දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චමල් රාජපක්ෂ ප‍්‍රතිකාර ලබන රෝහලේ අත්බෝම්බය තබා ඇත්තේ එය මුලින්ම දුටු කෙනාමයි - අරමුණ හෙළිවෙයි
Homeප්‍රවෘත්ති

චමල් රාජපක්ෂ ප‍්‍රතිකාර ලබන රෝහලේ අත්බෝම්බය තබා ඇත්තේ එය මුලින්ම දුටු කෙනාමයි - අරමුණ හෙළිවෙයි

PropellerAds

නාරාහේන්පිට ලංකා හොස්පිට්ල් පෞද්ගලික රෝහලේ වැසිකිළියක් තුළ තිබී පෙරේදා සොයාගත් මදුරු දඟරයක් සවි කළ අත් බෝම්බය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණව...

ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුනට හූ නොකියනු..අපහාස නොකරනු..- මහින්ද-ගෝඨා සියළු පොහොට්ටුවන්ට දන්වති
ISIS සැකකරුවන් 127 ක් ඉන්දියාවේ දී කොටුවෙයි - සහරාන්ට සහය දැක්වු පිරිසකුත් ඒ අතර
ISIS සැකකරුවන් 127 ක් ඉන්දියාවේ දී කොටුවෙයි - සහරාන්ට සහය දැක්වු පිරිසකුත් ඒ අතර
නාරාහේන්පිට ලංකා හොස්පිට්ල් පෞද්ගලික රෝහලේ වැසිකිළියක් තුළ තිබී පෙරේදා සොයාගත් මදුරු දඟරයක් සවි කළ අත් බෝම්බය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී පොලිසිය පුදුමයට පත් කළ සොයාගැනීමක් සිදු කරන්නට හැකිව ඇත.

සිද්ධිය සිදුවූ අවස්ථාවේ ඒ සම්බන්ධ ඇතිවූ සැකයට කට උත්තර ලබාගත් දෙදෙනකු ඊයේ දින දවල් අත්අඩංගුවට පත්වූ අතර එම දෙදෙනා කතා කරන ආකාරය ගැන ඇතිවූ සැකය මත දිගින් දිගටම ප්‍රශ්න කරද්දී එම බෝම්බය ගෙනවිත් වැසිකිලියේ තබා බෝම්බ බියක් ඇති බවට කතාව පතුරා ඇත්තේ ඉන් එක් අයකු බව හෙළිව ඇත.

අත්බෝම්බය එහි තබා ඒ පිළිබඳ ඔත්තුව ද ඔහු විසින්ම ලබාදී රෝහලෙන් ත්‍යාග මුදලක් ලබාගැනීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකර ඇති බව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී  අනාවරණ වී තිබේ.

ඊයේ උදේ වාර්තාවූයේ පුද්ගලයන් එකොළොස් දෙනකුගෙන් පමණ මේ සඳහා ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය සූදානමින් සිටි බවයි.

කෙසේ වෙතත් වැඩිම සැකය සහිත දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගෙන සීසීටීවී ඇසුරින්ද විමර්ශන මෙහෙයවීමේදී මෙම දෙන්නා ගැන සැකය වැඩිපුර පැනනැගී ඇත.

ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශන වලට අමතරව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය ද විමර්ශන පැවැත්වීමට එකතු විය.

එම රෝහල් පරිශ්‍රයේ පළමුවන මහලෙහි වැසිකිළියට ගිය පුද්ගලයකු මෙම බෝම්බය මුලින්ම දැක ප්‍රධාන ආරක්ෂක නිලධාරීයාට කළ දැනුම් දීමකින් පසු ආරක්ෂක නිලධාරියා විසින් සුරක්ෂිතව බෝම්බය එම ස්ථානයෙන් ඉවත් කරන ලද අතර සේවකයන්ගේ රථ ගාල අසල ආරක්ෂාකාරීව තැබීමට කටයුතු කළ බව මුලින් වාර්තා විය.බෝම්බයට මදුරු දඟරය සම්බන්ධ කිරීමට යොදාගත් නූල මදුරු දඟරය දැල්වීමෙන් පසු දැවී යාමත් සමඟම බෝම්බය පුපුරා යාමට සකස් කර ඇති අයුරක් දිස්වුවද තාක්ෂණිකව එය සිදුවන්නට ඉඩක් නොතිබූ බව පසුව හෙළි විය.

බෝම්බය ඇති බවට සඳහන් කළ පුද්ගලයාම බෝම්බය තබා ඇති අතර ඔහුට මෙම බෝම්බය පිපිරවීමට අදහසක් තිබී නැත.

මෙම රෝහලේ චමල් රාජපක්ෂ ඇමතිවරයා හා තවත් ප්‍රභූ පුද්ගලයෙකු විශේෂ වශයෙන් මේ දිනවල ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන් දෙන්නා වෙනුවෙන් විශාල ආරක්ෂක විධිවිධාන සලසා ඇති පසුබිමක මෙම බෝම්බය රැගෙන විත් මේ ලෙස අටවා තිබුණි.

ප්‍රභූ පුද්ගලයන් දෙදෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා අතරවාරයේ බෝම්බයක් සොයාගත්තාය යන කාරණාව මත විශාල මුදල් ත්‍යාගයක් ලබාගත හැකිවේය යන අදහසින් බෝම්බය ඇටවූ බව අත්අඩංගුවට පත්වූ පුද්ගලයා පවසා ඇත. කෙසේ වෙතත් ඔහු කියන කරුණු තවදුරටත් විමර්ශනය කරන අතර ඔහුට මෙවැනි බෝම්බයක් සොයාගන්නට ලැබුනේ කෙසේද යන්න ගැනද පරීක්ෂණයක් අරඹා ඇත. ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29340,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චමල් රාජපක්ෂ ප‍්‍රතිකාර ලබන රෝහලේ අත්බෝම්බය තබා ඇත්තේ එය මුලින්ම දුටු කෙනාමයි - අරමුණ හෙළිවෙයි
චමල් රාජපක්ෂ ප‍්‍රතිකාර ලබන රෝහලේ අත්බෝම්බය තබා ඇත්තේ එය මුලින්ම දුටු කෙනාමයි - අරමුණ හෙළිවෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgb8VZyCQFwCsg0zFzZbXVymNGI44193ZCwgUdZ9Xrc12QnhUgBCEfRPwBNmGK5KkuWuEE_oaswoxWMn9gstm5II74v6agX5Zjr0u-E1GW7nzZlT41lOuZdllSOkOnVYzmxCF80Ll7fKVED/s320/lanka-hospital.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgb8VZyCQFwCsg0zFzZbXVymNGI44193ZCwgUdZ9Xrc12QnhUgBCEfRPwBNmGK5KkuWuEE_oaswoxWMn9gstm5II74v6agX5Zjr0u-E1GW7nzZlT41lOuZdllSOkOnVYzmxCF80Ll7fKVED/s72-c/lanka-hospital.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_943.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_943.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy