ඌරු මස් මදි යයි පොලිස් කොස්තාපල්වරයෙකුට අමානුෂික ලෙස පහර දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවර...
ඌරු මස් මදි යයි පොලිස් කොස්තාපල්වරයෙකුට අමානුෂික ලෙස පහර දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. නුවරඑළියේ පොලිස් සංචාර බංගලාවකදී මෙම සිදුවීම සිදුව ඇත්තේ 2019 පෙබරවාරි මාසයේදීය.
සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණයක් මත නීතිපති විසින් මෙලෙස උපදෙස් ලබාදී තිබේ.
අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පවුලේ සාමාජිකයන් සමග නිවාඩුවක් ගත කිරීමට කිසිම බංගලාවට පැමිණි අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇත.
අදාල නියෝජ්‍ය පොලිස්පතිවරයා කලින් පැවිදිව සිට පසුව උපැවිදි වී පොලිස් සේවයට එක් වූවෙක් යයිද වාර්තා වෙයි.

COMMENTS