සින්නයියා මහතා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් තුන්වැනි ස්ථානයේ පසුවේ. ඔහුට ඉදිරියෙන් සිටින නිළධාරීන් දෙදෙනාටම පසුගිය රජය සමයේදී කොළඹ ද්‍රව...
සින්නයියා මහතා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් තුන්වැනි ස්ථානයේ පසුවේ. ඔහුට ඉදිරියෙන් සිටින නිළධාරීන් දෙදෙනාටම පසුගිය රජය සමයේදී කොළඹ ද්‍රවිඩ තරුණයන් පිරිසක් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
ට්‍රෙවිස් සින්නයියා මහතා කීර්තිමත් සේවා ඉතිහාසයක් සහිත නාවික නිළධාරියෙකු වන අතර සාමාන්‍ය නාවික සෙබළුන්ගේ සිත් දිනාගත් ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකි.
2011 වසරේදී එවක පැවති පාලනයේ විවිධ කෙනෙහිලිකම් නිසා ඔහුට හමුදා සේවය අත්හැර යාමට සිදුවූ අතර ඉන්පසු සින්නයියා මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කළේය. කෙසේ වෙතත් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ඔහුට නැවතත් හමුදා සේවයට එක්වීමට හැකි වූ අතර ඉන්පසු නැගෙනහිර පළාත් අඥාපතිවරයා ලෙස ද කටයුතු කළේය.
COMMENTS