdpnilJyGPh4Gg_9gGY9dsXobwQJlD7PDKwrajeUf20sFmWeRfmDFdvogKit9vjfzQXsHDxcrDrjA2WyiWV0xybX9AQWWuUhpnUOGPBP/s320/wimal-gotas.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOtX95koiGWGsqMw8eX7eRqwikyGgw-Zdi15tBxdpnilJyGPh4Gg_9gGY9dsXobwQJlD7PDKwrajeUf20sFmWeRfmDFdvogKit9vjfzQXsHDxcrDrjA2WyiWV0xybX9AQWWuUhpnUOGPBP/s72-c/wimal-gotas.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_511.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_511.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy