දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමැති රොෂාන්ට ලේසි වෙන එකක් නෑ... පරාක්‍රම සමුද්‍රයට අත තියන්න දෙන්නේ නෑ... ජීවිත පූජා කරන්න මහ සඟරුවන ප්‍රතිඥා දෙති - (video)
Homeප්‍රවෘත්ති

ඇමැති රොෂාන්ට ලේසි වෙන එකක් නෑ... පරාක්‍රම සමුද්‍රයට අත තියන්න දෙන්නේ නෑ... ජීවිත පූජා කරන්න මහ සඟරුවන ප්‍රතිඥා දෙති - (video)

PropellerAds

ලෝක උරුමයක් විය යුතු ජාතික සම්පතක ඇවිදින මංතීරු ඉදි කරමින් මතු කර ඇති ගැටලුව නිරාකරණය කර දෙන ලෙස ඉල්ලමින් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය සුර...

කෝප් කමිටුවේ එජාප මන්ත්‍රීවරුන් අර්ජුන් බේරාගැනීමේ උත්සාහයක
විග්නේශ්වරන් කොටි ධජය එසවීම ප්‍රතික්ෂේප කරයි
ඇමති පුතාගේ සැප රියේ ගැටී අයෙක් මරුට
ලෝක උරුමයක් විය යුතු ජාතික සම්පතක ඇවිදින මංතීරු ඉදි කරමින් මතු කර ඇති ගැටලුව නිරාකරණය කර දෙන ලෙස ඉල්ලමින් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ජාතික ව්‍යාපාරය අදහස් පළ කළේය. එහි සභාපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල හිමියන් එහිදී අවධාරණය කර සිටියේ, පරාක්‍රම සමුද්‍රය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවී සිටින බවයි. ‍

”ඊයේ දවසේ පොළොන්නරුවේම පන්සල්වලට ලියුම් බෙදුවා. පෞද්ගලිකව බෙදලා කියනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් මේක තමයි පොළොන්නරුවේ බෙදුවේ සියලුම පන්සල්වලට වඩින්න කිව්වා. ආවට පස්සේ දේශනයක් පැවැත්වුවා. රලපනාවට හානියක් වෙන්නේ නැහැ මංතීරුව හදමු. අනේ ඉතින් අපේ හාමුදුරුවරු දන්නේ නැහැ උන්වහන්සේලාට අපි අනුකම්පා කරන්න ඕනේ උන්වහන්සේලා වැඩියා 65ක් 66 ක් වැඩියා සාකච්ඡා පැවැත්වුවා බණ ඇහුවා වගේ අහගෙන හිටියා උන්වහන්සේලා ආපහු වැඩම කළා පන්සල්වලට 20 ක් විතර බන්ට් එකට වැඩියා. හැබැයි මේකට අත තියන්න හම්බවෙන්නේ නැහැ. දිවිහිමියෙන් මේ සමුද්‍රය ආරක්ෂා කරනවා කියලා සිහිපත් කරනවා”

ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ පොළොන්නරුවට අනවශ්‍ය මෙම ඉදි කිරීම පිළිබඳ දැනුවත් වන ලෙසයි.

”ඉදිරියේදී යන්න පුළුවන් ඉහළම තැනට ගමන් කරනවා. ඉතාම කාරුණිකව ඉල්ලනවා අපේ ජනාධිපතිතුමාට ගෝඨාභය රාජපක්ෂ මැතිදුනි ඔබතුමා දැනුවත් වෙන්න මේක පොළොන්නරුවට අවශ්‍ය නැහැ. කියන එක තේරුම් ගන්න අධික වර්ෂාවක් එලඹෙන කාලය නිසා මේක තිබුණු තත්ත්වයට ගල්ටික හදලා දෙන්න කටයුතු කරන්න”

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධිකරණ සංඝනායක පූජ්‍ය යටිහලගල උපතිස්ස හිමි මෙහිදී පළ කළේ මෙවැනි අදහසකි.

”යම් දවසක මෙහි වැඩ ආරම්භ කරන්නේ නම්, එදාට මෙහි සංඝරත්නය වෙනුවෙන් සමස්ත ගොවි ජනතාව වෙනුවෙන් වැවට පැන ජීවිතය තොර කර ගනිමින් සමස්ත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පරාක්‍රම සමුද්‍රය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා ”

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික් හින්දු පූජකවරුන්ගේ සංගමය මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික් මුස්ලිම් සංවිධානය ද පරාක්‍රම සමුද්‍රය රැක ගැනීම වෙනුවෙන් මේ වනවිට ඉදිරිපත්ව සිටී.

මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වූ හින්දු පූජකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍රීව ශ්‍රී කේ. දයානන්ද කුරුක්කල්තුමා අවධාරණය කර සිටියේ , බොළඳ ඇමතිවරු සිදුකරන මෙම කාර්ය වහාම නවත්වන ලෙසයි.

”මේ බොළඳ ඇමතිලා කරන වැඩේ වහාම නවත්වන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ ඒ වගේම මේක හදන්න වෙහෙස දරනවා නම්, ඒක නවත්වන්නත් අපි දන්නවා. එදාට අපි සියලු ගොවි ජනතාව සමග එතන ඉදිවි”

පොළොන්නරුව දිස්ත්‍රික් මුස්ලිම් සංවිධානයේ සභාපති එස්.ඒ.ෂමර් පැවසුවේ, පොළොන්රුවේ ජීවිත ජීවත් කරවන ලොකුම වස්තුව වන පරාක්‍රම සමුද්‍රයට හානියක් වන්නේ නම්, ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ද ඒ වෙනුවෙන් පෙනී සිටින බවයි.

”අපේ වැව පරාක්‍රම සමුද්‍රයට මොනවා හරි හානියක් වෙනවා නම් අපි ඒකට විරුද්ධයි අපේ පොලොන්නරුවේ තියෙන එකම ලොකුම වස්තුව ඒකයි පොළොන්නරුවේ ජිවත්වන මිනිස්සුන්ට ඒක හුගාක් උදව්වෙලා ජිවත්වෙනවා ඒ හින්දා ඒකට හානියක් වෙනවානම් මුසිල්ම ජනතාව වෙනුවෙන් අපි විරුද්ධත්වය ප්‍රකාශ කරනවා අපි”

හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා ද මෙම සටනට එක් වූයේ අනාගත පරම්පාවරාව වෙනුවෙන් පරාක්‍රම සමුද්‍රය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි.

හිටපු විගණකාධිපතිවරයා අවධාරණය කර සිටියේ, මෙහි එක් පස් පිඩැල්ලකට හෝ අත නොතැබිය යුතු බවයි.”මේක සම්පුර්ණයෙන්ම හෙලා දැකලා නොකළයුතු කාරණයක් හැටියටයි මම දකින්නේ අවුරුදු දහස් ගාණක් තිබ්බ මේ වැව් බැම්ම තව අවුරුදු ගාණකට ආරක්ෂා කර දීමේ වගකීම තියෙනවා මේ රටේ ජනතාවට මේ පොළොන්නරුවේ ජනතාවට මේක අපි වෙනුවෙන් තියෙන එකක් පමණක් නෙවෙයි මේක දහස් ගාණක් මිනිස්සු වෙනුවෙන් පවත්වාගෙන යන්න ආරක්ෂා කරලා දෙන්න ඕනේ බැම්මක් හැටියටයි මම දකින්නේ ඒ සදහා මේකේ පස් පිඩැල්ලකට අත නොතැබිය යුතුයි කියන එක ඉතාම වගකීමෙන් මම කියනවා” 

-නිව්ස් ‌ෆස්ට්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමැති රොෂාන්ට ලේසි වෙන එකක් නෑ... පරාක්‍රම සමුද්‍රයට අත තියන්න දෙන්නේ නෑ... ජීවිත පූජා කරන්න මහ සඟරුවන ප්‍රතිඥා දෙති - (video)
ඇමැති රොෂාන්ට ලේසි වෙන එකක් නෑ... පරාක්‍රම සමුද්‍රයට අත තියන්න දෙන්නේ නෑ... ජීවිත පූජා කරන්න මහ සඟරුවන ප්‍රතිඥා දෙති - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZdx4c2YHc-2iV5x6X2vheUyl2He5r_Ji3pT2GuCnkoR9NeiJ5WWG8S3JzyNTpRXjK8dVQ8y_HDG_UF_f-rQTRK8ltFou8DONVF-4X-NFnyl4dIArhF76Tq3xVr06-h5J3tg7GraWuqXfX/w320-h167/aa-2-750x375.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZdx4c2YHc-2iV5x6X2vheUyl2He5r_Ji3pT2GuCnkoR9NeiJ5WWG8S3JzyNTpRXjK8dVQ8y_HDG_UF_f-rQTRK8ltFou8DONVF-4X-NFnyl4dIArhF76Tq3xVr06-h5J3tg7GraWuqXfX/s72-w320-c-h167/aa-2-750x375.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/video_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/video_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy