මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇත්තේ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වැඩ බාරගැනීමට බව මේ වනවිට අනාව...
මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇත්තේ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වැඩ බාරගැනීමට බව මේ වනවිට අනාවරණය වී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අමෙරිකානු සංචාරය ආරම්භ කිරීම සදහා දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම මහින්ද සමරසිංහ මහතා සමග සාකච්ජා කොට ඇති අතර එහිදී ජනාධිපතිවරයා අමෙරිකානු තානාපති ධූරය බාරගන්නා ලෙස සමරසිංහ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
මේ වනවිට මානව හිමිකම් ප්‍රශ්නය මුල්කරගෙන ජාත්‍යන්තරය තුළ ලංකාව බරපතළ ගැටලුවකට මුහුණ දී ඇති අතර වොෂින්ටනය එහි කේන්ද්‍රස්ථානයක් වී ඇති ආකාරයක් දැකගන්නට ඇත.
මෙතෙක් අමෙරිකානු තානාපතිවරයා වශයෙන් කටයුතු කළ රවිනාථ ආර්යසිංහ මහතා සිය විශ්‍රාම යාම ප්‍රකාශයට පත් කිරීමත් සමග එම ධූරය බාරගැනීම සදහා නියම සුදුස්සා මහින්ද සමරසිංහ මහතා බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.
මන්ද යත් මහින්ද සමරසිංහ මහතා අවස්ථා කිහිපයකම මානව හිමිකම් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර විශාල අත්දැකීම් ප්‍රමාණයක් සහිත පුද්ගලයකු වන අතර වරක් ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්කිරීමටද සමරසිංහ මහතා පියවර ගෙන තිබිණ.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලීමට එකගත්වය පළ කිරීමට සමරසිංහ මහතා තිරණය කොට ඇති බව දැනගන්නට තිබේ.
මේ වනවිටත් ඊට අදාළ ලියකියවිලි සකස් කෙරෙමින් පවතින බවද දැනගන්නට ඇත.

COMMENTS