දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රැකියා ප්‍රශ්නය 28% ඉක්මවලා.. 2030දී අඩු කරන්න පුලුවන්…
Homeප්‍රවෘත්ති

රැකියා ප්‍රශ්නය 28% ඉක්මවලා.. 2030දී අඩු කරන්න පුලුවන්…

PropellerAds

මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව විසින් මෙහෙය වූ  ‘‘රටට ණය නැති වැඩ කරන පරපුරක්‘‘ වෘත්තීය මාර්ගෝපදේශ සතිය නිමිත්තෙන්  පවත්වනු ලැබූ තර...

ජනාධිපතිවරණය ඔක්තෝබර් පළවෙනි සතියේ : ජනාධිපති කැබිනට් මණ්ඩලයට කියලා!
දැන් අපිට ජනාධිපති අපේක්ෂකයනුත් හතරපස් දෙනෙක් ඉන්නවා... ජනාධිපතිවරණයට අපි ජයග්‍රාහී අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා - අවුරුදු 2කින් පොහොට්ටුව නැගිටපු හැටි නාමල් කියයි
එක්සත් ජාතික පක්ෂ කාර්යාලයට බෝම්බ ප‍්‍රහාරයක්!
මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව විසින් මෙහෙය වූ  ‘‘රටට ණය නැති වැඩ කරන පරපුරක්‘‘ වෘත්තීය මාර්ගෝපදේශ සතිය නිමිත්තෙන්  පවත්වනු ලැබූ තරගාවලියේ ජාතික මට්ටමේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග, කුසලාන හා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ දී තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ  ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ මානව සම්පත සංවර්ධනය සඳහා ශ්‍රම බලකාය කුසලතා, නිපුණතා හා තාක්ෂණික ඥාණයෙන් පිරිපුන් මිනිස් බලයක් ලෙස සවිබල ගන්වමින් විරැකියාව අවම කර රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් ඒ සඳහා සක්‍රීය දායකත්වය ලබා දෙයි.

ඒ අනුව, ඉලක්කගත පිරිස් වෙත වෘත්තීය මාර්ගෝපදේශයේ වැදගත්කම හඳුන්වාදීම අරමුණු කරගනිමින් ඔක්තෝබර් මස 04 සිට ඔක්තෝබර් මස 10 වනදා දක්වා  දිවයිනපුරා ‘‘රටට ණය නැති වැඩකරන පරපුරක්‘‘ යන මැයෙන් යුතුව ඉලක්කගත වෘත්තීය මාර්ගෝපදේශ සතිය තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.

ඊට සමගාමීව පාසල් දරුවන් අතර සිංහල, දමිළ මාධ්‍යයන්ගෙන් චිත්‍ර, කථික, ගද්‍ය රචනා හා ප්‍රශ්න විචාරත්මක තරගාවලියක් සහ වැඩිහිටියන් සඳහා ගද්‍ය රචනා තරගයක් ද පැවැත්විණි.

උත්සව අවස්ථාව අමතමින් අමාත්‍යවරයා මෙසේ ද කීය.

‘‘අද තරුණයා නූතනත්වය සමග නව්‍යකරණය විය යුතු බව මම විශ්වාස කරනවා. මෙම නූතනත්වය හා නව්‍යකරණය කරා යන ගමනේදී අපේ රටේ තරුණයාගේ අනාගතය ගොඩනගා ගන්නේ කෙසේද, අනාගතය සැළසුම්කරගත යුත්තේ කෙසේද යන කාරණා පිළිබදව අපි වැඩි අවධානයක් යොමු කළා.

ඉතිහාසයේ තුළ ඒ සඳහා අවධානයක් යොමු නොවීම නිසා නොයෙක් අවස්ථාවල විරැකියා ප්‍රශ්නය, රැකියා වෙළඳපොළට සරිළන ශ්‍රමිකයින් නොමැතිකම, රට තුළ ව්‍යවසායකයින් අඩු වීම, පවතින ව්‍යවසායකයින්ට වෙළඳපොළ නොමැතිවීම වැනි විවිධ අභියෝගවලට මුහුණපාන්න සිදු වී තිබෙනවා.

ගමේ එක දරුවෙක් දොස්තර කෙනෙක් වුණාම ගමේ හැමෝම උත්සහා කරන්නේ තමන්ගේ දරුවා දොස්තර කෙනෙක් කරන්න. එක ළමයෙක් ක්‍රිකට් ගහලා ජාතික කණ්ඩායමට තේරුණොත් මුලු ගම ම ක්‍රිකට් ගහන්න ගන්නවා. මේ ක්‍රමය වෙනස් කර එක් එක් පුද්ගලයාගේ දක්ෂතාවය මත තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න අවශ්‍යයි.

මීට පෙර බොහෝදුරට මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවෙන් සිදු වුණේ තරුණයන්ව රැකියාගත කිරීම සදහා සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමයි. මම අමාත්‍යාංශය භාර ගත්තාට පසු මෙම ක්‍රමවේදය වෙනස් කර මේ ආයතනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපි තීන්දු කළා. මෙම දෙපාර්තමේන්තුවට අනුබද්ධ නිළධාරියෙක් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට ම ඉන්නවා.

දරුවන්ට, පාසල් අවධියේ සිට ජීවිතය ගොඩනගා ගන්නේ කෙසේද තම තමන්ගේ හැකියාවන් මොනවාද ඒ තුළ තමාට ගොඩනගා ගත හැකි අනාගතය කුමක්ද කියන කාරණය පිළිබදවත් අදහසක්, බලාපොරොත්තුවක් ලබා දිය යුතුයි.

එලෙස පැවැත්වූ එක් වැඩසටහනක ජයග්‍රහණ ලැබූ සියලු දෙනා අද ඇගයීමට ලක් වුණා. ඔවුන්ට සුබ පැතුම් එක් කරන ගමන් අධ්‍යක්ෂතුමියටත් ස්තූතිවන්ත වෙනවා මේ සදහා තමාගේ කාර්‍යමණ්ඩලය සමගින් උපරිමයෙන් කටයුතු කිරීම සම්බන්ධව. ඒ හරහා අපේ ඉලක්කයන් වෙත යන්න මෙම ආයතනය හැඩ ගැසී තිබෙනවා.

එක් කණ්ඩායමක් ලෙස මේ සියලු වැඩ කටයුතු සාර්ථක කරගන්න නොයෙක් ක්ෂේත්‍රයන් වල 40,000 කට වැඩි පිරිසක් සම්බන්ධ වුණා. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා නව තාක්ෂණය උපයෝගී කර‍ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණා. මේ සදහා කැපවූ සියලුදෙනාට මම ස්තූතිවන්න වෙනවා.

මේ ආයතනය හරහා ඉදිරියේදී වැදගත් වැඩසටහන් රාශියක් දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, යෞවන සමාජ ව්‍යාපාරය, යොවුන් පාර්ලිමේන්තුව, තරුණ සේවා සභාව, යොවුන් සේනාංකය වැනි මේ සියලුම ආයතන එකට එකතු කරගෙන මේ ගමන අපි ඉදිරියට යා යුතු බව මා දැඩි සේ විස්වාශ කරනවා.

අපේ රටේ දැනට රැකියා ප්‍රශ්නය 28% පමණ ඉක්මවා ගිහින් තිබෙන බව දැනට ලැබී තිබෙන සංඛ්‍යා ලේඛනවලින් වාර්තාවෙනවා. මෙය ඉදිරි අවුරුදු තුන, හතර තුළ 12% කටවත් අවම කරගැනීමට හැකිවුණොත් 2030 වසර වනවිට 5% ක වැනි අඩු මට්ටමකට ගෙනියන්න පුලුවන් වෙයි කියා අපි විස්වාශ කරනවා.

එවැනි ඉලක්කයන් වෙත යාමට අපි වැඩ කටයුතු සිදු කරගෙන යනවා. ඒ සදහා සැවොම කැපවෙමු. දෙපාර්තමේන්තුවක් ලෙස ඔබ සියලුදෙනාගේ වැඩ කටයුතු අපි අගය කරනවා‘‘ යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතා, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය ඇතුළු දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.

– මාධ්‍ය ඒකකය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රැකියා ප්‍රශ්නය 28% ඉක්මවලා.. 2030දී අඩු කරන්න පුලුවන්…
රැකියා ප්‍රශ්නය 28% ඉක්මවලා.. 2030දී අඩු කරන්න පුලුවන්…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxwW5boIln9qE57C0cOrX6wLYDZ1dAlAa97WX9zwwkgHRGhfZVQQgpn2wBC0KiLGZyvfebLqsInsu6ThcieXxCawYeWdzlf7IqCgEX9XEkLS137vgfFZz_B5iEoWjyYPMjG8i3ISB92VJD/s320/namal-raja.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxwW5boIln9qE57C0cOrX6wLYDZ1dAlAa97WX9zwwkgHRGhfZVQQgpn2wBC0KiLGZyvfebLqsInsu6ThcieXxCawYeWdzlf7IqCgEX9XEkLS137vgfFZz_B5iEoWjyYPMjG8i3ISB92VJD/s72-c/namal-raja.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/28-2030.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/28-2030.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy