දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහ පරිමාන වී මෝල් හිමියන්ගේ වී-සහල් තොග රජයට පවරා ගන්නැයි නියම කෙරේ!
Homeප්‍රවෘත්ති

මහ පරිමාන වී මෝල් හිමියන්ගේ වී-සහල් තොග රජයට පවරා ගන්නැයි නියම කෙරේ!

PropellerAds

මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩා අත්පත් කරගෙන එහි ඇති සහල් හා වී තොග වෙළෙඳපොළට මුදාහැරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙළෙඳ ඇම...

අලුත් කතානායක චමල්.. සභානායක, සංවිධායක යෝජිත නම් මෙන්න
ඡන්ද ප‍්‍රතිඵලය ජනතාව පෙට්ටියට දැමූ ඒවා තමයි.. පෙට්ටි මාරු කරලත් නෑ.. ජිල්මාට් නෑ.. පාර්ලිමේන්තුවෙන් එලියේ සටන් කරනවා - අනුර කුමාර
SJB ජාතික ලයිස්තුවට පොරකති.. ප‍්‍රකාශිත ජාතික ලයිස්තුව අකුලා ගනිති
මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩා අත්පත් කරගෙන එහි ඇති සහල් හා වී තොග වෙළෙඳපොළට මුදාහැරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනට උපදෙස් ලබාදී තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී පෙරේදා (6 වැනිදා) මෙම උපදෙස් ලබාදී ඇත.

අතර මැදියන් වී රැස් කිරීම හේතුවෙන් සහල් මිල පාලනය කිරීමට නොහැකි බවට මහා පරිමාණ වී මෝල් හිමියන් මීට පෙර ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණි. එහෙත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලියාපදිංචි නොකළ ගබඩා තුළ තිබූ වී මෙට්‍රික් ටොන් ලක්ෂ ගණනක් සොයා ගෙන අත්‍යවශ්‍ය සේවා ​කොමසාරිස්වරයා යටතට පත් කර තිබේ. එම වී තොග සහල් බවට පත් කරන ලෙස ආණ්ඩුව මහා පරිමාණ වී මෝල් හිමියන්ගෙන් කළ ඉල්ලීමක්ද ප්‍රතික්ෂේප කර ඇත.

මේ අනුව මෙම සතියේදී මහා පරිමාණ වී මෝල් හිමියන් සතු වී ගබඩා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා යටතට පත්කර කුඩා පරිමාණ වී මෝල් හිමියන්ට ලබාදී සහල් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇත. වෙළෙඳපොළේ සුදු හා රතු කැකුළු මෙන්ම නාඩු සහල් තිබුණ ද සම්බා හා කීරි සම්බා සහල් නොමැති බවද අනාවරණය වේ.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ වී මෝල් හිමියන් හතර දෙනා පෙරේදා (6 වැනිදා) දිනයේදී වෙළෙඳපොළට නිකුත් කර ඇත්තේ සහල් කිලෝග්‍රෑම් තුන්ලක්ෂ විසිහයදහස් දෙසීය හැත්තෑවක් (326270) ක් පමණක් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය අනාවරණය කරයි.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙම සහල් මෝල් හතර මගින් ලබාගත් තොරතුරුවලට අනුව ගබඩාවල වී කිලෝග්‍රෑම් මිලියන 136 ක් ඇති බවද අනාවරණය වී ඇත. කීරි සම්බා, සම්බා කැකුළු, සම්බා, රතු කැකුළු, රතු නාඩු, සුදු කැකුළු හා නාඩු සහල් අවම වශයෙන් මෙම වී මෝල්වලින් වෙළෙඳපොළට නිකුත් කර තිබේ.

– aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහ පරිමාන වී මෝල් හිමියන්ගේ වී-සහල් තොග රජයට පවරා ගන්නැයි නියම කෙරේ!
මහ පරිමාන වී මෝල් හිමියන්ගේ වී-සහල් තොග රජයට පවරා ගන්නැයි නියම කෙරේ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPuYTCjCIPAmCdtHT07hDa92iYtfKGtYyCNoDcWkvqQyApm5oS6hdxXA2cSChYzNUrLJffP-LaYKiHuscrrPgKqQogOoUC-LjV2G2gC011XRDYsNVXLo8JFw32ZWeFR0ubxXpebPsT3Q-8/s320/45-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPuYTCjCIPAmCdtHT07hDa92iYtfKGtYyCNoDcWkvqQyApm5oS6hdxXA2cSChYzNUrLJffP-LaYKiHuscrrPgKqQogOoUC-LjV2G2gC011XRDYsNVXLo8JFw32ZWeFR0ubxXpebPsT3Q-8/s72-c/45-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_887.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_887.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy