දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එපා කියද්දි ලංකාදීපෙට ගිය CIDය ලංකාදීප ඔෆිස් එකේ දිවයින කර්තෘව හොයලා!
Homeප්‍රවෘත්ති

එපා කියද්දි ලංකාදීපෙට ගිය CIDය ලංකාදීප ඔෆිස් එකේ දිවයින කර්තෘව හොයලා!

PropellerAds

පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්‍රියා...

පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්‍රියා නොකිරීම සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙයි.

සුඳුළූණූ වංචා සිද්ධිය ගැන පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාගෙන් ලබාගත්  තොරතුරු පදනම් කරගෙන ලංකාදීප පුවත්පත පසුගියදා හෙළිදරව්වක් කළ අතර එම හෙලිදරව්ව අනුව එම තොරතුරු පිට කළ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධනගෙන් කරුණු විමසනු වෙනුවට ලංකාදීප පුවත්පත් කාර්යාලයට ඊයේ උදේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් ගොස් එම කතුවරයා ප්‍රශ්න කිරීමට උත්සාහ කර තිබුණි.

එම අවස්ථාවේ තමාට මේ අවස්ථාවේ ඒ ගැන කිව නොහැකි බව කතුවරයා දන්වා සිටි නිසා ඔවුන් වෙනත් දිනයක එන බව දක්වමින් වැඩි වේලාවක් රැඳී නොසිට පිටව ගොස් තිබුණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදී අදහස් දක්වා තිබූ ජනමාධය ඇමති ඩලස් අලහප්පෙරුම කියා සිටියේ අගමැති උපදෙස් පරිදි තමාද පොලිසියට එවැනි ප්‍රශ්න කිරීමක් නොකරන ලෙස දන්වා තිබූ බවයි. නමුත් එම කාරණාව පසෙක තබා අපරාධ පරීක්ෂණ නිලධාරීන් පුවත්පත් කතුවරයා ප්‍රශ්න කිරීමට ගොස් තිබුණ අතර ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්‍රියා නොකිරීම සම්බන්ධව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර වහාම විමර්ශනයක් සිදුකරන ලෙස දන්වා ඇත.

 සුඳුළූණූ වංචා සිද්ධිය සම්බන්ධව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකෙරෙමින් පවතින පරීක්‍ෂණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා පුළුල් පරීක්‍ෂණයක් සිදු කරන මෙන් අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති පසු බිමක මේ දේවල් සිදුවිය.

 කෙසේ වෙතත් පුවත්පත් ආයතනවලට අපරාධ පරීක්ෂණ නිලධාරීන් පැමිණ තොරතුරු පළ කිරීම සම්බන්ධව මේ ආකාරයට ප්‍රශ්න කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්මට හා මාධ්‍ය නිදහසට හිතකර නොවන බවට මාධ්‍ය සංවිධාන ගණනාවක් දන්වා ඇත. එය අනියම් ආකාරයේ ‘තර්ජනය කිරීමක්‘ ලෙසද හඳුන්වා ඇත.

මේ අතර ලැබෙන තොරතුරු අනුව ඊයේ ලංකාදීප පුවත්පත් කතුවරයා හමුවීමට පැමිණි අය අත තිබූ ලියමනක ලංකාදීප කාර්යාලයේ කර්තෘ ප්‍රශ්න කිරීමට අමතරව එහි සේවය කරන ‘දිවයින‘ පුවත්පතේ කර්තෘ ගැනද සොයා බලා ඇති අතර දිවයින පුවත්පත පළ කරන්නේ තම ආයතනය නොවන බවට කියාදීමට සිදුව ඇත. සාමාන්‍ය දැනීම සම්බන්ධ කාරණාවක්වූ එය හාස්‍යයට කාරණාවක්වූ බවද වාර්තා විය. ලංකාදීප පුවත්පත විජය පුවත්පත් සමාගම මගින්ද දිවයින පුවත්පත උපාලි පුවත්පත් සමාගම මගින්ද පළ කරන අතර ඒ දෙකේ කතුවරුන් සිටින්නේ තැන් දෙකක කාර්යාල දෙකකය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එපා කියද්දි ලංකාදීපෙට ගිය CIDය ලංකාදීප ඔෆිස් එකේ දිවයින කර්තෘව හොයලා!
එපා කියද්දි ලංකාදීපෙට ගිය CIDය ලංකාදීප ඔෆිස් එකේ දිවයින කර්තෘව හොයලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGi7NekAYD7zgqLOlJmPp6hIbBFFJ6aNZUrmx9FIEWGfccxJGjRTDiHd8RmsHG9_ydnYE7AzxWjP1pKii_HJgIats5Be_pHekBFKBilwkNx_nDzY4wYU1mC1CedXL7O9q0BR8yQSV1gp17/s320/lankadeepa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGi7NekAYD7zgqLOlJmPp6hIbBFFJ6aNZUrmx9FIEWGfccxJGjRTDiHd8RmsHG9_ydnYE7AzxWjP1pKii_HJgIats5Be_pHekBFKBilwkNx_nDzY4wYU1mC1CedXL7O9q0BR8yQSV1gp17/s72-c/lankadeepa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/cid_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/cid_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy