රට තුළ සිමෙන්ති මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි සිමෙන්ති ආනයනකරුවන් සඳහන් කරති. සිමෙන්ති මිල ලෝක වෙළඳ පොලේ තවදුරටත් ඉහළ යමින් පැවතීම නිසා ආනය...
රට තුළ සිමෙන්ති මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි සිමෙන්ති ආනයනකරුවන් සඳහන් කරති.
සිමෙන්ති මිල ලෝක වෙළඳ පොලේ තවදුරටත් ඉහළ යමින් පැවතීම නිසා ආනයනය පිරිවැය ඉහළ යාමෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බව ඔවුන් පෙන්වා දෙති.
දැනට ආනයනය සිමෙන්ති කොට්ටයක් පිරිවැය පමණක් රුපියල් 1300 ඉක්මවන බව ද ඉදිරියේ දී මිල තවදුරටත් ඉහළ යා හැකි බවත් ඔවුන් කියා සිටිති.
පසුගියදා රජය සිමෙන්ති පාලනය ඉවත් කිරීමත් සමග සමාගම් විසින් සිමෙන්ති කොට්ටයක නව මිල ලෙස රුපියල් 1090 ලෙස ප්‍රකාශයට පත් කළේය.
නමුත් පවතින තත්ත්වය මත තවදුරටත් එම මිල සීමාව 1300 ඉක්මවා යනු ඇති බවද ආනයනකරුවන් පවසති.
මේ අනුව ඉදිකිරීම් කර්මාන්තයේ පිරිවැය විශාල වශයෙන් ඉහළ යාමට නියමිතව තිබේ.
දැනටමත් සිමෙන්ති හිගය මත ඉදිකිරීම් කර්මාන්තය දැඩි ලෙස අඩාල වී ඇත.

COMMENTS